සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!!

ගොසිප් 9 හි පළවූ මේ පුවත ට පිටකොටුව ද කොමෙන්ටුවක් එක් කලේය. පහත දැක්වෙන්නේ ඒ කොමෙන්ටුවයි.

—————————————————————————–

ඇත්තටම මේක ලංකාවේ මාධ්‍යවල ඉන්නා මාධ්‍යකරුවන් කියා ගන්නා පුද්ගලයන්ගේ නිරුවත පෙන්වන හොඳ උදාහරණයක්. මම හිතන විදියට මේකට නම් සෝමා එදිරිසිංහට බැනලා වැඩක් නෑ. මෝඩ තකතීරු මාධ්‍යකරුවන් කරන හැම වැඩකටම ඒ ගෑණු මනුස්සයා පලි නෑ. එයාට වැදගත් එයාගේ එකවුන්ට් එක ගාණට පිරෙනවාද කියන එක විතරයි. මේ වගේ තකතීරු වැඩ ගැන එයා සමහරවිට දන්නෙවත් නැතුව ඇති. කොහොම වුනත් මේ වගේ තකතීරු වැඩවලින් තමන්ගේ පොකට් එක පුරවගෙන ජනසරණ කියලා රෝද පුටු බෙද බෙදා ගියාට වෙන පිනක් නෑ. මොකද අධාර්මිකව උපයපු ධනය නිසා.

කජු පැකට් දෙකේ උපරිම ගාණ රුපියල් දෙදාස් පන්සීයක් කියමු. දෙදාස් පන්සීයක හොරකමක් ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක ඔහොම අඬබෙර ගසා පෙන්වීම කොතරම් දුරට සාධාරණද? හොරකම වැරදි බවට කිසිම සැකයක් නෑ. නමුත් පිටකොටුව හිතන්නේ මේ සිද්ධියේදී වෙළඳසල් සේවකයා විසින් අදාල යුවලට කණට ගැසීමෙන් ලබා දුන් දඬුවමට වඩා දහස් ගුණයක දඩුවමක් ස්වර්ණවාහිනියේ සීතල කාමරවලටවී ඔවුන්ට ගල් ගැසූ ශුද්ධවන්ත මාධ්‍යකරුවන් විසින් ලබා දී ඇති බවයි.

මළ ගෙවල්වල කාන්තාවන් කෙහෙවලු කඩාගෙන අඬාවැටෙන ආකාරය විකුණන් කන මේ මාධ්‍ය ආයතනය රටේ සිදුවන මිලියන බිලියන ගණන් වටිනා වංචාවන් පසුපස සිටින ටයිකෝට් කරුවන් ගැන කෙළ බිඳුවක් හලා ඇද්ද? මොවුනගේ “ගවේෂණාත්මක” මාධ්‍ය කලාව යොමු වන්නේ මෙවැනි තුට්ටු දෙකේ ප්‍රවෘත්ති කෙරෙහි පමණද? ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති දුප්පත් ජනතාවගේ රුපියල් වලින් මිලියන ගණන් සූදු කෙළින ලද අගවිනිසුරුවරියගේ සැමියා ගේ රෙදි මෙහි සිටින තරුණ යුවලගේ රෙදි ගැලවූ ආකාරයට ගැලවීමට තබා ඒවා ගැන වචනයක් දෙඩීමටවත් මේ ඊනියා මාධ්‍ය වෙදීන් ගේ දිවවල් නැමෙනවාද?

මේ මාධ්‍ය භාවිතය ගැන පිටකොටුවටත් කීමට යමක් ඇත :

තුක් නොදකින් !!!!!!!!!!!!!!!!!

This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!!

  1. සෝරෝ පවසයි:

    ඔය වාහිණියේ ප්‍රවෘත්ති කියන්නේ නෑ නේ.. කවි නේද කියන්නේ..

    ඕකුන් කරන්නේ කවි වලටත් අපහසයක්.. ප්‍රවෘත්ති වලටත් අපහසයක්..

  2. ```Outsider``` පවසයි:

    ඕකෙ ප්‍රවෘත්ති කියන ඒව බලන මිනිස්සුත් ඉන්නව එහෙනම් මේ රටේ

  3. anda පවසයි:

    Swarnawahini news needs to be focussed more on actual news. This is not wor4rthy of TV time, as major crimes are going unreported by these guys who support govt deeds. sad.

  4. premsiri පවසයි:

    සෝම එදිරිසින්හ්ඝ හිතන්නේ එය පින් කරනවා කියල බුදු දහම දන්නා අපි දන්නවා එය හැමදාම අසමජ්ජාති වැඩ කරනවා කියල එයාලටත් පිරිත් නුල් බදිනවා තමය මොකද ලංකාවේ හාමුදුරුවරු නැහැ ඉන්නේ බිස්නේස්ස් කාරයෝ පිරිට් න නුල් බලා සල්ලි හැමබකරන එකම රට ලංකාව ජයවේව

  5. ඉඳුනිල් පවසයි:

    ඕකට සමහරු කක්කාවාහිනිය කියලත් කියනවනේ. මමත් කක්කාවාහිනියේ ප්‍රවෘත්තියක් ගැන දවසක් ලිව්වා..

  6. මරුවා පවසයි:

    තුච්ච තුප්පහි බලු මාධ්‍යට හෙනම ගහපිය…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න