පුංචි බාලිකාවියේ……..

2010 ජූනි 19 at 8:42 පෙරවරු (කැඩපත් පවුර)


වෛවාරණ කමිස කෑලි

ඉනෙන් හැලෙන ඩෙනිම් කලිසම්

ඇඟ ලා ගෙන උජාරුවට

දඬු මොනරේ පිට නැග ගෙන

තක්සලාවෙ වැටෙන් එහා

මාන බලති ප්‍රේම කුරුල්ලෝ

මලවිගෙ මල් හීසර විද

ඩැහැ ගන්නට නුඹෙ හිත් මල…..

මල් හී සර වැදුනු කලට

උන්නෙ ඇඟේ පිත්තල තඹ තහඩු ගොන්න

පෙනෙයි නුඹට රන් රිදියෙන්

පුංචි බාලිකාවියේ…..

වහං වෙයං හනික පොත් පිටු අතරේ…..

ප්‍රතිචාර 20

  1. blog ගඩොල් said,

    සෑහෙන හොද, ගොඩක් නිර්මාණාත්මක කවියක්!! එලකිරි!!!!

  2. palaamalla said,

    මට මතක් උනේ ” අජානේය ස්කූටර් ” කියන සින්දුව. නිර්මානය උපරිමයි

  3. ilandhariya said,

    හුම්….එකනම් හොදයි….

    හැමදේටම කලියෙන් ඉගනීම ගැන හිතන එකනම්…ගොඩක් හොදදෙයක්….

    ලොකු ආදර්ශයක් තියනවා… ..පදපෙල අතරේ……..

  4. nimanthi said,

    බාලිකාවියන් තක්සලා දොරෙන් .
    ඉස්සිලා බලන්නේ ඇයිද
    ගස්සලා නුවන්.කියලා තියන්නේ අජානේය ස්කූටර් කියන සිංදුවේමද..කියලා මට මතක නැහැ..
    මට මතක් උනේ ඒ සිංදුව..
    ලස්සනයි ඉසිඹුව 🙂

    • isimbuwa said,

      “අජානේය ස්කූටර්” කියන්නෙ දිවුල්ගනේ මහත්මය ගායනා කරන සිංදුවක්. “බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්” කියන්නෙ ජානක වික්‍රමසිංහ මහත්මය ගායනා කරන සිංදුවක්. සිංදු දෙකම ලස්සනයි නේද අක්කෙ.

  5. දිල් said,

    මටත් එක පාරටම මතක් උනේ අජානේය ස්කූටර් ගීතය.
    කොහොම නමුත් සමාජ පණිවිඩයක් කියාපාන නිර්මාණයක්. බාවිතා කරලා තියෙන වචන හරිම ලස්සනයි. දැනෙන සුළුයි

  6. විහඟ ගීතය said,

    වැදුන සඳ මල් හී
    වහං වෙනු නම් නොහැකී
    පොතේ පි‍ටු අතරේ
    මාන බලනා දැස හිනැහේ

    ගණිතය අමතකයි
    මුන ගැහෙන දින මතකයි
    විභාගය කෙටිවෙයි
    විවාහෙට නම් නැකත ළඟමයි

  7. ```Outsider``` said,

    හොඳ ඔවදනක් දීල තියෙන්නෙ මෙදා සැරේ.. නියමයි…

  8. සුළඟ said,

    හොඳ නිර්මානයක්. ඔය සමනළ වයසෙ හිත් ඔහොම තමයි. ඉක්මනට ‍රැවටෙනවා.
    මැණික්(සුළඟ)

  9. ගල්මල්-Coral said,

    බොහෝ අගනා නිර්මාණාත්මක පදපෙලක්

  10. පිටස්තරයෙකු said,

    දඬු මොනර හරි ගණන් දැන්
    ඇත්තටම ඒ රන් රිදී විය යුතුයි
    පැළඳ ඉන්නේ
    තඹ පිත්තල නොවේ
    අල්ල ගත්තත් පාඩු වෙනකක් නැහැ වගේ
    බැරි වෙලාවත් ප්‍රේම කුරුල්ලා
    ඇවිත් ඉන්නේ කාර් එකකින් නම් හෙම
    ඔන්න ඌ බොරුකාරයෙක්
    කාර් හරි ලබයි
    තඹ පිත්තල වගෙයි

  11. isimbuwa said,

    හී…………..හී…………හී……….

ප්‍රතිචාරයක් ලබාදෙන්න