Skip to content

ආලේ! අපෙ ආලේ! හරිම පුදුම ආලේ

August 2, 2011

ආලේ මහ පුදුමාකාර ය. එය ගැහැණියක අරබයා වේවයි ආගමක් අරබයා වේවැයි රටක් අරබයා වේවැයි වෙනසක් නැත.

ආලේ වෙනුවෙන් මිනිස්සු දිවි පුදති.  සිය හදවත් ගලවා ආලවන්තයාට ආලවන්තියට දෙති. එය ඉදිරියේ වැද වැටෙති.

මේ නිසාම ආලය පහසුවෙන් රැවැට්ටීම සදහා ද උපයෝගී කර ගැනේ.

ආලෙන් මත්වුනාට පසුව කිසිදු දැනමුතුකමක් කරුණු කාරණා සහිත තර්කාණුකූල ඉදිරිපත් කිරීමක් හිතට ගෝචර නොවේ.

මිනිසුන් අන්ධවන්නේ මේ ආලයෙනි.

එහෙම අන්ධ වුනහම ආලවන්තකම හැරුනු විට අනිත් සියල්ල හබරල කොලේට වැටුනු වතුර හා සමානව නොරැදී කිසිදු බලපෑමක් නොකරම ඉවත්ව යැයි. නැත්නම් ඉවත් කෙරෙයි.

ආලයට මිනිස්සු ප්‍රේමය කියා ද කියති. දේශප්‍රේමය කියන්නේ ද එවැනි ආලයකි.

එය රැවටීම සදහා යොදා ගන්නේ අපේ රටේ පමණක් නොවේ. ආලේ ස්වරෑපය කුමක් වුව ද එතැන මහා රැවටීමකට ඉඩක් ඇත.

අපේ රටේ සංස්කෘතියට අනුව මිල කළ නොහැකි කන්‍යාභාවය පවා ගැහැණු පුද කරන්නේ මේ ආලේට ය. එහෙව් රටේ ආලේ වෙනුවෙන් නොරැවටෙන අය අඩු ය.

ආලේ! මගේ ආලේ! හරිම පුදුම ආලේ!

(මේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට හෝ ලාංකීය සිතුවිලි වලට ඇතුලු කරගන්නේ නැත. කුමක් නිසා ද කියා හොයා බලා කියන්නට හැකි සගයෙක් වේ නම් අපේ ස්තුතිය ඔහුට/ඇයට ය. එයට ඉඩ සපයා ඇත්තේ මාතලන් අච්චාරු හා කොත්තු සින්ඩිකේටරවල පමණ ය.)

From → Uncategorized

One Comment
  1. ඕකේ උපරීම තත්වයක් නේ 83 දී ජේ. ආර්. ළොක්කට ආවේ..

    ඒකට කිව්වේ.. ජාතී ආලේ කියල.. ඔන්න මමත් දැම්ම එකක්, කියවල බලන්න.. සින්ඩි ගැන වැඩිය හිතන්න එපා.. දිගටම ලියන්න..

Leave a comment