ප්‍රශ්න නැති තැන සතුට…

“සෙයින්… වෙලාවකට මට හිතෙනවා මමත් කුරුල්ලෙක් උනානම් කියලා…”

මම කිව්වේ සෙයින් කුරුල්ලන්ට වෙන්කරපු වතුර බඳුන පිරිසිදු කරමින් සිටින අතරේදී…

“ඇයි ඒ..?”

“කුරුල්ලන්ට අපිට වගේ සංකීර්ණ ප්‍රශ්ණ නැහැනේ… සිංදුවක් කියාගෙන සතුටින් ඉන්නයි තියෙන්නේ…”

“ප්‍රශ්ණ නැති තැන සතුට ඇති කියලා හිතාගෙන සතුට හොයන්න ගියොත් පමාවක් මිසක් කවදාවත් සතුට නම් හොයාගන්න වෙන්නේ නම් නෑ… සතුට තියෙන්නේ ප්‍රශ්ණ නැති තැන නෙවෙයි… තිබෙන ප්‍රශ්ණ වලට කොච්චර සාර්ථකව මූණදෙනවද කියන කාරනාව මතයි…ලෝකය ඔබගෙන් උදුරගන්න දේ ගැන වෙහෙසනවාට වඩා හොඳයි… අතේ ඉතිරිව ඇති දෙයින් ගොඩනැගෙන්නේ කොහොමද කියන අභියෝයගය වෙනුවෙන් වෙහෙසෙන එක…”