මේ ලිපිය බ්ලොග් ලියන ඔබ ගැනයි.

ශ්‍රී ලාංකිකයන් අතර අන්තර්ජාලය හරි හැටි ජනප්‍රිය වුයේ පසුගිය අවුරුදු කිහිපය තුලයි. නමුත් එය ඉතාමත් ම වේගයෙන් සිදු වී අති බව මීට අවුරුදු හතරකට පෙර තත්වයත් දැන් තත්වයත් සංසන්දනය කරන විට පෙනී යයි. දුරකථන සමාගම් අන්තර්ජාල පහසුකම් වඩාත් පුළුල් කිරීමත් තරඟකාරී ලෙස අන්තර්ජාල ගාස්තු අඩු කිරීමත් මෙයට බල පෑ කරුණු අතර වඩාත්ම බලපෑ කරුණු හැටියට දැක්වීමට පුළුවන්. සෑම නිවසකම රුපවාහිනියක් ඇත්තා  සේ පරිගණකයත් අන්තර්ජාලයත්  සාමාන්‍ය දේ බවට පත්වෙමින් පවතී.

බොහෝ අය අන්තර්ජාලය පාවිච්චි කරන්නේ Facebook යන්නටය. ගීත භාගත කරන්නටය, ටොරන්ට් භාගත කරන්නටය. නැති නම් Youtube එකෙන් වීඩියෝවක් නරඹන්නටය. එසේම ඇතැමුන් තම ව්‍යාපාර කටයුතු වලට අන්තර්ජාලය භාවිතා කරති. ඊ මේල් බැලීමට චැට් කිරීමට භාවිතා කරති. මේ සියල්ලම වැටෙන්නේ එකම කුලකයකටය එනම් පෞද්ගලික ප්‍රයෝජනය තකා අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ කුලකයයි.

මේ කුලකයට අමතරව, කිසිම ලාභයක් නොලඹන, එසේම එවන් ලාභයක් අපේක්ෂා නොකර තම දැනුම, අත්දැකීම්  වින්දනය සමග මුසු කොට අන්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා අන්තර්ජාලය පුරා විසිරුවා හරින පිරිසක් ද සිටී.  හඬක් නගන්නට බැරි මිනිසුන්ගේ හඬ වන්නේ ඔවුන්ය. විවිද සමාජ මට්ටම නියෝජය කරන ඔවුහු; අන්තර්ජාලය පාර්ලිමේන්තුවක් නම්,  එම සමාජ මට්ටම නියෝජනය කරන ජනතාවගේ මහජන  නියෝජිතයෝයි .  මේ කියන්නේ වෙන කිසිවෙකු ගැන නොවෙයි. බ්ලොග් කරණයේ නියුතු ඔබ ගැනයි.

ඉතින්, ඔබ නොදැනුවත්ම වුව කරන්නේ මහත් වූ සමාජ කර්තව්‍යකි. එම සමාජ කර්තව්‍ය ට අර්ථයක් දීමට අර්ථයක් අති දේ ඔබගේ බ්ලොග් අඩවිය මගින් පළකරන්න. ජනතාවගේ ඩිජිටල් පත්තරකරුවන්  වන්නට ඔබට පුළුවන. ඔබ සතුව ඇති බලය අති විශාලය. කෙනෙකු සිතන අයුරු, කෙනෙකුගේ අදහස් වෙනස් කිරීමට මෙම බලය ඔබට භාවිතා කල හැක.  ඉතින් එම බලය සමාජයට අර්ථයක් ඇතිදෙයකට යොදවන ඔබ 2.0 පරම්පරාවේ ආදර්ශවත් බ්ලොග් කරුවෙකි.

Leave a comment