RSS

165. උඹලෑ කකුල් වලටත් කෝල්ස්, එස් එම් එස් එහෙම එනවද මගෙ වගේ?

09 අගෝ.

දැන් මේ මාතෘකාව කියවලා පාඨක ජනතාව වැරදි තීරණ වලට බහින්න කලින් මේක කියවමු.

ඔන්න මම මගේ ජංගම දුරකථනය කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නවා. මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය (vibrate) වෙනවා. මම සාක්කුවෙන් ජංගමයා අරං බලනවා. එක්කෝ ඇමතුමක්. නැතිනම් කෙටි පණිවිඩයක්. ඒත් නැතිනම් වෙනත් දැනුම් දීමක්. ඇමතුමක් නම් මම කොලපාට බොත්තම ඇදලා ජංගමයා කණට තියාගෙන ‘හලෝ’ කියනවා. කෙටි පණිවිඩයක් නම් … ඔව් ඒ හරිය උඹලට කියන්න දෙයක් නෑනේ.

ඔය ගැන බ්ලොග් ලිපියක් ලියන්න දෙයක් නෑ. ගෙදරට කියන්න දෙයකුත් නෑ.

හරි දැං මේ සිද්ධිය බලමු.

ඉස්සෙල්ල වගේම මම ඔන්න මගේ ජංගම දුරකථනය කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නවා. මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය (vibrate) වෙනවා. මම සාක්කුවට අත දානවා. ජංගමයා නෑ. මම කලබල වෙලා අනිත් සාක්කුවට අත දානවා. මෙන්න තියෙනවා භාණ්ඩෙ. නමුත් ඒක තියෙන්නේ දකුණු සාක්කුවේ. මට හොඳටම විශ්වාසයි කම්පනය වුනේ වම් සාක්කුව කියලා. ඕනෙ මගුලක්. මම ජංගමයා පරීක්ෂා කරලා බලනවා. මුකුත් නෑ.

ඔන්න දැන් ටිකක් හිතට අමාරුයි.

හරි ඔහොම යංකෝ.

ඔන්න ඉස්සෙල්ල වගේම මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය වෙනවා. මම සාක්කුවට අත දානවා. ජංගමයා නෑ. මම කලබල වෙලා අනිත් සාක්කුවට අත දානවා. ජංගමයා ඒකෙත් නෑ. මම වටපිට බලනවා.මෙන්න ජංගමයා ඉන්නවා මේසෙ උඩ. කෝකටත් කියලා මම ඒක අතට අරං පරීක්ෂා කරලා බලනවා. මුකුත් නෑ.

ඔන්න දැන් තවත් හිතට අමාරුයි.

හරි ඒකත් එහෙමයි කියමුකෝ.

ඔන්න මම නානවා. ඇයි යකුනේ මම නානවා තමයි. මොකෝ කට ඇරං බලා ඉන්නේ? මෙන්න යකෝ වම් කලවේ පිට පැත්තේ උඩ හරිය කම්පනය වෙනවා. මොන මගුලක්ද මේ? හරියටම ඒක එන්නේ කළවේ මස්පිඬු අතර හංගලා තියෙන ජංගම දුරකථනයකින් වගේමයි. තාක්ෂනය තවම එච්චරටම දියුණු නැති නිසා මම දොරෙන් එබිලා බලනවා. ජංගමයා යහතින් ඉන්නවා නිදන කාමරේ ඇඳ උඩ. මට හොඳටම විශ්වාසයි මගෙ කකුලට දුරකථන ඇමතුමක් ආපු බව.

පස්සෙ මම ජංගමයා පරීක්ෂා කරලා බලනවා. මුකුත් නෑ.

මම කල්පනා කරනවා.

මම දුරකථනය කම්පනය වෙන්න (vibration mode) දාන්නේ බොහොම කළාතුරකින්. සාමාන්‍ය විදියට නාද වෙන්න තමයි තියෙන්නේ. මම ටිකක් කලබල වෙනවා. මේක දිගින් දිගටම වෙනකොට මම ගූගල් දෙවියන්ගේ පිහිට පතනවා. මෙන්න මෙහෙම.

Phantom Phone Vibrations

හම්මෝ දැනෙන සනීපෙ. Phantom phone vibrations කියලා කොටන කොටම මට තේරෙනවා මේක මට විතරක් වෙන සංසිද්ධියක් නෙවෙයි කියලා. මොකක් හරි කරදරයක් මට විතරක් නෙවෙයි වෙලා තියෙන්නේ කියලා දැනගන්න එක කොච්චර සහනයක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

හරි ගූගල් දෙවියා පෙන්නපු පාරවල් ගණනාවක මම ගිහින් බලනවා . ඒවයෙ තියෙන හැම දෙයක්ම කියලා ආතල් එක කඩන්න ඕනෙ නෑනෙ මම නම් ගැහුවෙ Phantom phone vibrations කියලා. උඹලත් Phantom phone vibrations ගහලා කියවලා බලලා ඒ ආතල් එක ගනිල්ලා.

කෙටියෙන් කිව්වොත් මට වගේ කකුලට දුරකථන ඇමතුම්. කෙටි පණිවිඩ හෙම එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෝකෙ ඉන්නවා.

මේකෙ ඒ හැටි අවුලක් නෑ.

මේ ගැන සිංහලෙන් පළවෙච්ච පළවෙනි ලිපිය මේක කියලා මම විශ්වාස කරනවා. නමුත් මම ඒක නම් හොයලා බැලුවේ නෑ.
දැන් මට කියාපල්ලා ළමයිනේ, උඹලටත් මෙහෙම දැනිලා තියෙනවද? නැතිනම් මෙහෙම වෙච්ච පළවෙනි ලාංකිකයා මමද? ඒක එහෙම වෙන්න බෑනේ. හරි කියාපල්ලා බලන්න.ලැජ්ජා වෙන්න එපා.

 
ප්‍රතිචාර 9

Posted by මත අගෝස්තු 9, 2015 in Phantom phone vibrations

 

ටැග:

9 responses to “165. උඹලෑ කකුල් වලටත් කෝල්ස්, එස් එම් එස් එහෙම එනවද මගෙ වගේ?

  1. Ajith Dharma

    අගෝස්තු 9, 2015 at 4:20 පෙ.ව.

    මටත් මෙහෙම වෙලා තිබෙනවා. චෙක් කරද්දී තේරුණා ජංගමේ නැතුවත් එනවා කියල. මන් හිතන්නේ මේක තම පළමු ලිපිය සිංහලෙන්.

     
  2. බෙලෙකා

    අගෝස්තු 9, 2015 at 10:40 පෙ.ව.

    ඔ…ඕ…..ඔව්නෙ..ඔය සන්තෑසිය මටත් වෙනව.වෙලාවකට අවට ශබ්ද වගේම කම්පන නිසාත් සාක්කුව වයිබ්‍රේට් වෙනව වගේ දැනෙනව…
    ඊට අමතරව සමහර වෙලාවල් වලට ඇතැම් බොහෝම හිතවත් අයගෙන් කෝල්ස්, එස්.එම්.එස් එනකොටත් අතට ෆෝන් එක ගැනෙනකොටම එනව..
    තව ආසයි ඕවයි ටෙලිපති කියන එකයි සම්බන්ධ ද, කියල හොයන්නත්..

     
  3. කුරුටු ගෑ ගී පවුර

    අගෝස්තු 9, 2015 at 1:56 ප.ව.

    ඩෙනිමෙන් කියෙව්වා..

     
  4. sirikolonnawa43

    ඔක්තෝබර් 20, 2015 at 2:32 ප.ව.

    මට තියෙන කරුමේ තම…call එනවා…rings යනවා ඇහෙන්නේ නැහැ…නමුත් miss call කියා බොහොම උජාරුවට පේනවා ..නමුත් සමහර call කන පැලෙන්න rings යනවා..viber ඇහෙන්නෙම නැහැ.rings

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න