හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 1 කොටස )

කොම්පියුටරෙන් යන්තම් ප්‍රෝග්‍රෑම් එකක් ගහගන්න පුලුවන් වෙච්ච ගමන් හැමෝටම වගේ හැදෙන උණක් හමාටත් හැදුනා…. ඒ තමයි කාටහරි වදයක් වෙන්න,  නැත්තම් ඩයල් එකක් කියල පෙන්නන්න හොඳ කොම්පියුටර් වයිරස් එකක් හදන එක….

.

ඒත් ඉතින් හොඳ වයිරස් එකක් හදනවා කියන්නෙ නිකන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ගහනවටත් වඩා අමාරු වැඩක් කියල තේරෙන්නෙ එහෙම එකක් සිරාවටම හදන්න ගියාමයි…. මොකද වයිරස් එකක් හදද්දි දැනගන්න ඕනි ඇත්තටම ප්‍රෝගැමිං ගැන විතරක් නෙමයි…. වින්ඩෝස් ගැනත් චුට්ටක් දැනගන්න ඕනි…. වයිරස් එකකට අවශ්‍යම වෙන්නෙ අයිඩියා එක… වින්ඩෝස් වල කොතනද අවුල තියෙන්නෙ කියන එක ඉස්සෙල්ලාම දැනගන්න ඕනි…..

.

මෙච්චර ටෝක්ස් දුන්නට හමාත් තාම හරියට වයිරස් එකක් හදල නෑ…. ඒත් හමා ඒවගේ ලඟින් යන එකක් හදලා තියෙනවා.. ඒකට කියන්නෙ විනාඩි පහේ වයිරස් එක හෙවත් 5 min Virus කියලා… ලිපිය කියවන්න කලින්ම මොකක්ද මේ කියල බලන්න ඕනි නම් මෙතනින් බාලා බලන්න….

.

මොකක්ද මේකෙන් වෙන්නෙ…..? ඔය exe එක රන් කරපු ගමන් පොඩි ටයිමර් එකක් දුවනවා විනාඩි පහක් යනකල්…. හරියටම ඒ විනාඩි 5ඉවර වෙනකල්,  ස්ටාර්ට් මෙනු එක disable වෙලා තියෙන්නෙ…. තව Task manager ගියත් ඒකෙනුත් කිසිම දෙයක් කරන්න බෑ….. හොඳම දේ තමයි, Xp වල My Computer වල කිසිම driveඑකක් පෙන්නන්නෙත් නෑ විනාඩි පහ ඉවරවෙනකල්…. Folder එකක් open කරල තිබුණත් ඒක අස්සෙත් මොකුත් පෙන්නන්නෑ….. run windowඑක ගත්තොත් ඒකෙ Ok buttonඑක නෑ…. තව තව දේවල් වෙනවා, ඒවා මේක run කරලම බලන්නකෝ…..

.

හැබැයි විනාඩි පහ ඉවර උණාට පස්සෙ ඔය මුකුත් නෑ….ආපහු තිබ්බා වගේම system එක සාමාන්‍ය විදයට වැඩ කරනවා….

කොහොමද මේක වැඩ කරන්නෙ…..? ඒ ගැන කියන්නම් ඊලඟ පොස්ට් එකෙන්….

.

.

.

.

17 Responses to හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 1 කොටස )

  1. බාබු says:

    “”ඒ තමයි කාටහරි වදයක් වෙන්න, “”
    අමුතුවෙන් වෙන්ඩ දෙයක් නෑනේ මචන්………………………………………………………

  2. article eka kiyewwa ela…. but mata meka test karanna ba (mama use karanne Linux nisa).
    oyage oomi game eka nam mama wine wala play kala…
    All d best bro……..

  3. Anonymous says:

    Good try, but you have missed the fundamental point of virus, your target would be according to what you tried to explain is to create file virus (boot sector virus is bit easier to create and very little use of these days as no one going to boot machines from disks or external devices these days, however it has some existence)

    Fundamental point of file virus is to hide itself inside another executable where you cant see any difference of the original program but when you run it it could jump into different execution flow based on the alternation you do in that code, when for a moment original program would execute your code which is very short set of execution code, what you would do during that logic is to write yourself (instructions) to another such file and do any additional harm to the OS or softwares.

    First try to learn how to write yourself inside another program by altering its execution path in the middle and return back to it.

    Because no one gives virus asking to run them. it happens unintentionally .

    • හමා says:

      ඇත්තටම ඔයා හරි…. හමා මේ ලියලා තියෙන්නෙ හරි වයිරස් එකක් නෙමෙයි…. අඩුම ගානෙ මේකෙ Effect එක පේන්නත් මේ exe එකම අපි manually රන් කරන්න ඕනි….. ඔයා කියන කතාවට හමා 100% ක් එකඟ වෙනවා… අඩුම ගානෙ මෙයා system එකට කොපි වෙන්නෙවත්, system එකට කිසිම කරදරයක් වත් කරන්නෙ නෑ….

      හමා විනඩි පහේ වයිරස් එක හැදුවෙ කාටවත්ම කරදරයක් වෙන්න නෙමයි….

  4. jema says:

    දැන් වත් ඔය කොල්ලොන්ට කරදර කරන එක නවත්තපන්
    අපි වගේ ඔය කම්පියුටර් ජිල්මාට් දන්නෙ නැති උන්ට පව් බන්

  5. ranganafox says:

    patta patta patta…………………………..patta,,machan wadayak wennath ekak hadapan

  6. දඟයා says:

    පට්ටයි ඈ…. මාත් පහුගිය කාලේ vb6 වලින් ඔටෝ කොපි වෙන එකක් හැදුවා..ඔය ටියුටෝරියල් ටිකක් එහෙම බලලා. ඒත් ඔටෝරන් ෆයිල් එකක් දෙන විදිය දන්නේ නෑ.. හැබැයි ෆන් එකට කලේ.
    එල එල ඔහොම යං… ඔය සිස්ටම් එකට බැස්සාම තමයි නියම නියම වැඩ එලියට එන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න