දන් සැලෙන් පින්?


  

“කන්න. බොන්න. පිං බෙදා ගන්න !”

ගෙයින් ගෙට ඇවිදලා – අනුන්ගෙන් පිනට ගෙන

පින් අතේ වැඩකට – සෙට් වෙනවා තරුණ කැළ

බත්ද, නූඩල්ස්ද, කඩලද කවන්නේ ?

අයිස් ක්‍රීම්ද, නේස්කැෆේ ද, ෆ්රූට් ඩ්‍රින්ක්ස් ද බෙදන්නේ?

උභතෝකෝටික ප්‍රශ්නයක් – කෙසේද විසදන්නේ
පින් වැඩි කැව්වොත්ද පෙව්වොත්ද
දෙය්යෝවත් නොදන්නේ
ජොලිය වැඩි මොකේද
ඒකටය් සෙට් වෙන්නේ

පෝයදා උදේට මහපාරේ තදබදේ
බලෙන් පින් ගන්න කට්ටියට කලබලේ
තිබහක් නැතත් බලෙන් දෙන  drink එකේ
පින්ද ජෝලියද මන්දා උතුරා ගලන්නේ
වෙසක්ද පොසොන්ද
කමක් නෑ වගක් නෑ
අනුන්ගෙන් පිනට ගෙන
දන්දීම කමක් නෑ
 සාදු! සාදු!!

 
 

About lifeisabeach

love to use communication as a tool of passionate expression of personal views
This entry was posted in life, Philosophy, Uncategorized. Bookmark the permalink.

1 Response to දන් සැලෙන් පින්?

  1. Pingback: දන් සැලෙන් පින්? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a comment