RSS

162. අනේ මන් දන්නෑ ඕයි…

06 මාර්තු

??????????අපි පොඩි කාලේ එක ආණ්ඩුවකින් තීරණේ කලා කෑම අතරින් පට්ටම කෑම දඹලයි කියලා. දඹල මධ්‍යස්ථානයක්ද ආයතනයක්ද මොකක්ද කියලා එකකුත් ඇති කලා මට මතක් විදියට.

ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට කෑම බවට පත් වුනා. ඊට පස්සේ සෝයා මීට්, සෝයා තෙල්, සෝයා අයිස්ක්‍රීම් වගේ හැම දෙයක්ම සෝයාකරණය වුනා.

තව ‍රැළි ගණනාවක් කාලයේ පාලම යටින් ගලා ගියා. සමහර ඒවා දැන් මතකත් නෑ.

H4

මිනිස්කර්ට්

පොලිඩෝල්

බෙල්බොටම්

වාලක්කඩි

චේ ගුවේරා

මුවන් පැලැස්ස

VCR

ටී පනස් හය

ට්‍රේල් බයික්

ත්‍රී වීලර්

ටෙරාසෝ

ස්කැමල් ඩ්‍රයිවිං

මැද පෙරදිග

පැජෙරෝ

ඩිජිටල් කැමරා

එමිනෙම්

දූ දරුවෝ ටෙලිය

ටයිටැනික්

ස්කී කැප්

ඔෂින්

ඇන්ඩ්‍රොයිඩ්

කොරියන් මෙගා කතා

ගැංනම් ස්ටයිල්

ලැම්බෝගිනි

හයිබ්‍රිඩ්

ඔහොම කාලෙන් කාලෙට නැගලා යන දේවල් වුනා.

වරින් වර එක එක ‍රැළි ආවා.

එක්කෝ ‍රැල්ලත් එක්ක පීනන්න, නැතිනම් ගොඩට වෙලා බලා ඉන්න සිද්ධ වුනා. ‍රැල්ලට විරුද්ධව පීනන්න ගිය එකාට සොරි ඩොට් කොම්ම තමයි. ඌට නෙලන්ඩ කට්ටියම වට වුනා.

නන්දා මාලනී හිට් වුනා.

මයිකල් ජැක්සන් සහ මැඩෝනා ඩබල සංකරත්වයේ ප්‍රතිමූර්තිය නොහොත් අමරදේව/නන්දාමාලනී කියන යෙදුමේ විරුද්ධාර්ථය බවට පත් වුනා. (ප්‍රබුද්ධ කියන එකේ විරුද්ධ පදේ සංකරද කියලා මට තවම ෂුවර් නෑ, නමුත් ඒක එහෙම වුනා.)

අරියධම්ම හාමුදුරුවන්ගේ බණ ‍රැල්ල ආවා.

ඊට පස්සේ සෝම හාමුදුරුවෝ.

කාලෙකට පස්සේ අසපු බුද්ධාගම හිට් වුනා. භාවනා ‍රැල්ලක් ඒ එක්කම හමා ගියා.

ඊට පස්සේ ආවා උබුන්‍ටු සහ ලිනක්ස්. මාර වැඩේ කියන්නේ, උබුන්‍ටු වලට හරි ලිනක්ස් වලට හරි විරුද්ධව වචනයක් හරි කතා කලොත්, හොඳම යාලුවා වුනත් (උබුන්‍ටු ලිනක්ස් රසිකයෙක් නම්) උන්නා මළා පේන්නේ නැතුව මාරාවේශ වෙන ගන්න හැටි, අපි කට ඇරගෙන බලා හිටියා.

යකෝ මේ ටික කාලෙකට ඉස්සෙල්ලා හරක්නේ හිට් වෙලා හිටියේ. දැන් මෙන්න යකෝ බල්ලෝ හිට් වෙලා. විශේෂයෙන්ම වීදි බල්ලෝ. බල්ලෙකුට විරුද්ධව වචනයක් වැරදිලා කියවුනොත් කී දෙනෙකුට මාරා වේශ වෙනවද කියලා මම කට ඇරගෙන බලා ඉන්නවා මේ දවස්වල. අර කොලු කාලේ බල්ලන්ට වද දීපුවා හරියට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වගේ, ප්‍රසිද්ධියේ කතාවත් නොකරන රහස් හැටියට වැලලිලාම ගියාදෙන්. මේක ඔටාරගේ වැඩක්ද?

මෙහෙම ගියොත් කවදාහරි දවසක මනුස්සයෝ වන අපිවත් හිට් වෙලා අපිටත් වටිනාකමක් එන්නත් බැරිකමක් නෑ කියලා මගේ ටිකිරි මොලේට නිකමට වගේ හිතෙනවා.

 
ප්‍රතිචාර 8

Posted by මත මාර්තු 6, 2015 in අත්දැකීම්

 

ටැග:

8 responses to “162. අනේ මන් දන්නෑ ඕයි…

  1. Ajith Dharma

    මාර්තු 6, 2015 at 3:45 පෙ.ව.

    සිරා පොස්ටුවක්නේ. කෝ අටමා මේ පැත්තේ ආවෙ නැත්ද?

     
  2. ලොකු පුතා

    මාර්තු 6, 2015 at 8:04 පෙ.ව.

    ඔටාරාගේ අහවල් එක… කුණුහබ්බ තමයි මචං කියවෙන්නේ මුන්ගේ මළවිකාර දැක්කම.
    පාරේ දඩාවතේ යන බල්ලෝ එක්කෝ මරන්න ඕනේ, එහෙම නැත්නම් උන් ඔක්කොම ඔටාරගේ බෙල්ලේ ගැටගහන්න ඕනේ.
    අනිත් එව්වා කෙසේ වෙතත් මිනි ස්කර්ට් ලංකාවෙන් තුරන් උනේ අපේ කරුමෙට…

    මටනම් පේන විදිහට දැන් අලුත්ම හිට් එක “පෝට් සිටි” එක.
    ඒකෙ වැඩ හැමදාම “එක්කෝ නවත්තනවා” එහෙම නැත්නම් “තාවකාලිකව අත්හිටවනවා”
    එහෙම වෙන්නේ TV වල විතරයි, පෝට් සිටි දිගටම වැඩ.
    මේ දැනුත් වැඩ (වෙලාව 2015.03.06 වැනිදා උදේ 08:00 යි)

     
  3. raigam

    මාර්තු 6, 2015 at 10:58 පෙ.ව.

    මේක ලෝක දෙකක් අතර ප්‍රශ්නයක් බං. මෙන්න එක ලෝකයක් ගැන පොඩි බයිලාවක්!

     
  4. කුරුටු ගෑ ගී පවුර

    මාර්තු 6, 2015 at 11:55 පෙ.ව.

    දැන් යන්නේ කොත්තමල්ලි රැල්ල

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න