Thoughts of Me මගේ සිතුවිලි

Random thoughts from a nonrandom Mind | අසම්භාවි සිතක සසම්භාවී සිතුවිලි

සමුගැනීම

with 6 comments

“ඔච්චර සීරියස් විදියට ඉන්නෙ නැතුව සාමාන්‍ය විදියට ඉන්නකෝ සයුරු. වටේ පිටේ ඉන්න මිනිස්සු බලයි මොකද මේ කියල.”

ෆලූඩා එකේ කජු කෑලි තෝර තෝර හිටපු මම ඔලුව උස්සලා නිශාන් දිහා බැලුවා. එයා මූණ නොරොක් කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මම ලොකු හුස්මක් පිට කරල ෆලූඩා එක පැත්තකින් තිබ්බා.

“මට මොකද්ද ඔයා කරන්න කියන්නෙ. මාසෙකට පස්සේ මේ හම්බ වෙන්නේ. එහෙම හම්බ වෙලත් මොකක් හරි වලියක් ඇද ගන්නමයි හදන්නෙ. අනික ඔයා හිතුවද වටේ පිටේ මිනිස්සුන්ට වෙන වැඩ නෑ කියල අනිත් මේස වල ඉන්න උන්ගේ මුණූ සීරියස්ද බලනව ඇරෙන්න ? මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ ?”

ඒ පාර නිශාන් එයාගේ ෆලූඩා එකත් එක්ක සෙල්ලම් කරනවා. කතාවක් නෑ.

“මොකද දැන් කතා නැත්තේ ? කියනව මොකද්ද ප්‍රශ්නේ කියල. මම හරි මදිද ? මාත් එක්ක එලියේ පේන්න ඉන්න ලැජ්ජද ?”

“පිස්සුද සයුරු. මෝඩ කතා කියන්න එපා.”

“එහෙනම් මොකද්ද ඔයාගෙ ප්‍රශ්නේ ?”

“එහෙම ප්‍රශ්නයක් නෑ සයුරු. ඔයා දන්නවනේ මම මෙහෙම එලියට එන්නෙ කොච්චර බයෙන්ද කියල. මට බයයි කවුරු හරි දැක්කොත් කියල.”

“ඔයා මහ පැරනොයිඩ් කේස් එකක්නේ. කොල්ලො දෙන්නෙක් එකට වාඩි වෙලා බීම එකක් බොනව කියන එක ඔච්චර අමුතු දෙයක් කියලද හිතන් ඉන්නෙ ? ඕන තරම් යාලුවෝ එහෙම කරනව. කවුරුත් මුකුත් හිතන්නේ නෑ.”

“ඒ උනත්…..”

“ඔයාට මම මොනා කලත් ඒකෙ වරදක් තියෙනවා. මම හිටගන්න හැටි වැරදී, ඇවිදින හැටි වැරදී, කතා කරන හැටි වැරදී, හිනාවෙන හැටි වැරදී, අඳින හැටි, කොන්ඩේ කපන හැටි වැරදී… ඇයි හතිලව්වෙ මට ඔයා කැමති වෙන විදියට කිසිම දෙයක් කරන්න බෑනේ.”

“ඔයාව හම්බ වෙච්ච මුල් දවසේ ඉඳලම මම උත්සාහ කලේ ඔයාව සතුටු කරන්න. ඔයා වෙනුවෙන් මම කොච්චර වෙනස් උනාද ? ඒ මොනා කලත් ඔයාට මදි. මොනාද මට තව කරන්න කියන්නෙ ?”

මේ සම්භන්ධය තව දුරටත් මේ විදියට ගෙනියන්න බෑ කියල මට ඒ වෙලාවේ තේරුණා. නිශාන් කවදා හරි පිට කොන්දක් හදා ගන්නකන් මේක හරියන්නෙ නෑ. මේ විදියට හැංගිමුත්තං කෙලින්න මට තව බෑ.

“මම ඔයාගෙන් බොහොම සුළු දේවල් බලාපොරොත්තු උනේ නිශාන්. ඔයාට ඒකවත් දෙන්න බෑ. ඔයාට ඕනේ මාව හොර ගෑණියෙක් වගේ හංගලා තියාගන්නනම් මට ඒක තව දුරටත් කරන්න බෑ. මටත් කියල ආත්ම ගෞරවයක් තියෙනවා. මට ඔයාගේ හොර ගෑණි වෙන්න බෑ මම ඔයාට කොච්චර ආදරේ කලත්.”

මම මගේ බෑග් එකත් කරේ දාගෙන නැගිට්ටා. නිශාන් මං දිහා කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් බලන් ඉන්නවා. ඒ ඇස් දෙක දැක්කම මට මගේ තීරණේ වෙනස් කරන්න හිතුණා. ඒත් නෑ මට ආපහු මේ ගිණි ගොඩට පනින්න බෑ. මට මගේ හිත මඩේ දදා හෝදන්න ඕනෙ නෑ තව දුරටත්.

“මම යනව නිශාන් මට මේක තව දුරටත් කරන්න බෑ. මම හොඳ මිනිහෙක් නිශාන්. මම කාටවත් කරදරක් නොකර පාඩුවේ ජීවත් වෙන මිනිහෙක්. i deserve better than this”

මම ආපහු හැරිලා නොබලාම ෆුඩ් කෝර්ට් එකෙන් එලියට ආවා. නිශාන් කතා කරල කොච්චර ඇඞුවත් කොච්චර හිඟා කෑවත් මගේ තීරණේ වෙනස් කරන්නේ නෑ කියල මම මටම පොරොන්දු උනා. දෙවියනේ මට ඒ පොරොන්දුව රකින්න ශක්තිය ලබා දෙන්න.

Written by Sayuru Gajasinghe

January 3, 2011 at 9:05 am

6 Responses

Subscribe to comments with RSS.

  1. අප්පට සිරි. මං මොනව කියන්නද ඉතිං

    නවම්

    January 3, 2011 at 9:17 am

    • මොනා හරි කියන්න අනේ හිතේ තියං ඉන්නෙ නැතුව… අනිත් පෝස්ට් ටිකත් කියවලම බලන්නකෝ. 😀

      Sayuru Gajasinghe

      January 3, 2011 at 9:31 am

  2. sayuru kaalekata passe . . ..

    nawam maawate commnet ekan dana gatte aayeth liyanawa kiyalaa ..

    cheeers

    දුකා

    January 3, 2011 at 12:16 pm

    • තෑන්ක්ස් දුකා අයියේ… ආපහු ලියන්න හිතුන 😛

      Sayuru Gajasinghe

      January 3, 2011 at 5:07 pm

  3. හොද වැඩේ නිශාන් ට

  4. hay keep writing waitng for your next post


Leave a comment