වසන්තය

රස කතා මුදු සිනා දෙතොල් මත ඇද තියා
සරා සදත් අද රූට හිනැහේය මා එක්ක
සිනිදු සුදු මල් පෙත්ත පාව විත් දෑල මත
ගී පදත් ගැලපුවා අරුත් පිරි කවියකට

සුදට සුදේ සුදු ඇට්ටේරියා මල් පිපුණ
සුවද ගෙන කිරිල්ලක් නික්මුණා තැනි බිමට
එතී එතී හදවතේ කිතිකැවෙන නුහුරු රස
ඇගිලි තුඩු අගින් ගෙන පැටලේවී නෙත් අගට

සුසුම් මල් පිපෙනවා   සුවද දී  යායටම
කෝකිලයෝ ගී ගයති බක් මහේ සාදයට
කැදැල්ලක් නැතත් හෙට කූඩු වන්නට එකට
තුඩින් තුඩ තබා ගී ගයාවි හදවතට

  1. No trackbacks yet.

Leave a comment