සරම… (අඳින්නට පෙර කියවන්න)


සරම යනූ මහා පුදුම දෙයකි..
තාත්තා නිදාගෙන
ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත්
මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත්
සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි….
විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල්
දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම
සිදු කල
හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි….
එකල චන්ඩියාද ඇන්දෙ සරමය..
සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට
පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය
චන්ඩියා පුරුදු පුහුනුකල යුතු
ගුණාංගයකි…
මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට
ප්රධාන
හේතුව වී ඇත්තේද සරමයි.. කලිසමක් මාරු කිරීමේදී
සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම
අල්ලා සිටින්නෙ කටිනි.. එය මාර
ප්රයෝජනයකි…
සරම බහුකාර්ය උපකරනයකි…ඇදීමට අමතරව
සරම
උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට
ගසා ගැනීමෙන් භාණ්ඩ
රහසේ ප්රවාහනය කල
හැකිය… සරම සරලය.. අවාසිද සහිතය.. ඔලුවෙන්
හිට
ගැනීමේදී සිදුවන අක්ක්රමිකතා රාශියකි
අන් අයගේ සිහිවිසඤතාව , මානසික
අසහනය
හා බව්මික අඛණ්ඩ තාවයට හානි
පැමිණවේ…
සරමේ ප්රධානම කොටස ගැටයයි.. එමගින් සමස්ත
සරමම පාලනය කරයි.. බසයේ යනවිට සරමක්
අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය.
පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
විසේසයෙන් සැලකිලිමත් විය යුතුය,,
(උපුටා ගන්න ලද්දකි)

2 thoughts on “සරම… (අඳින්නට පෙර කියවන්න)

ප්‍රතිචාරයක් ලබාදෙන්න