Skip to main content

මස් කන්න ඔනිමද ?





පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්‍රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක්‌ සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ඌණතාවය පහසුවෙන්ම වළක්‌වා ගත හැකි ඉතා අඩු මිලට ජනතාවට ලබා ගත හැකි මාංශ බෝග වලට කුඩම්මාගේ සැළකිල්ලවත් ලැබී නැත.

අප රටේ පමණක්‌ නොව සමස්‌ත ලෝකයේම ප්‍රොටීන් ඌණතාවය ඉතාම සෞඛ්‍යාරක්‌ෂිත තත්ත්වයක්‌ යටතේ වැළැක්‌වීමට තරම් ඉහළ විභවයක්‌ සහිත ඇට පියලි වර්ග හෙවත් මාංශ බෝග ගැන අප හො`දින් ඉගෙන ගත යුතුය. මේවාට නිදසුන් වන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු වර්ග, සෝයා, කොල්ලු, උ`දු, මෑ ඇට, බෝංචි ඇට, සහ දඹල ඇට ආදියයි. මෑ, බෝංචි සහ දඹල වල ලපටි කරල් අප රටේ බහුලව භාවිතාකරන්නේ එළවළුවක්‌ ලෙසිනි. එහෙත් ඒවායේ මෝරන ලද ඇට පියලි වර්ග ලෙස භාවිතා කළ හැකිය. ඉහත ස`දහන් පරිදි ප්‍රොටීන් අවශ්‍යතාවයද තහවුරු කරගනිමින් නිවැරදි පෝෂණයට ඇට වර්ග හෙවත් පියලි වර්ග වලින් අප රටේ සෑම දෙනාම සිතාගෙන සිටිනවාට වඩා සුවිසල් මෙහෙයක්‌ ලබාගත හැකිය. එසේ සුවිසල් මෙහෙයක්‌ ලබාගත හැක්‌කේ කෙසේද? යන්න අපි දැන් සාකච්ඡා කරමු .

මෙම ඇට පියලි වර්ගවල විශාල ප්‍රොටීන් ප්‍රතිශතයක්‌ අඩංගුය. සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව පෝෂණ විද්‍යාඥයින් පවා ප්‍රොටීන් බහුල ආහාර ලෙස සළකන්නේ මස්‌, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදනයන්ය. නමුත් ඒ සියල්ලටම වඩා ඇට පියලි වර්ගවල ප්‍රොටීන් බහුලව අඩංගුය. ප්‍රොටීන් වැඩියෙන්ම ඇතැයි බොහෝ දෙනා සිතන මස්‌ සහ මාළුවල ප්‍රොටීන් ඇත්තේ 18% ක්‌ පමණි. නමුත් මෙම මාංශ භෝගවල 20% - 42% දක්‌වා ප්‍රොටීන් අඩංගුය.

මෙම ඇට පියලි වර්ග බත් සමග එකට එකම වේලට ආහාරයට ගන්නා විට සියලු ඇමයිනෝ අම්ල අඩංගු ඉතාම උසස්‌ තත්ත්වයේ ප්‍රොටීන්ද පහසුවෙන් ලබාගත හැකිය. හාල් ඇතුළු ධාන්‍ය වර්ග වල ලයිසීන් නැමති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයේ සාපේක්‌ෂ අඩුවක්‌ ඇත.

මාංශ බෝග වල සිස්‌ටීන් සහ මෙතයොනීන් යන සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලවල සාපේක්‌ෂ අඩුවක්‌ ඇත. නමුත් බත් සහ මාංශ භෝග එකම ආහාර වේලට එකවිට ආහාරයට ගන්නා විට මෙම සාපේක්‌ෂ අඩුව අෙන්‍යාන්‍ය වශයෙන් අහෝසි වී සමස්‌ත ආහාර වේල සියලුම ඇමයිනෝ අම්ලවලින් පොහොසත් උසස්‌ තත්ත්වයේ ප්‍රොටින් ලබාදෙන තත්ත්වයට පත්වෙයි.

තුන්වන වැදගත් කාරණය වන්නේ ප්‍රොටින් බහුල යෑයි සම්මත මස්‌, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදන මෙන් නොව ඇට පියලි වර්ග කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට ලබා ගත හැකි වීමයි. නිදසුනක්‌ ලෙස වටානා පරිප්පු අදත් කිලෝ ග්රෑමයක්‌ රුපියල් 160 කට පමණ මිලදී ගත හැකිය. එහි මිල සාපේක්‌ෂව අඩු නිසාම බොහෝදෙනා සිතන්නේ එහි ගුණයක්‌ නැතැයි කියාය. ලෝක මට්‌ටමෙන්ම මෙම ප්‍රොටීන් බහුල මාංශබෝග වල මිළ මස්‌ ආදි ප්‍රොටීන් බහුල යෑයි සම්මත ආහාර වලට වඩා අඩු නිසා පෝෂණ විද්‍යාඥයන් විසින් මේවා හැ`දින්වූයේ දුප්පතාගේ මස්‌ (Poor mans meat) කියාය. නමුත් මිනිසාගේ නිරෝගීභාවය නැමති ඉහළම පොහොසත්කම පිළිබ`දව සළකා බලා අප පවසන්නේ මේවා දුප්පතාගේ මස්‌ නොව පොහොසත්ම මිනිසාගේ මස්‌ (Richest mans meat) බවය. මක්‌ නිසාද යත් ප්‍රොටින් පතාගෙන මිනිසුන් වැඩි වැඩියෙන් මස්‌ කන්නට යැමෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු බොහෝ ලෙඩ රෝග වැළඳී අකාලයේදී මිය යන බැවිණි.

ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශභෝග සම්බන්ධ හතරවන වැදගත් කාරණය වන්නේ ඒවා ආහාරයට එක්‌ කර ගැනීමේදී කිසිදු සත්ත්ව ඝාතනයක්‌ හෝ සත්ත්ව මාංශ හිංසනයක්‌ සිදු නොවීමයි. ප්‍රොටීන් බහුලයෑයි සම්මත මස්‌, මාළු, කිරි, බිත්තර යන සියල්ලම සත්ත්ව මාංශ ආහාර වෙයි. සත්ත්ව ආහාර ලබාගන්නට එක්‌කෝ සතුන් ඝාතනය කරන්නට සිදුවෙයි. එක්‌කෝ සතුන්ට වධ දෙන්නට සිදුවෙයි. මස්‌ සහ මාළු ගන්නට අනිවාර්යෙන්ම සත්තු ඝාතනය කළ යුතුය. කිරි සහ බිත්තර ලබාගන්නට සතුන්ට වධ දියයුතුය. අප කවුරුත් දන්නා පරිදි කිරි වැරූ විට එළදෙන යන්නේත් මස්‌ කඩේ කොක්‌කටය. බිත්තර වැරූ පසු කිකිලිය යන්නේත් මස්‌කඩේ කොක්‌කටය.

මස්‌ ඇතුළු සත්ත්ව මාංශ ආහාර අප රස කරමින් තලු මරමින් ශාක ආහාර විසි කරමින් කන බව ඇත්තය. නමුත් අප විස්‌තර කළ පරිදි සත්ත්ව මාංශ ආහාර පිටුපස ඇත්තේ සත්ත්ව ඝාතනය සහ හිංසනය පිළිබ`ද ශෝකාන්තයකි. එය අපේ ආගම ධර්මය පිළිබ`දව සැළකුවත් සංස්‌කෘතිය පිළිබ`දව සැළකුවත් සෞඛ්‍යයේ මානසික සහ ආධ්‍යාත්මික පැති සැළකුවත් ගැළපෙන තත්ත්වයක්‌ වන්නේ නැත. සත්ත්ව ඝාතනය හෝ සත්ත්ව හිංසනය වැඩි රටක්‌ හෝ සමාජයක්‌ ශිෂ්ට සම්පන්න සමාජයක්‌ ලෙස ශිෂ්ට ලෝකයා පිළිගන්නේ ද නැත. එබැවින් අපට සත්ත්ව ඝාතනයෙන් හෝ හිංසනයෙන් තොරව ප්‍රොටීන් ලබාගැනීමට ක්‍රමයක්‌ තිබෙනවා නම් ප්‍රොටීන් ලබාගැනීම ස`දහා සුදුසුම ක්‍රමය වන්නේ එයයි. එම ක්‍රමය අන් කිසිවක්‌ නොව ඇට පියලි වර්ග වැඩි වැඩියෙන් භාවිතයයි. එවිට සමාජය තුළ සත්ත්ව ඝාතනයේ හෝ හිංසනයේ වැඩිවීමක්‌ සිදුවන්නේ නැත.

මාංශබෝග පිළිබ`දව පස්‌වැනි වැදගත් කාරණය වන්නේ අනෙක්‌ බෝගවලින් නිසරු වන පස සාරවත් කරගැනීමට මාංශභෝග වගාව අපට උදව් කිරීමයි. සාමාන්‍යයෙන් සැළකූ විට ඕනෑම භෝග වගාවකින් පස නිසරු වීම සිදුවෙයි. නමුත් ඇට වර්ග ලබාදෙන රනිල කුලයේ ශාකවල ඇති මූලගැටිති බැක්‌ටීරියා වලින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් තිර කරමින් පස සාරවත් කර දෙයි.

ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශ බෝගවල ඇති සුවිශේෂී වැදගත්කම පිළිබ`දව ඉහත කී කරුණු සාරාංශයකට ගොනුකර දක්‌වන්නට දැන් අප සුදානම්ය. එය හො`දින් මතක තබා ගැනීමටත් ඒ අනුව කටයුතු කර නිවැරදි ලෙස ඔබේ ප්‍රොටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමටත් ඔබ අදිටන් කරගන්න. ඉතාම ඉහළ ප්‍රොටීන් ප්‍රතිශතයක්‌, සියලු ඇමයිනෝ අම්ලද සමගින් ඉහළ ගුණයෙන් යුක්‌තව, කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට, සත්ත්ව ඝාතනයෙන් සහ හිංසනයෙන් තොරව, වගාකරන පසත් සාරවත් කරමින් අපට ලබාදෙන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, මෑ, බෝංචි, සෝයා ඇතුළු ඇට වර්ග හෙවත් පියලි වර්ග වලිනි. එම ඉතාම හිතකර තත්ත්වයන් යටතේ අපේ ප්‍රොටීන් අවශ්‍යතාවය තහවුරු කරගැනීමට ඇති අපට ගැලපෙන හො`දම ක්‍රමය වන්නේ බත් සමග එම ඇට වර්ග හෙවත් පියලි වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමයි. එසේ නොමැතිව ඒ වෙනුවෙන් අප රටේ සෑම දෙනාම කරන්නා සේ විශාල වියදමක්‌ද දරමින් මස්‌, මාළු, කිරි, බිත්තර පිළිබ`දව අනවශ්‍ය විශ්වාසයක්‌ තබමින් ඒවා පසුපස යැම සැබවින්ම අනුවන කමකි.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
අපේ ආහාර සංස්‌කෘතියේ
ධාන්‍ය සහ පියලි සංයෝජනය වූ අවස්‌ථා

අපේ සම්ප්‍රදායික ආහාර රටාව තුළ අපේ මුතුන් මිත්තන් ප්‍රොටීන් අවශ්‍යතාවය ලැබෙන බව තහවුරු කර ගත්තේ සත්ත්ව ආහාරවලට මුල් තැන දීමෙන් නොවේ. ධාන්‍ය වර්ග සහ පියලි වර්ග සංයෝජනය ඒ ස`දහා ඔවුන් බහුලවම භාවිතා කළ උපක්‍රමය යි. හාල් සමග මුංඇට ආදී පියලි වර්ග මනාව සංයෝජනය වන අවස්‌ථා රාශියක්‌ අපේ ආහාර සංස්‌කෘතිය තුළ තහවුරු වී තිබුණි. ඒවායින් කීපයක්‌ නම්,

මුං කිරිබත් - මුං ඇට සහ හාල් සංයෝජනයෙන් පිසින කිරිබත.

මුං කැවුම් - මුං ඇට පිටි සහ හාල් පිටි සංයෝජනයෙන් පිසින කැවුම්.

කොල්ලු කැවුම් - කොල්ලු පිටි සහ හාල් පිටි සංයෝජනයෙන් පිසින කැවුම්.

මුං ගුලි/ මුං අග්ගලා - මුං ඇට පිටි සහ හාල් පිටි සංයෝජනයෙන් සාදන අග්ගලා.

මුං කැ`ද - මුං ඇට පිටි සහ හාල් එකතුවෙන් පිසින කැ`ද.

තෝසේ - හාල් පිටි සහ උළු`දු පිටි සංයෝජනයෙන් පිසගනී.

ඉට්‌ලි - හාල් සමග උ`දු අඹරා පිසගනී.

බත් සමග පියලි ව්‍යාංජනය - බත් ආහාරයට ගැනීමේදී පරිප්පු, මුං ඇට, කඩල, කව්පි, කොල්ලු, මෑ, බෝංචි ආදී පියලි වර්ගයක ව්‍යාංජනයක්‌ එක්‌ කර ගන්නා ලදී.

බත් සමග මුං ඇට මැල්ලුම - මුං ඇට තම්බා පොල් දමා මැල්ලුමක්‌ සේ සාදා බත් සමග ආහාරයට ගැනීම.

නූතන වාණිජත්වය විසින් ඒ පෝෂ, මේ පෝෂ නමින් කරලියට විත් ඇත්තේ අපේ ආහාර සංස්‌කෘතිය තුළ අප පෙන්වා දුන් පරිදි මැනවින් තහවුරු වී තිබුණ ධාන්‍ය වල සහ පියලි වර්ග වල සංයෝජනය යි. එම සංයෝජනය ඔබට ඉහත දැක්‌වූ පරිදි ඔබේ නිවසේදි ඉතාම පහසුවෙන් කර ගත හැකි නිසා අධික මිලකට වස විසත් සීනිත් සමග විකුණන පෝෂණයෙන් විෂම වූ ආහාර ඔබ මිලදී ගත යුතු නැත.

උපුටා ගැනීම දිවයින පත්‍තරයෙනි.

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස