සන්නා ෆේල්

ඡන්දෙ ඉවරවෙලා දැන් ටික දවසක් නිසා මේ කතාව ටිකක් පරණයි තමයි. ඒත් ඉතින් මේක  නොකියා ම බැහැ.

image

සන්නස්ගල මහතා කොළඹින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ බවත් ඔහු මැතිවරණයේ දී මනාප 40000ක් පමණ ලබාගත් නමුත් පාර්ලිමේන්තුවට යා නොහැකිව පරාජය වූ බවත් අප සියලු දෙනා දන්නා කරුණක්.

සන්නා පැරදුනේ ඇයි?මෙයට විවිධ පුද්ගලයන් විවිධ හේතු ඉදිරිපත් කරනවා. මේ මගේ හේතු දැක්වීමයි.

සන්නස්ගල මහතාගේ ගම බදුල්ලේ හපුතලේ බව ප්‍රකටයි. බදුල්ලේ මුල් ඇති සන්නස්ගල කොළඹින් ඡන්දය ඉල්ලුවේ ඇයි. මෙයට මා දකින හේතුව නම් සන්නස්ගල බදුල්ලේ ජනයාට වඩා කොළඹ ජනයා රැඩිකල් හා ගතානුගතික අදහස්වලින් යම්තාක් මිඳුනු ප්‍රජාවක් බව සිතූ බවයි. මමද මෙම අදහස් හා එකඟයි. බැරිවෙලා වත් සන්නස්ගල බදුල්ලෙන් ඉල්ලුවේනම් මනාප සංඛ්‍යාව මීට බොහෝ අඩු වනු ඇති.

කොළඹ ප්‍රජාව යම් යම් දේ සම්බන්ධයෙන් රැඩිකල් අයුරින් සිතන නමුත් බහුතරයකට සන්නාගේ පඬිවදන් නොතේරුනු බව හා ඒවා තේරුම් ගැනීමට වේලාවක් හා  උවමනාවන් නොවූ බව පැහැදිලිය.

සන්නස්ගල සෑම විටම තම මතය තමාට වාසි වුවත් අවාසි වුවත් කෙලින්ම පවසන බවයි මගේ අදහස.
ඔහු ඡන්දය කට උඩ තබාගෙන වුවත් ජාතිවාදයට විරුද්ධව දැඩිව අදහස් පලකළා. එයත් ඔහුට අවාසියක් මිස වාසියක් ගෙන දුන්නේ නැහැ.එමෙන්ම ඔහුගේ නවකතාවල ඇති ඇතැම් කරුණු පවා ඔහුට විරුද්ධව යොදා ගත් සාහසික විලාසය අප දුටුවා.(ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු කතාව වැනි)
සන්නාගේ පරාජයට හේතු වූ තවත් කරුණක් ලෙස මා දකින්නේ සන්නා හදවතට නොව බුද්ධියට කතා කරන්නෙකු වීමයි. ආවේගශිලීව ප්‍රතිවාදියා කුනුහරප කියා හෝ පරාජය කිරීමේ ගතියක් ඔහුගේ නැහැ. රන්ජා එක වී සන්නා පැරදුනේ එනිසයි.

අම්මා කෘතියත්  ඔහුට සිදුකලේ අවාසියක් ද යනුවෙන් සිතේ මන්ද ඒ කෘතිය කියවූ බොහෝ දෙනෙක් පවසන්නේ සන්නා අම්මාට නොසැලකූ පුතෙක් මෙන්ම අම්මා විකුණා කෑ අයෙක් ලෙසයි. මම නම් එසේ නොසිතන අතර ඔහුගේ අවංකත්වයට  ගරු කරමි. එසේ තම ජීවිතයේදී අම්මාව මඟ හැරීමක් සන්නාට බනින අපේ බොහෝ සුචරිතවාදී මහත්වරුන්ට සිදුවිය හැකියි. නමුත් එවා අපට දැනගැනීමට නම් නොලැබෙනු ඇති ඒ ඔවුන් කවදාවත් සන්නා තරම් අවංක නොවන නිසාවෙන්.

“සන්නා හොඳ වෙළෙන්දෙක් ” මෙහෙම මතයක් සමාජයේ තියනවා ඉතින් මිනිස්සු සන්නා තමන්ගේ මනාපය අරන් ඒකත් විකුණයි කියල හිතුවා වෙන්නත් පුලුවන්.
සන්නා හොඳ  වෙළෙන්දෙක් තමයි. ඒත් ඔහු බාල බඩු විකුණන්නේනෑ ඒක තමයි මම නම් මෙතෙක් දැක්ක දේ. ලංකාවේ සිංහල ජාතිවාදය සහ යුද්ධය තරම් ලේසියෙන් විකුනගන්න පුලුවන් තවත් දෙයක් තියනවාද නෑ. විමල් සහ උදය කියන කිසිම ඡන්ද පදනමක් නැති පක්ෂ දෙකක නායක දෙපල විකුණුවේ ඒක.නමුත් හැමදෙයක්ම විකුනනවා කියන සන්නා කවදාවත් මේවා විකුනුවේ නැහැ.

අැත්තටම මේ කරුණු දිහා බැලුවහම මට හිතෙන්නේ සන්නාගේ පරාජයට හේතුව ඔහු පමනට වඩා ඇත්ත කීම කියලයි. අපි හොයන්නෙ තිත්ත ඇත්ත කියන අය නෙවෙයි අපිට ලස්සන හීන පෙන්නලා අපිව රවට්ටන අයවනේ. මොකද ලංකාවේ මිනිස්සු ගොඩාක් වෙනස්.

Leave a comment