ලස්සන ඇස් – පෙරවදන
නිදා ගැනීම කියන්නේ මම ආසම කරන ක්‍රියාවක්. ඒක මගේ ප්‍රියතම විනෝදාංශයක් කිව්වත් හරි. දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක මට නිදා ගන්න පුලුවන්. හදිසියේම මහ හයියෙන් ෆෝන් එක රින්ග් වෙද්දි මාව උඩ ගිහින් ඇහැරුනා. ෆෝන් එක සයිලන්ට් දාන්න අමතක වෙච්ච එකට මටම බැණ බැණ ඇඳෙන් නැගිටින්නෙවත් නැතුව අතගාලා ෆෝන් එක හොයාගත්තා.
“හෙල්ලෝඕ” මම ෆෝන් එක ආන්සර් කලේ කත කරපු එකාට හිතෙන් බැණ බැණ.
“සයුරු අයියේ, මම නිසල් කතා කරන්නෙ. අද එනව නේද ?”
“හ්ම්ම්.. ඒ මොකටද ?”
“ඇයි හලෝ අමතක උනාද හෙට කඨිනේ. ඔයයි මල්ලියි දෙන්නම එනව කිව්වෙ අද නයිට ගහන්න.”
“ආ ඔව් ඔව්. එනව එනව. මල්ලි තාම ආවෙ නෑ වැඩ ඇරිලා. ආවම එන්නම් දෙන්නත් එක්කම.”
“හරි එහෙනම් තිබ්බා.”
“ඕකේ. බායි”
නිසල් කියන්නේ මගේ මල්ලිගේ හොඳම යාලුවගේ මල්ලි. මගේ මල්ලි මට වඩා අවුරුදු දෙකක් බාලයි. නිසල් මට වඩා අවුරුදු තුනක් බාලයි. හෙට අපේ පන්සලේ කඨිනේ. කඨින චීවරේ ගෙනියන්නේ නිසල් ලගේ ගෙදර ඉඳන්. හැම අවුරුද්දෙම වගේ කඨිනෙට කලින් දා රෑ නයිට ගහන එක ගමේ කොල්ලෝ සෙට් එකේ පුරුද්ද. නිසල් වගේම නිසල්ගේ අයියා ප්‍රදීප් දෙන්නම ගමේ ඕනම දේකට ඉස්සරහට එන දෙන්නෙක්. ඒ නිසා අද එහෙ කට්ටිය ගොඩක් ඉඳී.
දැන් ඉතින් ආපහු නින්ද යන්නෙ නෑ. විනාඩි දෙක තුනක් ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටපු මම නැගිටලා නාගෙන එහෙම ලෑස්ති උනා. මම නාලා එලියට එනකොටම වගේ මල්ලිත් වැඩ ඇරිලා ආවා. එයත් නා කියා ගෙන ආවට පස්සේ දෙන්නම නිසල්ගෙ ගෙදර යන්න පිටත් උනා. අපේ කොල්ලෝ සෙට් එක කෙසේ වෙතත් හැට පැනපු ආච්චිලා සීයලා ටිකක් නම් හිටිය හතර අතේ දපල.
“ඕයි නිසල්, ප්‍රදීප්.. කෝ අනිත් උන් ?”
“දැන් එයි. තාම හතයි නේ.”
මල්ලි ගියා ප්‍රදීප් එක්ක හන්දියට මොනාද ගේන්න. මම නිසල් එක්ක එයාගේ කාමරේට ගියා. අපි දෙන්නත් එක්ක අලුතින් ආපු ෆිල්ම් ගැන, ගමේ වටේ පිටේ ඕපදූප ගැන කතා කර කර ඉඳිද්දි පහල තට්ටුවෙන් ලොකු කාල ගෝට්ටියක් ඇහුනා.
“මාර සේනාව ඇවිත්”
එහෙම කියපු නිසල් පහලට ගියා කට්ටියව පිලිගන්න. මම නිසල්ගේ කම්පියුටර් එකේ සින්දුවක් දාගෙන අහන්න ගත්තා. කොල්ලෝ සෙට් එකේ උන් එක එකා කාමරේට ආවා. මම ඉතින් එක එකාගේ විස්තර අහල පොඩි කයියක් දාගෙන හිටියා. ටික වෙලාවකින් කට්ටිය කාඩ් පැක් එලියට අරගෙන ඕමි ගහන්න පටන් ගත්තා.
“කෝ නිසල් ?” මම ඇහුවා.
“නිසල් අයියා අර අලුතෙන් ආපු පොර එක්ක හිටියා.”
“අලුතෙන් ආපු පොර ? ඒ කවුද මම නොදන්න අලුත් පොර ?”
“සති කීපයක් වෙනව මෙහාට ඇවිත්. නිසල් අයියලාගේ දුර නෑයෙක් වෙනවලු. අර වෙන්දේසි වත්තයි දං කැලෑවයි මැද්දේ තට්ටු දෙකේ ගෙයක් තිබ්බේ. අන්න ඒකට ඇවිත් ඉන්නෙ.”
කව්ද මේ අලුත් පොර ? ගිහින් බලන්න ඕනේ. එහෙම හිතල මම නැගිට්ටා පහලට යන්න. මම නැගිටිනවත් එක්කම නිසල් ‘අලුත් පොර’ එක්ක කාමරේට ආවා.
“ආ සයුරු අයියේ මේ ෂේන්. අපේ දුර නෑයෙක්. ලඟදි මේ පැත්තට පදිංචියට ආවේ. ෂේන් මේ සයුරු අයියා. අපේ සෙට් එකේ අනුශාසක තුමා”
නිසල් අපිව අඳුන්වලා දුන්නේ මට නෝන්ඩියකුත් දාන ගමන්. නිසල් මොනා කිව්වද කියල මට ඇහුනේවත් නෑ. ඒ මොකද මම ගල් ගැහිලා ෂේන් දිහා බලාගෙන හිටපු නිසා. දෙයියනේ ඒ ඇස් දෙක. මගේ කකුල් දෙක පණ නැති වේගෙන යනවා වගේ මට දැනුනා. මම ෂේන්ට අතට අත දුන්නේ මගේ ඇස් දෙක එයාගේ මූණෙන් පොඩ්ඩක්වත් අයින් කර ගන්නේ නැතුව. මට මුලු ලෝකෙම නොපෙනී ගිහින් ෂේන් විතරක් පේන්න උනා. මම ෂේන්ගේ අත අතඇරියේ නොකරම බැරි නිසා.
එදා තමා මට මුල් වතාවට ෂේන්ව හම්බ උනේ. ඒ පලවෙනි හමුවීමේදීම මට තේරුනා මගේ ජීවිතේ ආපහු හරවන්න බැරි තරමට වෙනස් වෙන්න යනවා කියලා.
හොද ආරම්භයක් , දිග කතාවකට
කලින් කතාව වෙන කෝණයකින් , නවත්තන්නේ නැතුව දිගටම ලියන්න
Viththi
January 1, 2011 at 12:14 pm
ස්තූතියි. ස්ටෝරි ලයින් එක හදිස්සි නොකර ලියන්න තමා හිතන් ඉන්නේ.
Sayuru Gajasinghe
January 1, 2011 at 12:17 pm
ඔව්
ඉක්මන කෙටියි කියනවානේ
Viththi
January 1, 2011 at 12:22 pm
අනේ වාසනාවයි….! :O
MaRlaN
January 1, 2011 at 1:49 pm
😀
Sayuru Gajasinghe
January 1, 2011 at 2:13 pm
මොකෝ බං දත් ඔක්කොම එලියට දාගෙන?
MaRlaN
January 2, 2011 at 12:35 am