Skip to content

ග්‍රීස් යකා අල්ලන්නට නාථ දෙවියන් ඉදිරිපත් වෙයි ද?

August 15, 2011

ග්‍රීස් යකා දැන් රට පුරා කැළඹිලි කරන්නේ ය. ග්‍රීස් යකාට ආරක්ෂාව දෙනවා යැයි කියා ජනතාව පොලීසිවලට ගහන්නේ ය. ග්‍රීස් යකා යයි රැවටී පස් දෙනෙක් දැනටම සෙත්ත පෝච්චි ය.

ආසනික් යකාටත් වඩා පාන්පිටි ත්‍රස්තවාදයටත් වඩා පිරිභාහරන්ටත් වඩා මේ ගොයියා ශක්තිමත් වීමට පෙර මොකක් හෝ කළ යුතු ය.

විද්‍යාෙව් පිහිටට වඩා මෙවැනි යකුන් ප්‍රේතයින් කුම්භාණ්ඩයින් ඇල්ලීම සදහා අපේ පැරැන්නන් භාවිතා කළ ක්‍රමවේද පිහිට කර ගත හැකි ය.

නාථ දෙවියන්ගේ පිහිට ඇවැසිව ඇත්තේ දැන් ය. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුගේ බිරින්දෑ කෙනෙකු හමුවන්නට ගිය විටක මේ ගැන ඔත්තුවක් දීමට නාථ දෙවියන්ට පුලුවන.

නාථ පස්ස ගහන්නේ නම් දෙවොල් දෙවියා වුව ද කමක් නැත. වැඩේ කෙරෙන්නේ නම් කවුරු කරාහම මොකද?

ග්‍රීස් යකාට ගම්මිරිස් ඇඹරීමට රතන සාදුව සෙට් කර දෙන්නට ජාතික හෙළ උරුමයට හැකි නම් ඒත් අපි ගොඩ ය.

විශ්ව ශක්තියට වුව ද මේ වෙලාවේ මැදිහත් විය හැකි ය. පුද්ගලික රෝග නිවාරණයට වඩා මෙවැනි සමාජ ව්‍යාසනයක් මැඩ පැවැත්වීමට ඔය බඩකඩුත්තුව යොදා ගන්නේ නම් එයට නිසි ගෞරවයක් ද ලැබෙනු ඇත.

From → Uncategorized

Leave a Comment

Leave a comment