අද ක්‍රිකට් පිටිය (ජූලි 26)

තිසර පෙරේරාගෙන් දරුණු ප්‍රහාරයක්

තිසර පෙරේරාගෙන් දරුණු ප්‍රහාරයක්

අද දවසේ විස්තර කියනකොට අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගය ගැන නොකියාම බැහැ. තරගයෙන් ලංකාවට අත්වුණේ පරාජයක් වුණත් එහිදී තිසර පෙරේරා එක් පන්දුවාරකදී ලකුණු 35ක් රැස්කරමින් තැබූ වාර්තාව දෙවනි වන්නේ දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් නෙදර්ලන්තයට එරෙහිව පන්දු වාරයකදී ලකුණු 36ක් (හයේ පහර 6ක්) රැස්කරමින් 2007 දී තැබූ වාර්තාවට පමණයි. වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රොබින් පීටර්සන් යැවූ මෙම පන්දුවාරයට හයේ පහර 5ක් එක් හතරේ පහරක් සහ එක් wide පන්දුවක් ඇතුළත්. හැබැයි මේක පීටර්සන්ට නම් අළුත් දෙයක් නෙවෙයි. බොහෝ දෙනෙක් නොදන්න කරුණක් තමයි ටෙස්ට් තරගයක එක් පන්දු වාරයකදී එල්ල වූ වැඩිම ලකුණු සංඛ්‍යාව එල්ල වූයෙත් රොබින් පීටර්සන්ට එරෙහිවමයි. කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් හිදී පැවති ටෙස්ට් තරගයකදී සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා පීටර්සන්ගේ පන්දුවාරයකදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත්ව ලකුණු 28ක් රැස්කළා.

එදා මෙදා තුර ටෙස්ට් ඉතිහාසයේ තියුණුතම තරගයක් ලෙස හැඳින්විය හැකි තරගයක් ගැන තොරතුරුයි මේ. තරගය පැවැත්වුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මැන්චෙස්ටර් හිදී. මෙහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 120 කට දවාගන්නට හියු ට්‍රම්බල් (කඩුළු 6) සහ ජැක් සෝන්ඩර්ස් (කඩුළු 4) යන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. මෙහිදී ඕස්ට්‍රේලියාව ලද ලකුණු 3ක ජයග්‍රහණය 1993 වන තුරුම ලෝක වාර්තාවක් ලෙස පැවතුණා. (1993 දී කොදෙව්වන් ඇඩිලේඩ් හිදී ඕස්ට්‍රේලියානුවන් පරදා එක් ලකුණක ජයක් ලැබුවා.)

මේ අපූරු තරගයේ scorecard එක මෙතනින් බලන්න.

2008 අද වැනි දිනක කොළඹ SSC පිටියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා ඉනිමක හා ලකුණු 239ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවේ අද වැනි දිනක. මෙහි දෙවන ඉනිමේදී මුත්තයියා මුරලිදරන් (කඩුළු 6) හා අජන්ත මෙන්ඩිස් (කඩුළු 4) සුපිරි දඟ පන්දු යැවීම හමුවේ ඉන්දියානුවන් ලකුණු 138 කට දැවී ගියා. (පසු ගිය දිනවලදී DRS ගැන කතා කළෙත් මේ තරගයමයි.)

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු බංග්ලාදේශ නායකයෙකු වූ කලීඩ් මහමුඩ් අද උපන්දිනය සමරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න