මගේ ලෝකයට ආපු ඔයාට!

ආයුබෝවන් !

මම දන්නෙ නෑ ඔයා කවුද කියලා.ඒකට කමක්නෑ. මගේ ලෝකයට ඔයාව සාදරයෙන් පිලිගන්නවා. අහ් මම කවුද කියල ඔයත් දන්නෙ නෑනේ නේද?
ඉන්නකෝ මම කියන්නම්
                          My self

image

මම ලක්ෂිත. නුවර ජීවත්වෙන අවුරුදු 21ක කොල්ලෙක්.මේ දවස්වල ගෙදරට වෙලා අලස සුවය විඳිනවා. මොකද දන්නවද? මම AL හොඳට පාස් වුනා කියල ආන්ඩුවෙන් මට අවුරුද්දක නිවාඩුවක් දීලා තියෙන්නේ😂😂 (නෑ නෑ බන් බ්‍රයිටෙක් නෙවෙයි දෙපාරක් කරල හෙන අමාරුවෙන් ගොඩ දාගත්තේ.)

හරි එහෙනම් මං ගැන ඔච්චර තමයි.(තව පංපොරි ගහන්න තියෙනවා නම් මම ආසයි. ඒත් කියන්න මොකුත් නෑනේ ආය) අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මම උසස් පෙල කලේ ජීව විද්‍යා අංශයෙන් ඒ කියන්නේ මම උසස් පෙල‍ට සිංහල කරලා නෑ. අඩුම තරමේ OL වලින් පස්සෙ රචනාවක් වත් ලියලා නෑ. එතකොට ඉතින් මගේ සිංහල දැනුම සුපිරි කියලා ඔයාට තේරෙනවනේ ඒ වැරදිවලට සමාවෙන්න කියල මම ඉල්ලනවා.

මම බ්ලොග් ලෝකයට අලුත් කෙනෙක් ඒ කියන්නේ ම‍ේ මගේ කුලුඳුල් බ්ලොග් එකේ කුලුඳුල් පෝස්ට් එක. හැබැයි මම බ්ලොග් ලියන්නෙක් විදිහට අලුත් වුනාට බ්ලොග් කියවන්නෙක් විදිහට නම් මම සෑහෙන්ට සීනියර් (ආඩම්බරයි 😇😇😇) මම බ්ලොග් කියවන්න පටන් අරන් දැන් අවුරුදු 5කට කිට්ටුයි.මේ ලඟක් වෙනකං ම මම පොඩි නොකියා ෆෝන් එකකින් තමයි බ්ලොග් කියෙව්වෙ.මම බ්ලොග් ලියන්න මෙච්චර පරක්කු වෙන්නත් ඒක එක හේතුවක් මොකද ඒකෙන් බ්ලොග් ලියන්න බෑනේ. අනික ලැප ඔන් කරගෙන ඩොන්ගල් ගහගෙන බ්ලොග් ලියන්න නෙවෙයි කියවන්න වත් මම කැමති නෑ ඒක මට බොරිං.අනික මම උසස් පෙල කරමින් හිටපු නිසා නිදහස් වෙලාවක් තිබුනෙත් නෑ.කොහොමහරි අද මට මගේ බ්ලොග් රාජයා සුභ මොහොතින් පටන්ගන්න ලැබුනා. හැම දේටම වෙලාව එන්න ඕනේ කියන්න‍ෙ ඒකනේ😋😋
ඉතින් අද ඉඳල ඔයාලට මගේ ලෝකය විවෘතයි. මගේ ලෝකයට ඇවිල්ලා ඔයාගේ comment එකකින් මගේ ලෝකය ලස්සන කරල යන්න කියල මම ඔයාගෙන් ඉල්ලනවා.

මම මොනවා ලියයිද

මේක මගේ බ්ලොග් එකනේ එතකොට ඉතින් ලියන්නේ මම කැමති දේ තමයි😂😂

ඒ කියන්නේ මේක කිසියම් විශයක් සම්බන්ධ බ්ලොග් එකක් නෙවෙයි.මට සංවේදී වෙන සෑම කරුණක් ගැනම මගේ අදහස මෙතන ලියවේවි.

මම ගොඩක් ම සංවේදී මොනවට ද කියලත් කියන්නම්කෝ
දේශපාලනය, සාහිත්‍යය,අධ්‍යාපනය වගේම ගොඩක් අය සංවේදීවන ආදරයටත් මම සංවේදීයි.

ඉදිරියේදී  මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔයා වගේම මම දන්න‍ෙත් නෑ ඉතින් මම එහෙම විශේෂ අත්දැකීමකට මුහුණ දුන්නොත් ඒවාත් මෙහි සඳහන් කරයි.

මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල කරා කියල කලින් කිව්වනේ ඉතින් ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව ගැනත් මම උනන්දුවක් දක්වනවා ඒ දේවල් ගැනත් අපි ඉඩ ලැබෙන විදිහට කතා කරමු.

එහෙනම් අදට ඇති. මගේ මේ බොරිං පිලිගැනීමේ කතාව කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි! අපි ඉක්මනට ආයෙත් හම්බවෙමු :):)

4 thoughts on “මගේ ලෝකයට ආපු ඔයාට!

  1. සෑම්

    එල..

    වර්ඩ් ප්‍රෙස් වලට වැඩිය බ්ලොග්ස්පොට් ලිව්ව නම් හොදා වගේ. මන්දා මට හිතුන දේ කිව්වෙ
    මම ලිව්වෙත් බ්ලොග්ස්පොට් නිසා 😉
    ජය වේවා….

    Liked by 1 person

    Reply
    1. lakshithakodithuwakku Post author

      තැන්ක්ස් අයියා මට බ්ලොගර් තේරුනේ නෑ ඒකයි මේකේ ලියන්න හිතුවේ :-):-)

      Like

      Reply

Leave a comment