කොම්පියුටර් ගේම් එකක් හැදුවොත්…. දෙන්නං රුපියල් ලක්සයක්….

කොම්පියුටර් ගේම් ගහන්න කව්ද අකමැති…? චූටි චූටි ඇච්චා පැච්චා කාලෙ ඉඳල සීයල වෙනකල් ඕන කෙනෙක් කොම්පියුටර් ගේම් ගහන්න කැමතියි… හැබැයි කොම්පියුටර් ගේම් හදන්න කැමති කව්ද කියල ඇහුවොත්…?

අන්න එතකොට නම් වැඩි දෙනෙක් අත උස්සන එකක් නෑ….

ඒ මොකෝ…. කොම්පියුටර් ගේම් එකක් හදන එක ලේසිම නෑ…

ඒකට ගොඩක් දේවල් දැනගන්න ඕනි… අනික ලංකාවෙ ඔය පැත්ත එච්චර දියුණු වෙලා නෑ…. හැබැයි ආස කට්ටිය නම් ඕන තරම් ඉන්නවා… ජීවිතේට කොම්පියුටර් ගේම් එකක් හදල නැති උණත් ඒකක් හදන්න basics තියෙන කට්ටිය ඕන තරම්… ඒ අයට ඕනි push එකක් දෙන්න විතරයි…

අනික දැනටමත් computer language එකක් දන්න කට්ටියට game engine එකක් ගැන ඉගෙන ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි…

ඉතින් ඔය හැම කෙනෙක්ටම තමන්ගේ හැකියාවන් උරගා බලන්න තියෙනවා පොඩි තරඟයක්… ඒකෙ නම තමයි IESL Cruncher කියන්නෙ… ඉස්කෝලෙ යන නංගිල මල්ලිලට, කැම්පස් ඉන්න අයියල අක්කලට වගේම ගෙදර ඉඳන් විනෝදාංශෙට Software හදන ඕනම කෙනෙක්ට මේකට සහබාගී වෙන්න පුලුවන්…

තරඟෙ තියෙන්නෙ කොටස් තුනකට… Flash අංශය, 2D අංශය සහ 3Dඅංශය විදියට… ඔය Flash ගොඩට Web browser එකක වැඩ කරන්න පුලුවන් HTML 5 හරි Silverlight හරි ඕන ගේමක් අයිතියි… Flash ගොඩට අයිති වෙන්නැති ගේම්ස් 2D අංසෙනුත්, ත්‍රිමාණව හදල තියෙන ඒවා 3D ගොඩටත් අයිතියි.. 😉

වැදගත් ම කතන්දරේ අන්තිමට…. තරඟෙන් දිනුවොත්…. ප්‍රථම ස්ථානෙට රුපියල් ලක්සයක් ලැබෙනවා… ගොඩක් වෙලාවට තෑග්ග ඊටත් වැඩි වෙයි… දැනට ආරංචි හැටියට නම් එහෙමයි… ආයෙ මෝස්ට් පොපියුලර් ගේම් එකට වෙනම ලක්සයක්… 🙂

ඒ හින්දා…. දැන්මම තියෙන අනිත් වැඩ පැත්තක තියලා…… ගේම් හදන්න පටන් ගන්න…

www.cruncher.lk එකෙන් හරි www.ieslcruncher.blogspot.com එකෙන් හරි වැඩි විස්තර දැනගන්න පුලුවන්… Facebook ඕනි නම් www.facebook.com/ieslcruncher එකට ලයික් වෙන්න…

ඒත් මදි නම් ieslcruncher2011 ඇට් ජීමේල් ඩොට් කොම් එකට මේල් එකක් දාලා අහගන්න….

9 Responses to කොම්පියුටර් ගේම් එකක් හැදුවොත්…. දෙන්නං රුපියල් ලක්සයක්….

  1. සමීර says:

    Good news.. I’d really like to see some games coming out from SL.

    Bytheway, do you have an idea when your Ohmi 2 will be released? I’m counting days.. Hats off for that efffort..

  2. manodya lakmal says:

    ela kiri hama අපිත් හදමු ගේම්ස් 😛

  3. sohan says:

    රෙස්ලින් බලන්න ඔනෑ ද එහෙනම් එන්න http://wrestlingsl.blogspot.com/

  4. champa says:

    Is it possible for students outside Sri Lanka, yet those who are Sri Lankan and born there, to partake in this competition?

  5. Macho puluwannam mata umbe mobile eka ewapan mekata. Mokada me magula gena therena sinhalen ahaganna one.

    prasanna86knew@gmail.com

  6. පින්ග්කිරීම: අන්තිමේ මාත් බැස්සා ගේමට…. | ගෝල්ඩ් fish ගේ blog ටැංකිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න