9.එයා මට ඇහෙන් කිව්වා අනිත් පැත්තේ අයිනේ වාඩි වෙන්න කියලා

Published පෙබරවාරි 26, 2012 by shahendk

ක්ලාස් එකට යනකොට කොල්ලො සෙට් එක ඉන්නවා ඉස්සරහ පැනි හිනාව දාගෙන…….ආහ් මස්සිනා…

ඇයි කාගෙද බොල මස්සිනා…

කාගේ කාගේ හරි ඉතින්…කොල්ලට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමා….

පැනියා මවල ගුලියක් අත ඇර්‍රිය….(බොක්ක උනත් පොර ඔය වගේ දේවල් වලදි ඔහොම තමයි..)

පිස්සු උබලට…..

ඉතින් කොහොම හරි සුපුරුදු පරිදි පිටිපස්සේ අයිනක් බුවා අල්ලන් හිටියා……..

මම පිටිපස්සට යනකොට කියාර ඉස්සරහ මැද හරියක අයිනේ වාඩි වෙලා හිටියා…එයා මට ඇහෙන් කිව්වා අනිත් පැත්තේ අයිනේ වාඩි වෙන්න කියලා……..

ඒත් මොන හේතුවකටද කියල මම දන්නේ නැ….මම පුරුදු තැනටම ගියා….

අශි…….ක්ලාස් ඉවර වෙලා යනකොට මට පිටිපස්සෙන් සද්දයක් ඇහුනා…..

හ්ම්ම් කියාර ඉතින් කොහොමද?

ඇයි මාව මග ඇරලා යන්න හදන්නේ අශි…..ඇයි ඔයා ක්ලාස් එකේදි මගේ එහා පැත්තේ වාඩි උනේ නැත්තේ….

අනේ එහෙම දෙයක් නැ සුදු…මම පුරුදු තැනට නේ ගියේ…..

කමක් නැ…ඒක එහෙම කියමුකෝ……..ඉතින් සර් කියන්නකෝ කවදද මට එකව්න්ට්ස් උගන්නනේ කියලා….

ඔයා කැමති වෙලාවක කියන්න……

හ්ම්ම්ම් සැටර්ඩේ මෝර්නින්ග් ලයිබ්‍රි එකට එන්න….මම ඉන්නම් කියාර කිව්වා…….

අද ඔයා ගොඩක් හැන්ඩ්සම්….

ආහ් ඇත්තද?? තැන්ක්ස්… මම වැඩිය ගානක් නැතුව කිව්වා……

කොහොමින් කොහොම හරි මට වැඩි වෙලාවක් කියාරත් එක්ක ගත කරන්න හිත දුන්නේම නැ…දැන් ගොඩක් කෙල්ලෝ එකම සාම්පල් එකේ…ඉස්සර කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් එනවා දැන් එකේ අනිත් පැත්ත….මට නම් ඒක හිතන කොටත් පිලිකුල්…ඒ මගේ හැටි…….

මන් මුලා වී …….
පාර සොයා යන…….

බස් එකේ සින්දුව මහා හයියෙන් දාලා තිබ්බා…

 

 

2 comments on “9.එයා මට ඇහෙන් කිව්වා අනිත් පැත්තේ අයිනේ වාඩි වෙන්න කියලා

  • හ්ම්ම්ම්ම්.. මෙගා එකක්‌ වගේ චුට්‌ටක්‌ දලානේ…..,ඔන්න කියෙව්වා…,ඊලග කොටස ඉක්‌මනට බලාපොරොත්තු වෙම්…,ජය වෙවා!!!

  • ප්‍රතිචාරයක් ලබාදෙන්න