අන්තරෙන් ජනපතිට ලිපියක්


මේ කියන හැමදේම සාධාරණ නෑ තමයි, ඒත් සාධාරණ ඉල්ලීම් පමණක් ඉටුකරන්න කියන ඉල්ලීම හැමෝගේම හිතේ තියනවා

2015-01-21

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

නව තාවකාලික ආණ්ඩුවේ හදිසි ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු ගැටළු කිහිපයක් පිළිබඳවයි.

පසුගිය ජනාධිපතිවරණයෙන්් පසුව රට තුළ නව ජනාධිපතිවරයෙක් හා නව ආණ්ඩුවක් පත්වී ඇත. වසර 09 ක් තිස්සේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා සහ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ඒ අනුව පරාජයට පත්වී ඇත. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස රටේ නව ජනාධිපතිවරයා වන ඔබව ආමන්ත‍්‍රණය කිරීමට තීරණය කළේ එවන් තත්වයක් තුළ තාවකාලික ආණ්ඩුවේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ අපගේ ස්ථාවරය හා යෝජනා ඉදිරිපත් කිරීමටයි.

පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ, එම ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය පිළිබඳ සෑම ජන කොටසකම පාහේ අප‍්‍රසාදය දනවන කටයුතු දිනෙන් දින ඉහළ යමින් තිබිණි. ශිෂ්‍යයින් ලෙස අප තුළද එය ඒ අකාරයෙන්ම සිදු විය. අපගේ මතය අනුව ඊට හේතු වූයේ එම ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය සහ ඊට එරෙහිව පුපුරා ගිය ජනතා විරෝධයන්ට එල්ල කළ අතිශයින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත් වීමයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ආදී සෑම ක්ෂේත‍්‍රයකම මෙතෙක් තිබූ ප‍්‍රතිපත්තියටත් එහා යමින් ඒවා මුළුමනින්ම ලාභ අරමුණු වෙනුවෙන් යොදාගැනීමට ඔවුන් උත්සාහ කරන ලදී. ඒ සඳහා බීජ පනත්, ජල කළමනාකරණ පනත්, පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් ගෙන ඒමට උත්සාහ කරන ලදී. තවත් විවිධාකාරයෙන් ආර්ථිකය තුළ බහුතරයක් ජනතාවට අහිතකර, සුළුතරයක් වන සමාගම් හිමියන්ට පමණක් ලාභදායී ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට උත්සාහ කරන ලදී. කම්කරුවන් ගොවියන් ධීවරයින් ශිෂ්‍යයින් සරසවි ආචාර්යවරුන් මාධ්‍යවේදීන් පරිසර සංවිධාන ආදී කොටස් අරගල කළේ මේ තත්වයට එරෙහිවයි.

නමුත් එම උද්ඝෝෂණයන්ට සවන් දෙනවා වෙනුවට ඒවා දරුණු ලෙස මර්දනය කිරීමට ලක්විය. ඒ සඳහාම මර්දන අණපනත් රාශියක් ගෙන එන ලදී. යෝජිත ඇඟිලි සලකුණු සහිත විද්‍යුත් හැඳුනුම්පත එවැන්නකි. එමෙන්ම මර්දනයේ ස්වභාවය පහර දීම් (නිළ හා නොනිළ*, සිරගත කිරීම් වලින් ඔබ්බට ගොස් තම ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ ක‍්‍රියාකාරීන් ඝාතනය කිරීම දක්වා රැුගෙන යන ලදී. මේ අතරින් මාධ්‍යවේදියකු වූ ලසන්ත වික‍්‍රමතුංග, ධීවරයකු වූ හලාවත ඇන්තනි, කම්කරුවකු වූ රොෂේන් චානක, රතුපස්වලදී පුද්ගලයන් හත් දෙනෙක් ඝාතනය කිරීම ආදිය සමාජය කැළඹූ එවන් ඝාතන විය. එම නිසා මේ තත්වය වෙනස් කිරීම ඔබගෙන් හා තාවකාලික ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ ප‍්‍රධානම දෙය ලෙස අපි දකිමු. එමෙන්ම ඔබ විසින් දින 100 ක් තුළ කළ යුතු හදිසි කර්තව්‍යයන් ලැයිස්තුවක් දින වකවානු සහිතව ඉදිරිපත් කර තිබේ. එහි දින සහිතව කි‍්‍රයාමාර්ග ඉදිරිපත් කිරීම සාධනීය කරුණක් ලෙස අපි දකිමු.
නමුත් සැබෑ ලෙස ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට නම් අනිවාර්යයෙන්ම කළ යුතු, එමෙන්ම ඉතාමත් කෙටි කාලයක් තුළ කළ හැකි තවත් ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. මේවා අලූත් ඉල්ලීම් නොවන අතර දිගින් දිගටම ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපත්, එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාධාරණත්වය බලාපොරොත්තු වන අනෙකුත් බොහෝ පුද්ගලයින් හා සංවිධාන විසිනුත් වසර ගණනක් තිස්සේ ඉදිරිපත් කළ හා සටන් වැදුණු කරුණු වේ.

එම ගැටළු අපි මෙසේ ඉදිරිපත් කරමු.

01. මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම.

අධ්‍යාපනය විකිණීම(වෙළඳ භාණ්ඩයක් කිරීම* පිළිබඳ හොඳම නිදර්ශනයක් වන, උසස් පෙළ සමත් වී සරසවි ප‍්‍රවේශය ලබා ඇති සිසුන් දහස් ගණනින් සරසවි ප‍්‍රවේශය අහිමිව සිටියදී, එය නොසළකා රුපියල් ලක්ෂ 110 බැගින් ගෙවා වෛද්‍ය උපාධිය ලබා ගත හැකි, පසුගිය රාජපක්ෂ පාලනය තුළදී විශාල රාජ්‍ය අනුග‍්‍රහයක් ලබා දුන්, මාලඹේ ී්ෂඔඵ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම. එමෙන්ම රට පුරා ක‍්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කිරීම හෝ රජයට පවරාගෙන නිදහස් අධ්‍යාපනය යටතේ කි‍්‍රයාත්මක කරවීම.

02. රජයේ විශ්වවිද්‍යාල තුළ උපාධි මුදලට විකිණීම නැවැත්වීම.

සරසවි තුළ දශක ගණනාවක් බාහිර උපාධි ලෙස උපාධි ලබා දුන් ක‍්‍රමවේදය අහෝසි කරමින්, බාහිර උපාධි යන නාමකරණය යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ ලක්ෂ ගණන් වලට උපාධි මුදලට විකිණීම මේ වන විට සිදු කරමින් සිටී. එනිසා මුදලට විකිණීමේ කි‍්‍රයාවලිය අහෝසි කොට පෙර පරිදි, සිසුන්ට නිදහස් අධ්‍යාපනය යටතේ ගාස්තු ගෙවීමකින් තොරව ‘බාහිර උපාධි’ ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීම. විවෘත විශ්වවිද්‍යාලය තුළ මෑත කාලයේදී සිදු කළ අධික මුදල් අය කිරීම වහා පහත දැමීම.

03. පාසැල් තුළ කුමන හේතුවක් මත හෝ සිසුන්ගෙන් හා දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම නවතා දැමීම. අවශ්‍ය ප‍්‍රතිපාදන නිසි පරිදි ලබාදීම.

පසුගිය කාලයේ පාසල් වල නඩත්තුව දෙමව්පියන් මත මුළුමනින්ම පැටවෙන ලෙස පහසුකම් ගාස්තු, සේවා ගාස්තු, ආරක්ෂක ගාස්තු, බිත්ති වල තීන්ත ගෑම, මේස-පුටු වල වියදම්, ගොඩනැගිලි ඉදිකිරීමේ වියදම් ආදී සියල්ල දෙමවුපියන්ගෙන් හා සිසුන්ගෙන් අය කර ගන්නා ක‍්‍රමවේදයක් රට තුළ තහවුරු කර ඇත. මේ නිසා හොරණ ප‍්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට පාසැලට මුදල් ලබා දීමට හොරකම් කිරීමට සිදුවීම වැනි ඛේදජනක සිදුවීම් සමාජයක් ලෙස අපි පසුගිය කාලයේ දැක ගත්තෙමු. එමෙන්ම පාසැලකට සිසුන් ඇතුළත් කිරීමේදී පවා ඒ වෙනුවෙන් ඉහළ මිලක් ගෙවීමට දෙමව්පියන්ට සිදුවී ඇත. ඒ නිසා මෙම තත්වය වෙනස් කර, පාසල් තුළ කුමන ආකාරයකින් හෝ සිදුකරන මුදල් අය කිරීම නවතා දැමීම. මෙය නීති සකස් කිරීමෙන් ඔබ්බට ගොස්, පාසැල් වලට නඩත්තු වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් පරිදි රජයෙන් වෙන් කිරීම සිදු කිරීම.

04. ජනක බණ්ඩාර – සිසිත ප‍්‍රියංකර යන ශිෂ්‍ය කි‍්‍රයාකාරීන්ගේ ඝාතනය හෙළිදරව් කිරීම.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීර්ඝ වැඩ වර්ජනයට සමගාමිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නුවර සිට කොළඹ දක්වා පැමිණි දින 5 ක පාගමනේ සිවුවන දින, 2012 සැප්තැම්බර් 27 වන දින ජනක බණ්ඩාර හා සිසිත ප‍්‍රියංකර යන ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දෙදෙනා අභිරහස් ලෙස අනතුරකින් මිය යන ලදී. මෙය පැවති ආණ්ඩුවේ මැදිහත් වීම මත සිදුකළ සැලසුම් සහ ඝාතනයක් බව සමාජය තුළ පුළුල් වශයෙන් පිළිගැනුණු කරුණක් විය. මේ මොහොතේ මිලිටරිය ඇතුළු එම රාජ්‍ය යාන්ත‍්‍රණය ඔබ සතුව පවතින නිසා මෙම ඝාතනය හෙළිදරවු කිරීම.

05. පසුගිය සමයේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සිදුවූ ජන ඝාතන හෙළිදරව් කිරීම.

පසුගිය සමයේ පාලකයන්ට විරුද්ධව අරගල කළ විවිධ ක්ෂේත‍්‍රවල පුද්ගලයන් ගණනාවක් ඝාතනය කිරීම්වලට ලක්විය. උදාහරණ ලෙස හලාවතදී ධීවරයකු වූ ඇන්තනී, කටුනායකදී කම්කරුවකු වූ රොෂේන් චානක, වැලිවේරිය-රතුපස්වලදී සිදුකළ ඝාතන 07, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ගේ ඝාතනය ආදිය දැක්විය හැකිය. මේවා එළිපිට සිදුවූ ඝාතන වුවත් මෙතෙක් කිසිදු වගකිව යුත්තෙක් හෙළිදරව් කර නොමැත. එබැවින් වහාම මෙම ඝාතන හා ඝාතකයන් හෙළිදරව් කිරීම.

06. පසුගිය සමයේ සිදුකළ පුද්ගල අතුරුදන් කිරීම් හෙළිදරව් කිරීම.

පසුගිය සමයේ දේශපාලන කි‍්‍රයාකාරීන්, මාධ්‍යවේදීන් අතුරුදන් වීම් ගණනාවක් සිදුවිය. උතුරේ දේශපාලන ක‍්‍රියාකාරීන් ලෙස කටයුතු කළ ජනඅරගල ව්‍යාපාරයේ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන්, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ ආදීන් උදාහරණ ලෙස දැක්විය හැකිය. අද වනතුරුත් කිසිදු තොරතුරක් හෙළිදරව් කර නොමැති මෙම අතුරුදන් කිරීම් ගැන හා ඔවුන්ගේ ජීවීතවලට සිදුවූ දෙය පිළිබඳ ඉක්මනින් හෙළිදරව් කිරීම.

07. සුදු වෑන් කල්ලි හෙළිදරව් කිරීම.

පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන්වලින් පැමිණ සිදුකරගෙන ගිය පුද්ගලයන් පැහැරගැනීම් ගැන තවමත් නිශ්චිත තොරතුරු හෙළිදරව් කර නැත. පුද්ගල අතුරුදන් කිරීම් ගණනාවක් සිදුකළ, සමස්ත ජනතාවගේ අවධානය යොමු වූ මෙම කල්ලි කව්රුන්ද යන්නත්, ඒවා මෙහෙය වූයේ කව්රුන්ද යන්නත් හෙළිදරව් කිරීම.

08. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සිදුකළ ප‍්‍රජතාන්ත‍්‍ර විරෝධී සංශෝධන අහෝසි කිරීම.

පසුගිය ආණ්ඩුව විසින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සිදුකළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංශෝධන හරහා මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකර පුද්ගලයකු පොලිසි තුළ රඳවාගෙන සිටිය හැකි කාලය පැය 24 සිට පැය 48 දක්වා ඉහළ දැමීම ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකරන ලදී. මෙම සංශෝධනයන් අහෝසි කිරීම.

09. සෙන්දිල්කුමාර් සුදර්ශන් සහෝදරයා නිදහස් කිරීම.

2014-08-14 වැනිදා රජයේ ආරක්ෂක අංශ විසින්, චෝදනා රහිතව, සරසවි භූමිය තුළට පැමිණ පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින සබරගමුව සරසවියේ සෙන්දිල්කුමාර් සුදර්ශන් සහෝදරයා වහාම නිදහස් කිරීම.

10. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

මේ වන විට යුද්ධය අවසන් වී වසර 5 කට ආසන්න වී ඇත. යුද්ධයෙන් පසු ජීවග‍්‍රහයෙන් අල්ලා ගන්නා ලද ඛගඔගඔගෑ ප‍්‍රධාන නායකයන් සියල්ලම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව තුළත් මේ වන විටත් නිරුපද්‍රිතව සිටින අතර ඔවුන්ගේ මඟ ගිය සාමාන්‍ය තරුණ තරුණියන් වසර ගණන්, ඇතැම් විට දශක ගණනක් තිස්සේ සිරගත කර සිටිති. මෙය අතිශයින් වැරදි තත්වයකි. එබැවින් අවම වශයෙන් නඩු ඇසීම් රහිතව සිරගත වී සිටින දේශපාලන සිරකරුවන් මෙහි පළමු පියවරක් ලෙස නිදහස් කිරීම.

11. පසුගිය කාලයේ සිදුවූ ජාතිවාදී කෝලාහලයන් හා ඒවායේ වගඋත්තරකරුවන් හෙළිදරව් කිරීම.

යුද්ධයෙන් අනතුරුව පසුගිය කාලය තුළ නැවත වතාවක් ලාංකේය සමාජය තුළ ජාතිවාදය ඉස්මතු කරමින් එකිනෙකා සතුරු කර ඉන් වාසි ලැබීමේ පාලකයන්ගේ දේශපාලනය ක‍්‍රියාත්මක කරන ලදී. එය ජාතිවාදී ගැටුම් දක්වා රැුගෙන ගිය අවස්ථාද විය. අලූත්ගම – බේරුවල ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පහර දෙමින් පුද්ගලයන් කිහිප දෙනකුට මරු කැඳවූ ජාතිවාදී කෝලාහලය ද එවැන්නකි. මේ වන තුරු ඊට වගකිව යුත්තන් හෙළිදරව් කර නැත. ඔවුන් බොහොමයක් පැවැති ආණ්ඩුවේ අනුග‍්‍රහය ලැබූවන් බව ප‍්‍රසිද්ධ රහසකි. එබැවින් මෙම සිද්ධීන් සිදුවූ ආකාරය හා ඒවායේ වගඋත්තරකරුවන් සමාජය හමුවේ හෙළිදරව් කිරීම.

12. උතුරු නැෙඟනහිර මිලිටරි පාලනය ඉවත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම.

යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ වන තුරුත් උතුරු නැෙඟනහිර පූර්ණ සිවිල් පාලනයක් ස්ථාපිත කර නැත. තවමත් මිලිටරි පාලනයක් සහ ඒ හරහා ඇති වී තිබෙන පීඩනයක් මධ්‍යයේ උතුරු නැෙඟනහිර ජනතාවගේ ජීවිත ගෙවී යයි. එමෙන්ම තවමත් යුද්ධයෙන් පසු ජනතාව සතුව පෙර තිබුණු ඉඩම් විශාල ප‍්‍රමාණයක් ඔවුන්ගෙන් උදුරාගෙන සමාගම් වලට පැවරීමක් සිදුකර ඇත. උදාහරණයක් ලෙස සාම්පූර් ප‍්‍රදේශයේ වර්ග කිලෝමීටර් සිය ගණනක් ඉඩමක් ඉන්දියාවට පැවරීම සැලකිය හැක. තවද යාපනය හා නැෙඟනහිර විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍ය සංගම් හා දේශපාලන ක‍්‍රියාකාරීත්වයට පූර්ණ නිදහසක් ලබා දිය යුතුය. එමෙන්ම උතුරු නැෙඟනහිර ජනතාවගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වයට අදාළ නිදහසද ස්ථාපිත කළ යුතුය. මේවා ක්ෂණික අවශ්‍යතා ලෙස පවතී.

13. ආරක්ෂක ලේකම්වරයාට ඇති විශේෂ රඳවාගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය අහෝසි කිරීම.

මේ හරහා මහෙස්ත‍්‍රාත්වරයකුට ඉදිරිපත් නොකර, කිසිවකුට මුණගැසීමටවත් ඉඩ නොදී, රඳවාගෙන සිටින ස්ථානය හෙළිදරව් නොකර, ඕනෑම කාලයක් රඳවාගෙන සිටිය හැක. මෙය බරපතළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති සංශෝධනයකි. මෙය වහාම අහෝසි කිරීම.

14. හමුදාවට සිවිල් බලතල ලබාදුන් 2013 ජූලි 03 වනදා නිකුත් කළ අංක 1817/31 දරන ගැසට් පත‍්‍රය වහාම අවලංගු කළ යුතුය.

සාමාන්‍යයෙන් පොලිසියට පමණක් ඇති සිවිල් බලතල මේ වන විට හමුදාවට ද ලබාදීමේ නව නීතියක් ඉහත ගැසට් පත‍්‍රය මඟින් සිදුකර ඇත. ඒ අනුව ජනතා උද්ඝෝෂණවලට සෘජුවම හමුදාව යෙදවිය හැකිවේ. වැලිවේරිය-රතුපස්වල ජනතා අරගලයේ දී සිදුවූයේ එයයි. එබැවින් මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගැසට් පත‍්‍රය වහාම ඉවත් කිරීම.

15. යෝජිත බීජ පනත අහෝසි කිිරීම.

පසුගිය ආණ්ඩුව මඟින් ගෙන ඒමට නියමිතව තිබුණු හා තවමත් හකුළා නොගත් බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත මඟින් මෙතෙක් ගොවියන්ට හිමිව තිබූ බීජ අයිතිය මුළුමනින්ම සමාගම්වලට පැවරීමටත් ගොවීන් බහුජාතික සමාගම්වල පූර්ණ යැපෙන්නන් බවට පත්කිරීමටත් නියමිතව තිබුණි. මෙම යෝජිත බීජ පනතට විරෝධතා නැඟුණත් මෙම ක‍්‍රියාවලිය තවම නවතා දමා නැත. එම නිසා යෝජිත බීජ පනත ගෙන ඒම මුළුමනින්ම නවතා දැමීම.

16. යෝජිත ජල කළමනාකරණ පනත අහෝසි කිරීම.

පසුගිය ආණ්ඩුව මඟින් ගෙන ඒමට නියමිතව තිබූ ජල කළමනාකරණ පනත ද එවැන්නකි. වයඹ පළාත් සභාවේ දී පනතක් ලෙස සම්මත කර ඇති මෙය සමස්ත රටටම අදාළව ගෙන ඒමට නියමිතව තිබේ. ඒ හරහා මෙතෙක් සියලු දෙනාගේ අයිතියක් බවට පත්ව තිබෙන ජල සම්පත විකුණන හා මිලදී ගත හැකි වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමට නියමිතව තිබේ. රටේ ගොවි ජනතාව විශාල අර්බුදයකට යවන මෙම පනත මුළුමනින්ම නවතා දැමීම.

17. යෝජිත විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමය අහෝසි කිරීම.

පසුගිය ආණ්ඩුව මඟින් යෝජිත නව විද්‍යුත් හැඳුනුම්පතක් හඳුන්වාදීමේ කි‍්‍රයාවලියක් මේ වන තුරුත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. සියලු පුද්ගලික තොරතුරු හා ඇඟිලි සලකුණු වැනි තොරතුරු සියල්ල රාජ්‍යය සතු කරගන්නා මෙම වැඩපිළිවෙළ සැබෑ ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කිසිවකුට අනුමත කළ හැක්කක් නොවේ. පසුගිය කාලයේ යුරෝපයේ ඇතැම් රටවල පවා මෙවැන්නක් සිදුකිරීමට ගත් උත්සාහයන් ජනතා විරෝධතා හමුවේ අසාර්ථක විය. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දැඩි මැදිහත්වීමකින්, ජනතාවට වැරදි වැටහීමක් ඇති කරමින් ගෙන ආ මෙම මර්දන පියවර ඉදිරියට ගෙන යාම අත්හිටුවිය යුතුය. යෝජිත විද්‍යුත් හැඳුනුම්පත ගෙන ඒම නවතා දැමීම.

18. රජරට වකුගඩු රෝගය වැළැක්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම.

වියළි කලාපයේ (විශේෂයෙන් රජරට ප‍්‍රදේශයේ* ගොවි ජනතාව පීඩා විඳින වකුගඩු අකර්මන්‍ය වීමේ රෝගී තත්වය මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත්වී ඇත. ඒ නිසා එම තත්වයට මැදිහත් වීම ද තාවකාලික ආණ්ඩුවේ හදිසි අවශ්‍යතා අතර ඇති බව අපගේ ස්ථාවරයයි. ඒ සඳහා මූලික වශයෙන් එම රෝගී තත්වයට වගකිව යුතු ලෙස හඳුනාගෙන ඇති කෘෂි යෙදවුම් හා ඒවා බෙදාහැරි සමාගම්වලට එරෙහි කි‍්‍රයාමාර්ග ගැනීම හා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට දැනට එම ප‍්‍රදේශවල තිබෙන රෝහල් පහසුකම් ඉහළ නැංවීමට ක්ෂණීක ක‍්‍රියාමාර්ග ගැනීම.

19. පසුගිය ඉතිහාසයේ සිදුකළ සියළු ජනතා මුදල් කොල්ලකෑම්, වංචා කිරීම් හෙළිදරව් කිරීම.

පසුගිය සමයේ රාජ්‍යය සතු ජනතාවගේ මුදල් විශාල ලෙස වංචා කිරීම් හා කොල්ලකෑම් වලට ලක්වූ බව සියළු දෙනා පිළිගනී. ඒ පිළිබඳ විමර්ශනය කොට වැරදිකරුවන් හෙළිදරව් කිරීම හා ඔවුන්ට දඬුවම් දීම අවශ්‍ය බව අපි පිළිගනිමු. ඒ පිළිබඳ විශාල උනන්දුවක් සහිත කතිකාවතක් මේ වන විට දැකගත හැකිය. නමුත් එම කි‍්‍රයාවලියේදී කිසිදු කොන්දේසියකින් තොරව විමර්ශන සිදුකරනු වෙනුවට පුද්ගලයින් අවනත කරගැනීම සඳහා එම තොරතුරු භාවිතා කිරීමක් සිදුවීමට ඉඩක් ඇත. එම තත්වය වැළැක්විය යුතුය. එමෙන්ම පසුගිය වසර දෙක තුන වෙනුවට ඉන් එහා කාල පරිච්ෙඡ්දයත් ඇතුළත්ව මෙම විමර්ශන සිදුකළ යුතුවේ. එමෙන්ම මේ වන විට තාවකාලික ආණ්ඩුවේ ඇමතිවරු කියා සිටින පරිදි වංචා, ¥ෂණ පිළිබඳ තොරතුරු ජනතාවගෙන විමසනවා වෙනුවට මේ වන විට තමන් යටතේ ඇති රාජ්‍ය යාන්ත‍්‍රණය යොදා ගනිමින් එම තොරතුරු හෙළිදරව් කිරීම කළ හැකිය. එමෙන්ම ප‍්‍රධාන කරුණක් වනුයේ ඉදිරියට සිදු වන වංචාවන් නවත්වා දැමීමයි. ඒ සඳහා එක් පියවරක් ලෙස මැතිවරණ වලට ඉදිරිපත්වන සියළු නියෝජිතයිනගේ වත්කම් බැරකම් ඕනෑම මොහොතක ජනතාවට ලබාගත හැකිවන පරිදි නීති සම්මත කිරීමටද අපි යෝජනා කරමු.

20. සරසවි තුළ කි‍්‍රයාත්මක වන සමාසික ක‍්‍රමය පිළිබඳ නැවත ඇගයීමක් කිරීම.

ලංකාවේ සරසවි තුළ මේ වන විට කි‍්‍රයාත්මක වන අධ්‍යාපන ක‍්‍රමයේ ඇති ප‍්‍රධානතම ගැටළුවක් වන්නේ විචාරශීලී භාවයෙන් යුතු උපාධිධාරියෙක් බිහිකරනවා වෙනුවට, විෂය නිර්දේශය තුළ හා දේශන ශාලා තුළ සිසුන් සිරකරන අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය වී තිබීම හා එය දිනෙන් දින තීව‍්‍ර වෙමින් තිබීමයි. එනිසා මෙම ප‍්‍රශ්නකාරී සමාසික ක‍්‍රමය පිළිබඳ යළි සමාලෝචනයක් සිදුකිරීම.

21. උසස් තාක්ෂණ ආයතනවල පාඨමාලා විකිණීමේ හා කප්පාදු කිරීමේ යෝජනා හකුළා ගැනීම.

උසස් ඩිප්ලෝමා පිරිනමන, නිදහස් අධ්‍යාපනය යටතේ ක‍්‍රියාත්මක වන උසස් තාක්ෂණ ආයතන පද්ධතිය තුළ බරපතළ ප‍්‍රශ්න ප‍්‍රමාණයක් ඇති කිරීමට පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හේතු විය. මැතිවරණය ආසන්නයේ ්‍යභෘ් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී දරුණු පොලිස් ප‍්‍රහාරයක් එල්ල වුණේ ඊට විරුද්ධව උද්ඝෝෂණය කිරීමේදීය. ඒ නිසා එම ආයතනවල පාඨමාලා විකිණීමේ හා කප්පාදු කිරීමේ සැලැසුම් හකුළාගෙන ශිෂ්‍යයන්ගේ ගැටළුවලට වහා විසඳුම් ලබා දීම.

22. අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම.

ඔබගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද සඳහන් වී ඇති පරිදි අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මූලික ඉල්ලීමක් වන අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් දක්වා ඉහළ දැමීම. අධ්‍යාපනය මේ මොහොතේ පවතින තත්වය සලකා බැලූ විට මෙය තවත් කල් දැමිය හැක්කක් නොවේ. මේ සඳහා ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛණයෙන් ප‍්‍රතිපාදන වෙන්කිරීමෙන්ම ක්ෂණික මැදිහත් වීමක් කළ යුතුවේ. ඒ සඳහා යුද්ධය අවසන් කිරීමෙන් පසුවත් වසරින් වසර අනවශ්‍ය ලෙස ඉහළ දමමින් පවතින ආරක්ෂක වියදම් අඩු කර අවශ්‍ය ප‍්‍රතිපාදන සොයාගත හැකි බව අපගේ අදහසයි.

23. මහපොළ ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම.

මහපොළ දීමනාව ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන්ව ඇත. එය ඒ ආකාරයෙන්ම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන අතරම මහපොළ ලබාදීම සම්බන්ධයෙන් අපගේ අනෙකුත් මූලික ඉල්ලීමක් වූයේ මහපොළ ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමයි. උදාහරණයක් ලෙස, ශිෂ්‍යයකුට/ශිෂ්‍යාවකට මහපොළ ලබාදීමේ දී සලකා බලන නිවසේ ආදායම් සීමාව වසර 10 කින් සංශෝධනය කර නැත. එබැවින් එම සීමාවන් වෙනස් කර අවශ්‍ය සියලු සිසුන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා මහපොළ දීමනාව ලබා දෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම.

24. විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන සේවකයින්ගේ දීර්ඝ කාලීන ගැටළු වලට විසඳුම් ලබාදීම.

පසුගිය වසර කිහිපයේම සරසවි ආචාර්යවරුන් හා අනධ්‍යන සේවකයින් ඔවුන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධ ගැටළු, වැටුප් විෂමතා, පර්යේෂණ දීමනා සම්බන්ධ ගැටළු මෙන්ම බඳවා ගැනීම් හා අනෙකුත් සේවා කොන්දේසි පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කිරීම හා උද්ඝෝෂණය කිරීම සිදුවිය. මෙම ගැටළු විසඳා ඔවුන්ගේ සේවා තත්ත්ව ඉහළ දැමීමට කටයුතු කිරීම.

25. මර්දනයට ලක්වූ සිසුන්ට හිමි මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදීම.

පසුගිය ආණ්ඩුව යටතේ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන්/කි‍්‍රයාකාරිනියන් දරුණු මර්දනය කිරීමකට ලක්වූ බව අපි සියලු දෙනා දනිමු. ඒ අතරින් පසුගිය වසර 04 තුළ පමණක් පන්ති තහනම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට ලක්වූවන්ගේ සංඛ්‍යාව 1500 කට අධික වේ. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සිදුකළ උද්ඝෝෂණ හමුවේ මෙම දඬුවම් ඉවත් කර ගත්තද තවමත් මින් බහුතරයක් දෙනාට දඬුවම් ලෙස මහපොළ හා ශිෂ්‍යාධාර වාරික සදහටම අත්හිටුවා ඇත. රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය මැනවින් නිරූපණය කරන මෙම ක‍්‍රියාදාමය වහාම අත්හිටුවා එම සිසු සිසුවියන්ට සියලු හිඟ වාරික සහිතව මහපොළ හා ශිෂ්‍යාධාර ලබා දීම.

26. පසුගිය පාලනය මඟින් ශිෂ්‍ය කි‍්‍රයාකාරීන්ට පවරා ඇති සියලු නඩු හා ඇප කොන්දේසි ඉවත් කිරීම.

පසුගිය කාලයේ ශිෂ්‍ය මර්දනයේ දී අසාධාරණ ලෙස නඩු පැවරීම්, අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම්, අසාධාරණ ඇප කොන්දේසි පැනවීම් ආදිය බොහෝ සෙයින් සිදුවිය. ඇතැම් ශිෂ්‍ය නායකයන්ට නිකරුනේ නඩු 20 කට අධික ප‍්‍රමාණයක් පැවරුණු අවස්ථා ද විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයාට තවමත් මේ රටේ සාමාන්‍ය පුරවැසියකු ලෙස සරසවි භූමියකට ඇතුළු වීමටවත් නොහැකි ආකාරයේ ඇප කොන්දේසි පනවා ඇත. මේවා උදාහරණ පමණි. එබැවින් පසුගිය ආණ්ඩුවේ මෙම මර්දනීය පියවරයන් හකුළමින් සිසුන් නායකයන්ට එරෙහිව පවරා ඇති සියලු නඩු හා ඇප කොන්දේසි ඉවත් කිරීම.

27. සියලු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පිහිටුවීම.

පසුගිය ආණ්ඩුව විසින් අහෝසි කරන ලද ශිෂ්‍යයන්ගේ මූලික අයිතියක් වූ ශිෂ්‍ය සංගම් අයිතිය තවමත් පූර්ණ ලෙස ස්ථාපිත කර නැත. අරගල හරහා ඇතැම් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් දිනාගත්ත ද සබරගමුව, කොළඹ, ඌව වෙල්ලස්ස, අග්නිදිග, වයඹ යන විශ්වවිද්‍යාලවල තවමත් ශිෂ්‍ය සංගම් පිහිටුවා නැත. මෙම ශිෂ්‍ය සංගම් ඉක්මනින් පිහිටුවීම.

28. සරසවි ප‍්‍රවේශයට පෙර නායකත්ව පුහුණුව නමින් ලබාදෙන හමුදා පුහුණුව අහෝසි කිරීම.

සරසවි ප‍්‍රවේශයට පෙර සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ‘නායකත්ව පුහුණුව’ නමින් ලබා දෙන හමුදා පුහුණුව තවමත් ක‍්‍ර‍්‍රියාත්මක වේ. පසුගිය ආණ්ඩුව මඟින් ආරම්භ කරන ලද හමුදා කඳවුරු තුළට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගාල් කරමින් සිදුකරන මෙම විකෘති සහගත ක‍්‍රියාවලියට එම ආණ්ඩුවේ පිරිස් හා ඊට ආවැඩූ කිහිප දෙනෙක් හැරුණු කොට සමස්ත සමාජයම විරුද්ධ විය. මෙය පසුව විදුහල්පතිවරුන්, ඇතැම් රාජ්‍ය සේවකයන් දක්වා පුළුල් කෙරිණි. මෙය රාජපක්ෂ පාලනයේ රටම මිලිටරීකරණය කිරීමේ සිහිනයේ එක් පියවරකි. මෙහිදී ශිෂ්‍යයින් වන ළහිරු සඳරුවන් සහ නිශාන්ති මධුශානි මිය යන ලදී. තවද සී¥ව පඤ්ඤානන්ද විද්‍යාලයේ විදුහල්පති වූ ඩබ්ලිව්. ඒ. එස්. වික‍්‍රමසිංහ මහතාද මෙම පුහුණුව අතරතුරදී මිය යන ලදී. විශාල ප‍්‍රමාණයක් ආබාධවලට ලක්වන ලදී. එබැවින් විකෘතියක් වන මෙම ඊනියා නායකත්ව පුහුණුව වහාම අහෝසි කර, ඉන් හානියට ලක්වූවන්ට සාධාරණයක් ඉෂ්්ට කිරීම.

29. රක්නා ලංකා ආරක්ෂක සේවය සරසවියෙන් ඉවත් කිරීම.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ‘රක්නා ලංකා’ ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලවලට යෙදවීම පසුගිය සමයේ සිදුකරන ලදී. මෙය සිදුකරන ලද්දේ සරසවිවල ආරක්ෂක අංශවලට එතෙක් ගෙවූ මුදල මෙන් තුන් ගුණයක් මුදලක් ගෙවමිනි. මෙය ප‍්‍රශ්න ගණනාවකට තුඩු දුන් අතර එමඟින් සරසවි තුළට ඔත්තුකරුවන් එවිීම ද සිදුකරන ලදී. තවමත් කි‍්‍රයාත්මක මෙම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘පුද්ගලික හමුදාව’ වහාම විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීම.

30. සරසවි තුළින් CCTV කැමරා ඉවත් කිරීම.

සරසවි තුළ ශිෂ්‍ය කි‍්‍රයාකාරකම් නිරීක්ෂණයට ශිෂ්‍යයන් ගැවසෙන පොදු ස්ථානවල CCTV කැමරා පද්ධති ස්ථාපිත කිරීම හා ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම පසුගිය කාලයේ සිදුවිය. මෙය වහාම නවතා දැමිය යුතු කි‍්‍රයාවක් වන අතර දැනට තිබෙන ඒවා ද ඉවත් කිරීම.

මෙම ඉල්ලීම් කිසිවක් නව ඉල්ලීම් හෝ පළමුවරට සිදුකරන ඉල්ලීම් හෝ නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ ශිෂ්‍ය අරගල, ජනතා අරගල තුළ මතුවූ මූලික කරුණුය. එමෙන්ම මේවා කිසිවක් සිදුකිරීම අපහසු හෝ කල් ගතවන හෝ ඒවා නොවේ. මින් බොහොමයක් ඉතාමත් ක්ෂණිකව සිදුකළ හැක.

එමෙන්ම ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය’ පිළිබඳ සාකච්ඡුාව පසුගිය ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡුාවට ගැණුනු කරුණු විය. ඒ පිළිබඳව ඔබතුමාගේ මැතිවරණ වේදිකාවලදී ද පුළුල් වශයෙන් සාකච්ඡුා වනු දැකගත හැකි විය. එමෙන්ම ඊට පරිබාහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශාල පිරිසක් පසුගිය කාලයේ දී රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී රට තුළ බිඳ වැටී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම ගැන බලාපොරොත්තු තබාගෙන සිටිති. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ අදහස වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටීම, මර්දනය රට තුළ කි‍්‍රයාත්මක කරන ආර්ථික ප‍්‍රතිපත්තිය සමඟ සෘජුවම සම්බන්ධ බවයි. පසුගිය ආණ්ඩුව මඟින් කි‍්‍රයාත්මක කළ නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය හමුවේ පැන නැඟි ජනතා විරෝධයන් මර්දනය කිරීම පසුගිය කාලය පුරාම දැකගත හැකි විය. හලාවත, කටුනායක, වැලිවේරිය හා ශිෂ්‍ය ඝාතනයන් එහි ප‍්‍රතිඵලයක

ප්‍රතිචාරයක් ලබාදෙන්න