වෙන වැඩක් බලාගන්නවකො අයිසෙ විදේශ කටයුතුවලට විතරක් ඇගිලි ගහන්නෙ නැතිව!

Posted on January 3, 2011



බෑන් කී මූන්ගේ පැනල් එක දැමූ වෙලාවේ මෙහේ තිබුනේ ගෝරි ගොඩකි. එක්කෙනෙක් තව පොඩ්ඩෙන් මැරෙන්නත් යනවා ය. යම්තම් බේරා ගත්තේ රජතුමාගේ තිබුණු හයියට ය.

එහෙව් එකේ මේ පැනලයට මෙහෙ එන්න කීවේ මොකාදැයි ප්‍රශ්නයක් ඇති විය. අන්තිමට එහෙම කිව්ව කෙනෙක් හොයා ගන්නට බැරි විය.

ජානිපෙ එකෙන් නම් කිව්වේ විදේශ අමාත්‍යංශයට රිංගා සිටින කොටින්ගේ වැඩක් විය හැකි බව ය. පස්සේ ආරංචි වුනේ අරාධනාව තිබුනේ ලොකු තැනකින් බව ය. සමහර විට එය කාපු බීපු වෙලාවක කියපු කතාවක් බෑන් සිරා ගහලා ඇත්ත යයි සිතූ නිසා වුන සංගෙඩියක් වීමේ ඉඩකඩ වැඩි ය.

අන්තිමට කොටියා වුනේ රජතුමාම ය.

එතුමා දෙපැත්තකින් බේරා ගන්නට ඕනෑ නිසා විදේශ අමාත්‍යංශය මැදිහත් විය. ඒ පැනල් එකට එන්නට අවසර දිය හැකි නමුත් ඔවුන්ට කළ හැක්කේ උගත් පාඩම් හා සංහිදියා කොමිසම මුණ ගැසීමට පමණක් බව ය.

ඔන්න ඔය විදිහට රැවුලත් බේරා ගෙන කැදත් බොන විදිහක් සොයා ගත් පසු යම්තම් සියල්ලෝම සැනසුමක් හෙලුවෝ ය.

“They will not be permitted to carry out investigations, record evidence or visit places of their choice without prior government approval,” Media Minister Keheliya Rambuklwella said. -ඩේලිමිරර් ඔන් ලයින්

ඔවුන්ට කොමිසම හමුවනවා ඇරෙන්නට වෙන කිසිදු ගවේෂණයක් කරන්නට හෝ සාක්කි විමසන්නට ඒවා වාර්ථාකරන්නට හෝ වෙනයම් ස්ථානයක් පිරික්සන්නට රජයේ අවසරයක් නැතිව බැරි යයි කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රකාශයෙන් සියල්ල තීන්දු වී හමාර ය.

ඇති යාන්තම්. තව‍ පොඩ්ඩෙන් වැ‍ඩේ මාට්ටු වෙනවා ය.

මොකද්ද වැඩේ?

ඇයි අහන්නෙ තමුසෙත් යූ ඇන් එකෙන් ද? යම්තම් මේ දෙකොන ගැටගහගත්ත විතරයි. එනව මෙතැන ආයි ලිහල බලන්න. වෙන වැඩක් බලාගන්නවකො අයිසෙ විදේශ කටයුතුවලට විතරක් ඇගිලි ගහන්නෙ නැතිව!

Responding to an email questionnaire sent by the Inner City Press, UN spokesmen Farhan Haq had said “..as I made clear to you at the time, the panel has not confirmed travel to Sri Lanka yet. The arrangements would need to be right. It is NOT the case that the panel would only talk to the LLRC. The panel made clear to me that their work is broader than simply dealing with the LLRC. That’s all we have to say on it for now.” -ඩේලිමිරර් ඔන් ලයින්.

ඕකුන්ට එන්න දෙන්න හොදම නෑ. මොන මගුලක් හොයා ගනීද දන්නෙ නැහැ මේක ඇතුලෙන්. අපේ කට්ටිය වගේ ආයුධ දාලා ආයුධ තියෙනවයි කියලවත් අල්ලයි ද දන්නෙ නෑ. කියන්න බෑ කුමන්ත්‍රණකාර බලු ගැත්තර හැත්ත!

Posted in: Uncategorized