Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

ඇත්තක අරුමය – රාවයෙන් විද්‍යා සාහිත්‍යයට තල්ලුවක්

Posted by dawkinssdodo මත ජූලි 12, 2013


 

 

රාවය ප්‍රකාශන විසින් රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of reality නැමැති පොතේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය” නමින් එළිදක්වා තිබේ. පරිවර්තනය ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර විසිනි. විද්‍යාව සහ විද්‍යාත්මක විධි ක්‍රමය ගැන ප්‍රශ්න කෙරෙන ලාංකීය වටපිටාවක ප්‍රකාශකයන් මේ පොත හඳුන්වන්නේ විද්‍යාව සහ විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ ලි‍යැවුන හොඳම පොතක් ලෙසයි. පොත එළිදැක්වීමට සමගාමීව “ඇත්තක අරුමය සහ හේතුවාදී සාහිත්‍යය” යන මැයෙන් දේශනයක් ජූලි 19 සවස 4ට ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැත්වේ. දේශනය පවත්වන්නේ ප්‍රවීණ විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීල විසිනි.

 

ra1

ra2

6 Responses to “ඇත්තක අරුමය – රාවයෙන් විද්‍යා සාහිත්‍යයට තල්ලුවක්”

  1. විද්‍යාත්මක ක්‍රමය ගැන සටහන් පේලියක් ලියන්න හිතාගෙන ඉන්නෙ ගොඩක් කාලයක සිට. මේක දැක්කම ඉක්මණින් ලියන්න දැඩි අවශ්‍යතාවයක් මතු වුනා.

    • dawkinssdodo said

      එහෙම ඇසීමත් සතුටට කරුණක්.
      ලියන්න, ලියන්න අපි එන්නම් බලන්න.

      • සටහන් බලන්න නෙමෙයි අපිව බලන්න ඩෙලවෙයාර් එන්නෙ කවදා ද? ඩෙලවෙයාර් සිට චිකාගෝ දක්වා යන්න ඉන්නෙ ලබන සතියෙ. ඔය පාරේ ළඟ පාතක ඉන්නවා නම් කියන්න. සුදු අප්පුහාමියි මායි පොඩ්ඩකට ගොඩවෙලා ඔයාලව බැහැ දැකලා යන්නම්.

      • dawkinssdodo said

        අරුණි, මම ලැබ් එකට දුවන්න ඕනෑ දැන්.
        ඔබව පුද්ගලිකව සම්බන්ද කරගත් හැකි විද්‍යුත් ලිපිනයක් වේද?

  2. තනි අලියා said

    ඔන්න මාත් ඔ්ක අරං හතරපස් පාරක්ම කියෙවුවලු අෑ! 🙂

    • dawkinssdodo said

      පරිණාමය ප්‍රතික්ශේප කරන විද්‍යාඥයින් කීපදෙනෙක් මට හමුවී තිබේ. ඉන් බහුතරය පකිස්තාන් ජාතිකයන් විය. ඔබටත් ඉදිරියේදී ඊට සමාන අත්දැකීමකට මුහුන දෙන්නට වුවහොත් නොබියව ජාම බේරාගන්නට නම් ඔවැනි පොත් කීපයක දැනුම තිබීම හොඳයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න