මගේම යාළුවෝ කෙල්ලෙක් දැක්කාම කියනකතා ඇහෙනකොට මගේ හිත රිදෙන වෙලාවල් ඕනෑ තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මම ගැහැණිය කියන කෙනාට ගොඩාක් ගරු කරන නිසා. අපි හැමෝම මේ ලෝකෙට ආවේ ගැහැණියක් නිසා. ඒත් මේ විදිහට හිතන එකම කොල්ලා මමද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද මම ආස්‍රය කරන හැම කොල්ලෙක්ම වගේ කෙල්ලෝ දිහා බලන්නේ මහා අසික්කිත විදිහට.
ලස්සනට ඇද පැළඳගෙන ටිකක් හිරට ඇඳුමක් ඇදගෙන යන කෙල්ලෙක් දැක්කාම අපේ ගොඩාක් කොල්ලෝ ඒ කෙල්ල දිහා බලන්න මසට ගන්න වගේ. කෙල්ල දැක්ක ගමන් ඒකිගේ කන්‍යා පටලේ තියනවද නැද්ද කියලත් තීරණේ කරලා ඉවරයි. එහෙමත් නැත්තම් කොල්ලෙක් එක්ක යන ටිකක් අඟ පසඟ හොඳට තියන කෙල්ලෙක් නම්, ඒ කොල්ලා ඒ කෙල්ලත් එක්ක කරපු දේවල් කරන හැටි ඒ හැම දෙයක්ම කතාවෙලා ඉවරයි. ඇයි ඒ වගේ පහත් විදිහට හිතන්නේ. මට මතකයි මහා රස්තියාදු කාරයෝ වැඩිපුර ඉන්න ඉස්කෝලෙකට යන එකෙක් දවසක් කියනවා “බුරියෙන් පල්ලෙහා නෑදෑකම් යාළු නම් නෑ” කියලා. ඒ වෙලාවෙනම් මම ඌත් එක්ක වාද කරන්න ගියත් මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා තේරුණ මම පැත්තකට වුනා.
මේ වගේ හිතන උන්ට ඇයි තමට අම්මෙක්, අක්කෙක්, නංගියෙක් ඉන්නවා කියලා අමතක වෙන්නේ. මගේම යාළුවො කෙල්ලෝ දැකලා කියන කතා ඇහෙනකොට කරබාගෙන ඉන්නේ උන් හිතන විදිහට නොහිතන එකම එකා මම නිසා. අර මම කිව්ව රස්තියාදු කාරයෝ වැඩිපුර ඉන්න ඉස්කෝල්රට යන සෙට් එකක් ඉන්නවා උන් කෙල්ලෝ ගැන කියන කතා ඇහෙනකොට මගේ ඇඟේ මාළු නටනවා.මේ සෙට් එකට මැදිවියේ ඉන්න කාන්තාවක් දැක්කාමත් අමුතු සිතිවිලි පහලවෙන ජාතියේ අමන හැත්තක්.
හැබැයි සමහර කෙල්ලන්ගේ හැසිරීමෙන් සහ ඇඳුම පැළඳුමෙන් ඇය ගණිකාවක් බව නිශ්චිතවම කීමට හැකි විදිහේ කට්ටියත් අපි හැමෝම ඕන තරම් දැකලා තියනවා. මම මේ කතාකරන්නේ පාරේ තොටේදී දකින සාමාන්‍ය කෙල්ලෝ ගැනත් අර කට්ටියගේ තත්වෙටම දාලා කතා කිරීම ගැනයි.
මම මේ කියලා තියන විදිහට හිතන කොල්ලොන්ව මේක කියවන අයත් ඕනතරම් දැකලා ඇති. සමහර විට තමනුත් ඒ විදිහටම හිතනවා ඇති. පොඩ්ඩක් හිතලා බලන්න තම්න්ගේම නංගී ගැන අක්කා ගැන පෙම්වතිය ගැන මේ විදිහට කවුරු හරි හිතනවනම් ඔයාලා කැමතිද? නෑ නේද? පොඩ්ඩක් හිතන්න.
හප්පා මමත් ඔය වගෙ පාහර එවුන්ව දැකලා තියෙනවා
මගේ මේ බ්ලොග් එකේ පළමු කමෙන්ටුව ඔබෙන්!
machang oyaagea satahana anuva mata hAgunea ganikaavanta kAtha kathaa kivvaata kamak nA kiyalaa vagea.un karanneth job ekak unuth gAhAniyoe.
මචන් ගණිකාව දිහා බහුතරය බලන්නේ කැත විදිහට නේද? ගණිකාවත් සාමාන්‍ය ගැහැණියක් තමයි. නමුත් සමාජයේ බහුතරය අපි වගේ හිතන්නේ නෑනේ. මම ඒ කතාව කිව්වේ බහුතරය ගැන හිතලයි.
දැන් කට්ටිය මේ ගැන දැනුවත් වෙද්දී ඔය සිතන පතන විදිය ගැන වෙනස් වේවී.බලන්න මේ බ්ලොග් අවකාශයේම අපි වගේ හිතන පතන අය කී දෙනෙක් ඉන්නවාද
ඔව්!
ඇත්තටම මටත් හිටියා ඔය වගේ යාලුවෝ කියල හඳුන්වන්න පුළුවන් පිරිසක්. ඉස්සර මම ආශ්‍රය කරපු ගොඩක් කොල්ලෝ හිතන්නේ ඔය වගේ, මමත් ඒවා අහල ඒ කලේ හිනා උනා. ඒ මොකද නැත්තන් මාව ඒ අය අතරේ කොන් වෙයි කියල . මට ඒ කලේ ඉඳන් ගොඩක් මිතුරියනුත් හිටිය නමුත් වෙනම සෙට් එකක්. මට කවදාවත් ඒ කට්ටි දෙක එකට හම්බ උනේ නෑ මොකද මම මගේ පිරිමි යාලුවෝ ගැන දන්නා නිසා. ඔය අතරේ තවත් සෙට් එකක් හිටියා, එකේ හිටියේ කොල්ලෝ සහ කෙල්ලෝ මික්ස් එකක් ඒ සෙට් එකේ නම් කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ.
මම මෙතන දකින ලොකුම ප්රශ්නය අපේ සමාජයේ තියන සංස්කෘතික ප්රශ්නය; ලංකාවේ දෙමව්පියෝ පොඩි කලේ ඉඳන්ම ගෑනු ලමයි හදන විදිහේ තියන ප්රශ්නය. පොඩි කලේ ඉඳන්ම ලංකාවේ දෙමව්පියෝ ලමයි හදන්නේ වෙන් කරලා. ඉස්කෝලේ දිහා බෙලුවත් ඒකයි, එක්කෝ ගැහැණු සහ පිරිමි කියල ඉස්කෝල දෙකක් තියනවා එහෙම නැත්තම් තියන මිශ්‍ර පාසල් වල එකම පන්තියේ ගැහැණු ලමයි එක පැත්තකත් පිරිමි ලමයි අනික් පැත්තකත් ඉන්නවා. ඉස්කෝලෙකින් හැදෙන්න ඕනේ ළමයාගේ තියන අකුරු අද්යාපනය විතරක් නෙමෙයි. ළමයාගේ සමාජ ක්‍රමය හැදෙන්න ගොඩක් හොඳ තැනක් තමයි ඉස්කෝලය.
පොඩ්ඩක් හිතන්න අර මම ඉස්සර කිව්ව පහත් ගතිගුණ තියන කොල්ලෙක් ගෑනු දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් උනොත් ඒ ලමයව කොහොම හදාවිද කියලා? අනිවාර්යෙන්ම ඒ ගෑනු දරුවට තලිබාන් නීතිය තමයි. මොකද තාත්තා දන්නවා පොඩි කලේ තමන් කරපු දේවල්, තමන් හිතපු හැටි. ඉති ඕකෙන් වෙන්නේ තවත් ගැහැණු සහ පිරිමි ළමුන් වෙන්ව හැදීම තමයි.
ශ්‍රී ලංකික අපි ගොඩක් ආඩම්බර වෙන දෙයක් තමයි අපේ මේ සංස්කෘතිය. මම කියන්නේ නැහැ මේ සංස්කෘතියේ එන හැම දෙයක්ම වැරදියි කියල හැබැයි මේ සංස්කෘතියේ එන හැම දේම හරි කියන්නනම් බැහැ. සංස්කෘතිය කියන දෙය අපි නිර්මාණය කරපු දෙයක්, එක කාලෙන් කාලෙට සමාජයේ පෙර ගමන වෙනුවෙන් වෙනස් විය යුතු දෙයක්. අද ලංකාවේ පවතින පසුගාමී සමාජ ක්‍රමය රටේ පෙර ගමනට බාධාවක් නම් අපි විසින්ම එය වෙනස්කරගත යුතුයි. අද ලංකාවේ සංස්කෘතිය වෙනස් කරන්න හැදුවොත් එක විදේශ කුමන්ත්‍රණයක් කියල කට්ටිය කෑගහනවා (හැබැයි වගබලාගත යුතුයි ඔබ කරන දෙය ලංකාවේ පෙර ගමනට උපකාර වෙනවද කියල). මම දකින විදිහට නම් අපේ සංස්කෘතිය වෙනස් විය යුතු කාලය දැන් ගොඩක් පහුවෙලා තියෙන්නේ.
ඔබට ස්තුතියි මෙවැනි සමාජ කතිකාවක් ආරම්භ කිරීම වෙනුවෙන්.
බොහොම වටින කමෙන්ට් එකක්!
ඔව් අපේ සංකෘතිය වෙනස් කරන්න ඕනේ හැබැයි සාර ධර්ම වලට හානියක් නොවෙන්න. මම නම් හිතන විදිහට අපි රටේ බොහෝ වෙලාවට අලුත් දෙයක් කරගන්න බැරි මේ දේශපාලන මරාගැනිල්ල නිසා. එක්කෙනක් හොඳ දෙයක් කරන්න ගියත් නරක දෙයක් කරන්න ගියත් තව කට්ටියක් කෑ ගහනවා.(මේක එක පක්ෂෙකට ලැදිව නෙමෙයි කිව්වේ. ඔක්කොම එකයි )
අපේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ඔක්කොම වගේ කියන දෙයක් තමයි මේ හැම එකකකටම මුල ලංකාවේ දේශපාලනය කියලා. යුද්දේ කාලේ ඒක පිට පටවලා තමන්ගේ නෙමෙයි වරද මේ යුද්දේ නිසා තමයි හැම දෙයක්ම අවුල් කියා කියා තමා විසින්ම තමාව රවටවා ගත්තා. මටනම් පෙනෙන විදිහට මේකට ලංකාවේ දේශපාලක්නයන්ට වඩා ලොකු වගකීමක් මේරටේ ඉන්න සාමාන්‍ය පොදු ජනතාව හෙවත් අපිට පැවරිලා තියනවා.
අපි අපේ වගකීම හරිහැටි ඉෂ්ට නොකර නිකන් බොරුවට දේශපාලනයට සහ අනෙකුත් දේවල් වලට බනින්නේ නැතුව ආදර්ශමත් විදිහට තමතමන් ජීවත් උනොත් තමයි මේ රට හැදෙන්නේ! අනික දේශපාලක්නයෝ පත්කරගැනීමේ වගකීම පවරිලා තියෙන්නෙත් අපිටමයි! මම මෙහෙම කිව්වා කියල තරහ වෙන්න එපා! මම මේ කිව්වේ ඔබේ “මම නම් හිතන විදිහට අපි රටේ බොහෝ වෙලාවට අලුත් දෙයක් කරගන්න බැරි මේ දේශපාලන මරාගැනිල්ල නිසා” යන්න උපුටාගෙනම නෙමෙයි; සමස්තයක් වශයෙන් අපේ මේ කතාව කියන හැමදෙනාටම.
ඔව් දේශපාලනයෙන් ලංකාවේ සංස්කෘතිය සම්භන්ධව ගොඩක් දේවල් කරනවා (අඩුමගානේ කරනව වගේ පේනවා), ප්රශ්නය මේ කරන දේවල් රටේ පෙර ගමනට උදව්වක් වෙනවද කියන එකයි!
මම අපේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන එක් වගන්තියක් සඳහන් කරන්න කැමතියි…
Chapter 3 – Section 14. (1) (f) “the freedom by himself or in association with others to enjoy and promote his own culture and to use his own language;”
(උපුටාගැනීම – http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_03_Amd.htm )
මේකෙන් කියවෙන්නේ තමතමන්ට කැමති සංස්කෘතියක් භුක්තිවිදීමේ නිදහස තියනවා කියනඑක (හැබැයි වගබලාගත යුතුයි මේකෙන් අනික් මිනිස්සුන්ට කරදරයක් නොවීමට). ඉතින් ලංකාවේ දැනට පවතින සංස්කෘතිය තමන්ට නොගැලපෙනවානම් කලයුත්තේ මම අර ඉස්සර කීයපු විධියට “ආදර්ශමත් විදිහට තමතමන් ජීවත්වීමයි” එතකොට අනික් මිනිස්සු ඒකට කැමතිනම් තමන්ව අනුගමනය කරයි නැතිනම් බොරුවට විවේචනය කරයි.
මම මේ ලියපු විදිහ දෙවනපාර කියවනකොට ඔබේ ඉහත කමෙන්ට් එකට විරුද්දව ලිව්වා වගේ දැනෙනවා! මට සමාවෙන්න ඔබේ හිත් තැවුලක් උනානම්. මම මේක ගැඹුරට ගියා වැඩිද දන්නෙත් නැහැ. කොහොම උනත් මම මේ කියපු කාරණාව… “This is what Sri Lanka need to hear, but this might not be what they want to hear”
PS : අපේ සේචුලර් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවෙනීම “අමුතු” දෙයක් කරගෙන යනවා, ඔබත් කැමතිනම් අපේ වෙබ් අඩවියට ( http://www.secularsrilanka.com ) පිවිසිලා බලන්න මොකද්ද ඒ කියලා.
ඔබේ අදහසට එකඟයි. ඇත්ත ඉහත මම ලිව්ව දේ වැරදියි කියලා මට දැන් තේරෙනවා. ඇත්තටම කළ යුත්තේ අපි ආදර්ශමත් වීමයි. බොහොම ස්තූතියි පහදා දුන්නාට.
ඔබේ පළමු කමෙන්ටුව වැටුන වෙලාවේම මම ඔබේ වෙබ් අඩවියට ගොඩවුනා. “අමුතු” වැඩක් කරගෙන යන බවක් වැටහුනා. සුභ පැතුම්!
mona de wunath gehenu ayata gawurawayak dena oyala nam me ratata loku pinak..hemoma gehenu aya gena waradiyata hithanne ekkenek dennek waradi kalama eth godak aya ehema na kiyalath mathaka thiyaganna oni mokada anith aya karana waradi walata api monawa karannada eka nisa hemowama ekama minnen maninna honda na. anika samahara welawata andumen kawawath maninna ba.eyage kriyawenmai eka balanna oni.man kiwwe mage adahasa.thnx