Beyond Nation

අප සියළු දෙනා කොටස්කරුවන් වන ලාංකීය සමාජය සහ ලිංගිකත්වය කොන්දේසි රහිතව විවේචනය කෙරෙන තෝතැන්න…

ජාතිවාදය සහ ලංකාවේ සැඟවුනු ලිංගිකත්වයේ නිරුවත හෙළි කිරීම | Beyond Nation

Posted by Beyond Nation on March 13, 2011

ආදරණීය ප්‍රිය මිතුරු මිතුරියනි, මේ කෙටි ලිපියෙන් බලාපොරොත්තු වනුයේ සෑම බ්ලොග් එකකින්ම කරන ආරම්භක හැඳින්වීම සඳහා වචනයක් පැවසීමටයි.

මෙම බ්ලොගයේ ප්‍රධාන අරමුණ වන්නේ මේ දවස්වල නැගී එන සිංහල ජාතිවාදයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීම. ඊට අමතරව ජාතිවාදීන් විසින් සඟවා ගන්නා ලිංගිකත්වය ගැන කෙළින්ම කතා කිරීමයි.

අපි මේවා ගැන ලියනකොට අපිට පැති දෙකකින් පහර වදිනවා. එක් කට්ටියක් තමයි සිංහල ජාතිවාදීන්. අනික් අය තමයි ශ්‍රී ලංකාවේ තිබෙන ලිංගිකත්වය සුදු පිරුවටයකින් වහලා ඒ ගැන කිසිවක් කතා කිරීම පවා තහනම් කර ඇති හොර උපාසකයින්. මම දන්න විධියට දෙවැනි පළමු කඳවුරේ සියල්ලන්ම පාහේ දෙවනි කඳවුටරත් අයිතියි.

ඉතින් මේ දේවල් කතා කිරීමේ අරමුණ මොකක්ද??

නූතන තරුණ තරුණියන් විධියට අපි විසි එක් වන සියවසට ගැලපෙන විධියට හැඩගැසිය යුතුයි නේද? එහිදී පටු ජාතිවාදය අතහැර දැමීමත් සඟවාගෙන සිටින ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් වැදගත් වේ. ඒකට තමයි මේ ආරම්භය.

ඊට අමතරව තවත් කිව යුතු වචන කිහිපයක් තබමින් මේ ආරම්භය මොහොතකට නිමා කරනවා. අපව අන්තර්ජාලයේදී මරා දැමීමෙන් කළ හැක්කේ තවත් බින්දුව සහ එකින් සෑදුනු දත්ත කිහිපයක් එක් තැනක සිට තවත් තැනකට යාමයි. ඒ වගේම යකඩයක් තලන්න තලන්න මුවහත් වෙනවා සේ අපිත් නැවත නැවතත් අළු ගසා නැගිටින්නෙමු.

2 Responses to “ජාතිවාදය සහ ලංකාවේ සැඟවුනු ලිංගිකත්වයේ නිරුවත හෙළි කිරීම | Beyond Nation”

  1. I wish all the best for you.

  2. den said

    pala pako yanna

Leave a comment