තුඃ නොදකින් උබුන්ටු….
2011 ජූනි 1 ප්‍රතිචාර 18
හමා වින්ඩෝස් වලට බයි බායි කියල තනිකරම උබුන්ටු වලට මාරු වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා… මෙච්චර කාලෙකට හමාට කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ… හමාගේ පණ වගේ තියෙන Dual Core 2 GHz ලැප් එකේ වින්ඩෝස් වලට වඩා හොඳට උබුන්ටු වැඩ… ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකෙත් කිසිම කරදරයක් නැතුව දැන් අවුරුදු ගානක ඉඳලා දුවන්නෙ උබුන්ටු 9.04….
උබුන්ටු කියන්නෙ වින්ඩෝස් වගේ අවුරුදු දෙක තුනකට සැරයක් අලුත් වර්ශන් එන එකක් නෙමෙයි… හැම මාස 6 කටම සැරයක් උබුන්ටු වල අලුත් වර්ශන් එකක් එනවා… ඉතින් ඔය අලුතින් ම ආපු එක තමයි උබුන්ටු 11.04 කියන්නෙ… එහෙම නැත්නම් ඕකට “නැටී නාර්වාල්“(Natty Narwhal) කියලත් කියනවා…
ඔය උබුන්ටු වල නම් දාන එකෙත් විශේෂත්වයක් තියෙනවා… 11.04 කියන්නෙ 2011 හතරවෙනි මාසෙ රිලීස් උණා කියන එක… ආපහු වර්ශන් එකක් එන්නෙ තව මාස 6කින් නිසා ඒක 11.10 වෙයි… අනිත් එක තමයි ඔය නික් නේම් එක… ඒක දාන්නෙ මොකක් හරි සතෙක්ගෙ නමක්… ඔය Narwhal කියන්නෙ මාලුවෙක්ට… Natty කියන්නෙ ඌට දාල තියෙන විශේෂණ පදය… උදාහරණයක් විදියට කලින් ආපු උබුන්ටු වර්ශන් තමයි Breezy Badger, Hardy Heron, Intrepid Ibex, Maverick Meerkat… කොටින්ම කිව්වොත් හරියට සිංහලෙන් “පිස්සු පූසා” , “කණ කොකා” වගේ නම් තමයි දාන්නෙ… ඕකෙ අකුරු යන්නෙත් ඉංගිරීසි අකාරාදි පිලිවෙලට…
ඉතින් ඔය අලුතින් ම ආපු 11.04 දාගන්නකල් හමාටත් හෙණ අමාරුවක් තිබුණෙ… මේ දවස් වල කැම්පස් යන්නෙත් නැති හින්ද Airtel, 45 රීලෝඩ් දෙකක්ම දාගෙන (ගිගාබයිට් 3ක්..) හා හා පුරා කියල වැඩේට බැස්සා…කොහොමහරි වරුවක් විතර මහන්සිවෙලා අන්තිමට උබුන්ටු අලුත් එකයි සොෆ්ට්වෙයාර් ටිකයි දාගත්තා…
අනේ අපරාදෙ කියන්න බෑ… දාගත්ත විතරයි මහ ලෙඩ ගොඩයි… වයර්ලස් වැඩ නෑ… ඒක නම් යන්තම් හදාගත්ත කියමුකො, ඒ පාර වෙබ් කැම් එක වැඩ නෑ… හැබැයි ඉන්ටර්නෙට් යන්න බට්ටා (ඩොන්ගල් එක) ගහපු ගමන් මෙන්න බොලේ Web Cam එකේ ලයිට් එක පත්තු වෙනවා….!!!
ඒ මදිවට තිබ්බ මෙනු එකත් වෙනස් කරලා… ඒකෙ මොකක් හරි ඇප්ලිකේශන් එකක් හොයන්න ගියාම හරි අමාරුවක වැටෙන්නෙ… අනික Menu එක අපිට ඕනි විදියට customize කරන්නත් බෑ…
ඔය ඔක්කොටම වඩා තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි machine එක හිටපු ගමන් stuck වෙන එක… vlc එකේ ෆිල්ම් එකක් බැලුවත් ස්ටක්, කොටින්ම කිව්වොත් සමහරවෙලාවට screen-saver එක යද්දිත් මැෂීන් එක stuck…
හමාට කවදාවත් මේ වගේ දුකක් දැනිල නෑ… අඩුම ගානෙ I එක ආපු වෙලාවෙ වත් මෙච්චර හිතේ අමාරුවක් තිබුණෙ නෑ…
ඉතින් හමා මේ විස්තරේ ලිව්වෙ කව්රු හරි කෙනෙක් උබුන්ටු අලුත් වර්ශන් එක දාගන්න හිතාගෙන ඉන්නව නම් එපා කියන්න… දා ගන්නව නම් කලින් එක, 10.10 දාගන්න, ඒක එල නැත්තම් ඊලඟ එක 11.10 එනකල් ඉන්න… ඒකෙ ඔය දැනට තියෙන අවුල් ගොඩක් හදල තියෙයි…. අදහස් තියෙනවනම් කියල යන්න…
කොච්චර එළ කිව්වත් ඉතිං සමහර වෙලාවට දුක තමයි. Unity Interface එක සීන් කියල හුඟක් අය කියනව. කලින් GNOME පාවිච්චි කරල තියෙන අයට සීන්ලු අලුතින් එන අයට අවුලක් නැතිලු. අපි ගැනත් පොඩ්ඩක් හිතන්න එපැයි නැද්ද. මාත් Ubuntu නම් බෑවෙ නෑ. Fedora 15 බාල තියාගෙන බලාගෙන් ඉන්නව දාම්දෝ නොදාම්දෝ කියල. මේකෙත් එන්නෙ GNOME 3 නේ. දැක්කහමනම් ලස්සනයි. ඒත් ඉතිං පාවිච්චි කරලම බලන්න ඕන. පොඩ්ඩක් සීන් කියල වැඩේ අතැරල දාන්න එපා. පොඩි ගූගල් පාරක් දාල හදාගන්න බලන්න. ඒකෙත් පොඩි ගතියක් තියෙනව. අනිත් එක මේ දවස් වල කැම්පස්නුත් නෑ නේ 😉
බලමු මොකද වෙන්නෙ කියලා…. අඩුම ගානෙ update එකකින් වත් ලෙඩ ටික හදන්නැතෑ….
මාත් මේ දුක යන්නත් එක්ක “නැටී නාර්වාල්” දාන ගමන් තමයි.මම මේ වෙනකම් පාවිච්චි කලේ 9.04 වර්ශන් 1 තමයි.කිසි අව්ලක් උනේ නැහැ.මොනා උනත් අලුත් වර්ශන් 1 පොඩි ගතියකුත් තියෙනවා.ලැප් ඩෙක්ස්ටොප් යූසේජ් 1 උපරිමයි.බලමු මොනාද වෙන්නේ කියලා.ඔයාට වර්ශන් 1 ඔන්ලයින් අප්ග්‍රේඩ් කරලා එහෙම අත්දැකීම් තියෙනවද 🙂
අපෝ ඔන්ලයින් අප්ග්‍රේඩ් නම් කරන්න එපා… එතකොට පට්ටෙටම ස්ලෝ වෙනවා… හොඳම වැඩේ synaptic වලින් package ටික backup කරගෙන අලුතින් ම දාන එක….
තෑන්ක්ස් මචං.. උබුන්ටු රොක්ස් 😉
adoo ubuntu walata baninna epaa doo.
ubalata free dena ekama madida?
මටත් 11.04 දැම්මට පස්සෙ dialog wimax වැඩ නෑ. හැබැයි dongle එක ගැහුවමනම් වැඩ. තාම හදා ගන්න බැරි උනා. හැබැයි ඔය web cam එකේ ප්‍රශ්නයටනම් ubuntu forum එකෙ මොකක් හරි දාලා තිබ්බා මතකයි.
හමා මල්ලී ..මොකද්ද බං “Aඉර්ටෙල්, 45 රීලෝඩ් දෙකක්ම දාගෙන (ගිගාබයිට් 3ක්..)” කියන seen එක…
ඇයි එයාර්ටෙල් වල රුපියල් 45ක රීලොඩ් එකක් දැම්මම ගිගා එකහමාරක් දෙනවනෙ…. රීලෝඩ් 2ක් ම දාල ගිගා 3ක් තියාගෙනයි වැඩේට බැස්සෙ… අපරාදෙ රුපියල් අනූව…
11.04 අවුල් තමා ඒ උනාට මචං ඔය ස්ටක් ලෙඩේ මට 10.1 එකේදිත් ආවා. ඒ වෙලාවට මෂිම හෝල්ලන්නවත් බෑ. කෙලින්ම පවර් බොත්තමෙන් නැවත අරඹන්න වෙනව. උඹට ආවෙ නැත්ද එහෙම අවුලක්………..
ඇල්ෆා වර්ශන් වල ස්ටක් වෙන එක සාමාන්‍ය දෙයක්… ඒ උණත් මේ වගේ මේජර් රිලීස් එකක අම්බානෙකට බග්ස් තියෙනවා කියන්නෙ ටිකක් චාටර්… ඔය Nvidia ඩ්‍රයිවර්ස් එහෙම පාවිච්චි කරද්දි නම් ඉඳල ඉඳල ස්ටක් පොඩ්ඩක් වෙනව… ඒක ඉතින් ගනං ගන්න තරම් දෙයක් නෙමෙයි නෙ… ඒ වෙලාවට ඉතින් පවර් බොත්තම ම තමයි…
අනේ මංදා බං මට නං අද වෙනකල් අවුලක් දුන්නේම නැ නැටී කොල්ලා
මාත් මගෙ ලැප් එකට දාන්න ගිහින් කෙලෙවගත්තා…මින්ට් දැම්මා.එක් අවුලක් නෙ..උබුන්ටු පට්ට අවුල්….
මේක මම හිතන්නෙ මදර් බෝඩ් එකේ ඩ්‍රය්වර් ටිකක් උබන්ටු වල නැතිවීමේ දෝශයක්…
උබන්ටු ඕපන් වෙන තැන තියෙනව පහල ටාස්ක් බාර් එකක් …ඒකෙ කැලැසිකල් සිලෙක්ට් කරානම් පරණ විදියටම එනව..
උඩ තියන අර උබන්ටු බොත්තම එබුවම එන ටෙක්ස් එඩිටර් එකේ අදාල මෘදුකාංගයෙ නම කැල්ලක් හෝ මුල අකුරු ගැහුවාම සටස් ගාල ඒක පෙන්නුම කරනව…ඒක ලේසිත් එක්ක හොය හොය නිකම් දඟලනවට වඩා..
සයිඩ් පේන් එකේ පේන සොෆ්ට්වෙයාර් වෙනස් කැල හැක..ඒ අදාල මෘදුකාංග අයිතමය සෙවූ පසු ඇදගෙන ගොස් අතඇරීමෙන් එය වැටේ…
මෙය ට වෙනත් උබන්ටු වර්ශන් එකක් බාවිත කිරීම හෝ අදාල මදර්බෝඩි ඩුයිවර දැමීම හෝ කල යුතුයි…
10.10 වල තිබ්බ driver ටිකට මාස හයකට පස්සෙ මොකද උණේ…. අර කියන විදියට නම් application launch කරන්න නම් පුලුවන් තමයි… හැබැයි හමා ඔය වැඩේට දාගෙන හිටියෙ Gnome Do… ඒක ඔය දැන් තියෙන unity menu එකට වඩා ගොඩක් බුද්ධිමත්…
classical විදියටත් හමා වැඩ කරා… හැබැයි ඒත් ප්‍රස්නෙ එහෙමමයි… ඒක හින්දා……. නැටී ට ටටා කියලා…. කැටයා දාගෙන ඉන්නෙ…….
hama ma kalekata hodai kiyanawa, aye kalekata narakai kiyanawa, awulak na uba mage ekatath ubuntu damma ne aye tawa monawa harith mekata dala test karala balapan. mama
campus eken giyama wena lapak ganna hithagena inne.
මචංලා, කාටහරි පුළුවන්නම් මට අළුත් උබුන්ටු වර්ෂන් එක ගන්න උදව් කරනවද? මම කලින් 10.10 ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තා, ඒත් දැන් ඒ පහසුකම උන් අයින් කරලනේ…!!! ඉතින් මට කියන්න පුළුවන්ද, කොහොමද ඒ උබුන්ටු වර්ෂන්ස් නොමිලේම ලබාගන්නෙ කියලා…??!!! කිව්වොත් මෙන්න ලොකුම ලොකු තෑන්ක්ස් එකක්…!!!
mamath ubuntu aluth eka daganda thamai hitiye….meka liyapu eka mata wedagath una…