ජනතා අධිකරණය (46) ;- පොලිස් වධහිංසාවට පාත්‍ර වූ ගාමිණීගේ නඩුව.

download

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 157/91 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු පිටකන්දලගේ ගාමිණී ජයසින්හය.ඔහු මේ නඩුව ඇසෙන විට සිටියේ දැරණියගල රෝහලේ දැරණියගල පොලිසිය බාරයේ වේ. වගඋත්තරකරුවන් වුයේ ඇහැලියගොඩ සහ දැරණියගල පොලිසි වල නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ නිතිපතිය.

මෙය විබාග වුයේ අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, විනිසුරු කුලතුංග, සහ විනිසුරු රාමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ. තිරාණගම සමග ජවුෆර් ඒ නසන්, පතිරණ මහත්මිය, එන් සිවරාසා සහ සි හලවාරච්චිගේ මෙනවියයි. වගඋත්තරකරු වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩි පි කුමරසින්හ පෙනී සිටින ලදී. තීන්දුව ලබා දුන්නේ 1994.01.12 වැනිදාය.

පෙත්සම්කරු චෝදනා කරන්නේ තමන් පොලිස් බාරයේ සිටියදී නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, රදවා ගැනීම සහ වදහිංසා පැමිණවීම සිදුවූ බවය. ඔහුව අත්අඩංගුවට ගන්නා විට වයස අවුරුදු 29 ක් විය. ඔහු ප්‍රකාශ කරන්නේ තමන් මේෂන්වරයකු බවත් කිසිදු නීතිවිරෝදී, අපරාධමය, හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත නොවූ බවය. ඔහුව 1991.07.23 දින ඇහැලියගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුගෙන් ප්‍රශ්න කලේ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති සම්බන්දය ගැනය.

1991.08.07 දින ඔහුව දැරණියගල පොලිසියෙන් ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත ගෙන යනු ලැබිණි. එහිදී ඔහුව වධහිංසාවට පාත්‍ර කරනු ලැබිණි. ඔහුව ඉතා දරුණු ලෙස වධහින්සාවට පාත්‍ර කරන ලදී. ඔහුගේ උරහිස් අස්ථියේ පිපිරීමක් සිදුවූ අතර කතා කිරීමටද නොහැකි විය.

ඒ නිසා 1991.08.08 දින ඔහුව අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුලත් කරනු ලැබිණි. ඔහු එහි 1991.08.21 දින දක්වා ප්‍රතිකාර ලැබ පසුව කොලබ මහ රෝහලට ඇතුලත් කරන ලදී. ඒ තත්වය බරපතල වූ බැවිනි. එහි දින 5 ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව දැරණියගල පොලිසිය ඔහුගේ ටිකට් කපාගෙන ඔහුව අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් නතර කරනු ලැබිණි. එයින් 1991.08.29 දින දැරණියගල රෝහලට ඇතුලත් කරන ලදී. 1991.09.17 දින ඔහුව රෝහලින් මුදාහල අතර ඔහුව දැරණියගල පොලිසියට නැවතත් රැගෙන යනු ලැබිණි. ඔහුට මුත්‍රා පිට කිරීම දුෂ්කර වූ බැවින් නැවතත් 1991.09.21 දින දැරනියගල රෝහලට ඇතුලත් කරන ලදී. ඔහු රෝහලේ සිටියදී 1991.10.16 දින මෙම ඉල්ලුම් පත්‍රයට අමුණන ලද දිවුරුම් ප්‍රකාශයට අත්සන් කරනු ලැබිණි.

පෙත්සම්කරු කියා සිටියේ සිය 11, 13 (1) සහ (2) වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් තමා සම්බන්දයෙන් උල්ලංගනය වූ බවය. වගඋත්තරකරුවන් කියා සිටියේ තමන්ට පෙත්සම්කරුව කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම සම්බන්දයෙන් අවශ්‍ය වූ බවය. ඒ දේශප්‍රේමී ජනතා වියාපාරයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්දයෙනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුට කිසිදු තුවාලයක් නොතිබූ අතර හොද ෙසෟඛ්‍යය තත්වයෙන් පසු විය. ඔවුන්ට අනුව අත් වලට මාංචු දැමු පෙත්සම්කරුව ආයුධ සගවා ඇති ස්ථානයක් පෙන්වීමට රැගෙන ගොස් තිබේ. එහිදී ඔහු පැනයාමට උත්සාහ කරන ලදී. වගඋත්තරකරුවන්ට අනුව ඔහුට මෙම තුවාල සිදුවුයේ පැනයාමට උත්සාහ කිරීමේදීය.

මෙහිදී අමල් සුදත් සිල්වා එරෙහිව කොඩිතුවක්කු හිදී විස්තර වන පොලිස් වදහිංසාව ම්ලේච්ච, තිරිසන් සහ අමානුෂික බව යන්න උපුටා දැක්විණි.

පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩවූ බව තීරණය කෙරිණි. ඔහු වෙනුවෙන් රජයට සහ වගඋත්තරකරුවන්ට ගෙවීමට සිදුවූ වන්දිය සහ ගාස්තුව රුපියල් 40,000ක් විය. කුලතුංග විනිසුරු නඩු තීන්දුව ලියු අතර එයට අගවිනිසුරු ජි පි එස් ද සිල්වාගේ සහ විනිසුරු රාමනාතන්ගේ එකගතාව හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=379&lang=en

1 thoughts on “ජනතා අධිකරණය (46) ;- පොලිස් වධහිංසාවට පාත්‍ර වූ ගාමිණීගේ නඩුව.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑