මඟහැරීමේ වාසිය…

දවස් ගානක් නවතින්නේ නැතිව වහින වැස්ස මැද්දෙන් ගම්මානෙන් කෙනෙක් ආරාමයට ආවේ බයානක පණිවුඩයක් අරගෙන… ආරාමයේ ගුවන් විදුලියක්වත් නොතිබුණ හින්දා සුළි කුණාටුවක් එන්නට නියමිත බව අපි දැනගෙන හිටියේ නෑ…

ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙන සෙයින් ස්වභාවධර්මයට බය වෙන්නේ ඇයි…. මම හිතුවේ ඔහු අපිව ගම්මානයට එක්කාගෙන යන්න ආව ගැමියාව ආපහු යවයි කියලා…

“දවස් කීපයකට අවශ්‍යය වෙන දේ අරගන්න… අපි මෙයත් එක්ක ගම්මානෙට යමු…”

සෙයින් කිව්වාම මට පුදුම හිතුණා…

“මම හිතුවේ සෙයින් අපි ආරමේ නවතීවි කියලා…”

වැස්ස මැද්දේම ගම්මානයට යද්දී මම සෙයින්ට කිව්වා…

“අනවශ්‍යය කළබලයක් මඟාරින එක බුද්ධිමත් දෙයක්… ජීවිතේ නොයෙක් වෙලාවට අපිට අනවශ්‍යය කළබල මුණගැහෙනවා… සමහරවෙලාවට අනවශ්‍යය කළබල අපේ ජීවිතේට අරන් එන්නේ විවිධාකාර මිනිස්සු… ඒ හැමෝමත් හැකි උපරිමයෙන් මඟාරින්න… එහෙම නොකලොත් ජීවිතේ හිනාවෙන් ගෙවන්න පුළුවන් ලොකු කාලයක් ඒ මිනිස්සුන්ගේ අනවශ්‍යය කළබල වෙනුවෙන් වැයකරන්න අපිට සිද්ධවෙනවා…”