බලුරාළගේ සිංහල බ්ලොග් න්‍යාමය, අංක දෙක

by බලුරාළ

බලුරාළගේ සිංහල බ්ලොග් න්‍යාමය, අංක දෙකෙන් කියවෙන වගනම්:

සිංහල බ්ලොග් අවකාශයේ, ඕනෑම මාතෘකාවක හරය ගැන කියවෙන ලිපියකට සාපේක්ශව අඩු ප්‍රතිචාර ප්‍රමාණයක්ද,
ඒ මාතෘකාවට එරෙහි මාතෘකාවන්ගේ විවේචනය ගැන ලියූ ලිපියකට සාපේක්ශව වැඩි ප්‍රතිප්‍රචාර ප්‍රමාණයක්ද,
මාතෘකාවේ ආශ්චර්‍යය ගැන ලියනා ලිපියන්ට සාපේක්ශව වඩා වැඩි ප්‍රතිචාර ප්‍රමාණයක්ද ලැබෙන්නේය.

උදාරණයක් ලෙස, සිංහල බසේ අයීතිහාසික අක්ශර හැඩ ගැසුම ගැන ලියවෙන ශාත්‍රීය ලිපියකට අඩු ප්‍රතිචාරයක්ද, සිංහල බසට සාපේක්ශව දෙමළ බසේ නොහැකියාව විවේචනය කරනා ලිපියකට වැඩි ප්‍රතිචාරද, සිංහල බසේ ඇති ගුප්ත ආශ්චර්‍යයමත් බාවය වනනා ලිපියකට වඩාත් වැඩි ප්‍රතිචාර ප්‍රමාණයක්ද ලැබෙන්නේය.