ඉන්ටර්කූලර් කියන්නේ මොකක්ද? – රථ ගාය

ඉන්ටර්කූලර් එහෙමත් නැතිනම් Intercooler, කාලෙකට ඉස්සරනම් කව්රුත් ඉන්ටර්කූලර් කියලා හැදුන්වුයේ වාහනයක්. ඒකට හේතුව උනේ ඒ වාහනයේ නමත් එක්ක ඉන්ටර්කූලර් කියලා සදහන් කරලා තිබුන එක. නුමුත් ඒත් එක්කම සදහන් උනු Turbo ගැන එතරම්ම සදහන් උනේ නැහැ. මේ නිසා ඉන්ටර්කූලර් නමින් වාහනය හදුන්වන්න වුනා. ඒත් ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්කූලර් කියන්නේ, මේ ඉන්ටර්කූලර් එක ගැන තමා මේ පෝස්ට් එකෙන් කතාකරන්න යන්නේ.

තාක්ෂණිකව ඉන්ටර්කූලර් කියලා හදුන්වන්නේ තරල(ද්‍රවයක් හෝ වායුවක්) සිසිලනය සදහා යොදාගන්නා උපකරණයක්, එනම් තාප හුවමාරු (hear exchanger) වක් හා සමානයි. බොහෝ වායු සම්පීඩක (air compressor), ගෑස් ටර්බයින් (gas turbine) මෙන්ම අධිශීතකරණ වල මෙම උපාංගය භාවිතා වෙනවා.

සරල උදාහරණයක් ලෙස වායු සම්පීඩක (air compressor) හි, වාතයහි පීඩනය වැඩි කරගෙන යද්දි එහි උෂ්නත්වය ඉහල යනවා. ඉතින් මේ ඉහල යන් උෂ්නත්වය පහල දමා ගන්න, කූල් කරගන්න තමා මේ ඉන්ටර්කූලර් කියන උපාංගය භාවිතා කරන්නේ. මෙහිදී පීඩනය නොවෙනස්ව එහි උෂ්නත්වය අඩු කරගන්න එක තමා විශේෂය වෙන්නේ. ඒ වගේම මේ වාහනය හා මෙය සම්බන්ධ වන්නේ එහි ටර්බෝචාජරය (turbocharger) මගින් සම්පීඩනය කරන ලද වාතය සිසිලනය කර එහි ඝනත්වය අඩු කිරීමට තමා පැජරෝ හි ඉන්ටර්කූලරයක් භාවිතා කලේ.

දැන් එහි Turbo ලෙස සදහන් උන හේතුව පැහැදිලියිනේ. මෙමගින් වාතය සම්පීඩනය කලා, ඉන්ටර්කූලරය මගින් එහි උෂ්නත්වය අඩුකලා.

වාහන වල අභ්‍යන්තර දහන එන්ජිම (Internal combustion engine) හි කාර්යයක්ෂමතාව වැඩි කරන්න, Volumetric Efficiency ඉහල නැන්වීමට තමා මෙම උපාගයෙන් සහාය ලබා ගන්නේ. දැන්නම් මෙය තරමක් පරණ තාක්ෂණයක් ඒත් මිට්සුබිෂි පැජරෝ(Mitsubishi Pajero) හි මෙම තාක්ෂණය භාවිතාකල නිසා එහි එය සහහන් කලා. ඔවුන් එය සදහන් කලේ එම තාක්ෂණ (Intercooler Turbo) භාවිතය නිසා මෙහි කාර්යයක්ෂමතාව ඉහල බව පෙන්වීමට. පසුව සුඛෝපභෝගී වාහනයක් හැදින්වීමට ඉන්ටර්කූලර් යන්න භාවිතයට හුරුවුනා.

දැන් ඉතින් දන්නවානේ ඉන්ට්‍ර්කූලර් කියන්නේ මොකක්ද කියලා. බූඩි මේ පෝස්ට් එකෙන් වැඩිපුර තාක්ෂණික කරුණු ඉදිරිපත් කිරීම නෙමේ බලාපොරොත්තුව උනේ. කාටහරි තාක්ෂණික කරුණු ගැන දැන ගන්න අවශ්‍යයය නම් දන්වන්න.

ප. ලි. : සිංහල වචන 100% නිවැරදි විය නොහැකියි ! නිවැරදි ඉංග්‍රීසි වචනය භාවිතා කර ඇත.

ප්‍රතිචාර 7ක්

  1. මටත් මේ ගැන දැනගන්න ඕනකමක් තිබ්බා. ස්තූතියි සටහනට. ලංකාවට ආපු ඉස්සර වතාවක ඉන්ටර්කූලර් වාහන ගැන ඇහිලා ඒවා අනිත් වාහන වලින් වෙනස් වෙන්නේ කොහොම ද කියා හොයාගන්න බැරිව හිටියෙ.

  2. කොච්චරවත් ඉන්ටර්කූලර් පාවිච්චි කරල තිබුනට මෙච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නෑනෙ. 🙂 😀

    ඉන්ටර්කූලර් කියල කලිසං රෙද්දකුත් තිබුන මීට අවුරුදු දහයකට පහලොවකට විතර ඉස්සර. මාත් ඒකෙන් කලිසමක් මහගෙන තිබුන බද්දෙගම නන්දන ටේලර් සාප්පුවෙන්.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න