දේශප්‍රේමය කා වෙනුවෙන් ද?
පළමුවෙනුව බඩ ගෝස්තරය වෙනුවෙනි. දෙවනුව පැවැත්ම වෙනුවෙනි. තුන්වෙනුව හෙට ගත කරන්නට අර අදින ජීවිතය වෙනුවෙනි.
ඇත්තටම රට වෙනුවෙන් දේශය වෙනුවෙන් දිවි පිදීමත් ඒ වෙනුවෙන් පෝරකයට යාමට කැමැත්ත පළකිරීමත් දෙකකි.
ඒත් ඒ දෙක සමහර විට අපට ටැපලෙන්නේ ය.
ඒකත් හරියට සිල් ගත් උපාසකට සිල් රෙද්ද වගේ ය. සිල් නොගත්තත් සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයාත් සිල් නැතත් සිල් ගත් පුද්ගලයාත් අපට පෙනෙන්නේ ටිකක් එක වගේ ය. ඒ දෙන්නා ද සමහර විට ටැපලෙන්නේ ය.
හරියට බුද්ධාගමත් චීවර ධාරියාත් අපට ටැපලෙනවා වගේ ය. බෞද්ධ කොඩියත් ධම්මපදයත් ටැපලෙනවා වගේ ය.
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ යැයි අපේ හාමිනේ සමහර වෙලාවට මට දොස් කියන්නේත් මේ ටැපලීම ලිහාගන්නට බැරිව ය.
දේශප්‍රේමය ගැන මහ ලොකු කයිවාරු කියවන එකා ගෙදරට නැති ප්‍රේමයක් අල්ලපු ගෙදරට දක්වන්නේ ඇයි දැයි අපේ හාමිනේට ප්රශ්නයකි. ගෑනි නොදන්නවා වගේ හිටියාට ඒකි කන්නේත් මං දේශප්‍රේමය විකුණා හොයා ගන්නා කෙංගෙඩියකි. එහෙව් එකේ දේශප්‍රේමය තරමටම අල්ලපු ගෙදර ප්‍රේමය ද ඉවසීම ඇගේ යුතුකමකි. චාරිත්‍ර දන්නා ගැහැණුන්ට මේවා කියා දෙන්න ඕනැ නැත. සැමියා බිරිදගේ දෙවියා ය.
හාමිනෙ මං ගැන මොනවා හිතුවත් රටේ ලෝකේ මිනිසුන්ට මං දේශප්‍රේමියෙකි. ඒ මදෑ.
(මට තියෙන ප්රශ්නය දේශප්රේමියාගෙ බිරිදක් වුවත් ඒකිට සැමියාට ඇවතුම් පැවතුම් කරන්නේ කෙසේදැයි කියා දෙන පැරණි චාරිත්‍ර ගැන අඩු දැනුමක් තිබීම ය. කොච්චර ප්‍රශ්න තිබුනත් සැමියා ඉවසන්නේ කෙසේ දැයි ඇයට කියා දීමට හැකි දේශප්‍රේමියෙකු මට වුවමනා කර තිබේ. ඒ පිනත් පහළ වුනානම් මම හැබෑ වාසනාවන්තයෙක්මි.)
අසල් වැසියාට ප්‍රේම කරන්න..
ලව් යුවර් නේබර්.. නෝ ප්‍රොබ්ලම්
දෙවියන් වහන්සේ විරුද්ධ වන්නේත් නැත..