අනුන්ගේ බලාපොරොත්තු…

සෙයින් මුළුතැන්ගෙට එද්දී මම හිටියේ සති කිහිපයකට කලින් මම සාත්තු කරන්න ගත්ත ලේන් පැටියට දෙන්න කිරි ටිකක් ලෑස්ති කරමින්…

“ඕක වැඩක් වෙන එකක් නෑ,,, ලේන් පැටියා සනීපවෙලා යන්න ගිහිල්ලා…” සෙයින් කිව්වා…

“යන්න ගිහිල්ලා..?”

“ඔව්…”

මහ හිතුවක්කාර ලේනෙක්… මම බලාපොරොත්තු වුනේ ඌට ආරාක්ෂාවට ඉන්න ඉඩ පාඩු තියෙන කූඩුවක් හදලා දෙන්න…” මම කියද්දී සෙයින් හිනාවුනා…

“කවුරුත් ඔබේ බලාපොරොත්තු මත ඔවුන්ගේ ජීවිතේ සතුට තීරණය කරාවි යැයි හිතන්න එපා… ඒ වගේමයි කිසි කෙනෙකුගේ බලාපොරොත්තු වලට ඔබේ ජීවිතේ සාර්ථකත්වය සහ සතුට තීරණය කරන්න ඉඩ දෙන්නත් එපා.., අපි හැමදෙනාටම තම තමන්ගේ බලාපොරොත්තු තියෙනවා… ඔබේ බලාපොරොත්තු වෙනුවෙන් මම ජීවත් විය යුතු නැතුවා වගේම, මගේ බලාපොරොත්තු වෙනුවෙන් ඔබ ජීවත් විය යුතුත් නැහැ…”