December 19, 2014

පලතුරුවල ඉදීමේ ක්‍රියාවලිය

පලතුරු වල ඉදීම යනු  රසායනික ක්‍රියාවලියකි. පලතුරු ඉදෙන අවස්ථාවේ ඒවායින් හෝමෝන නිකුත්වේ. එනම් එතිලින් වායුව ක්ෂණිකව මුදාහැරීමයි. එතිලින් යනු සරල හයිඩ්‍රොකාබන් වායුවකි.(H2C=CH2).  මෙම එතිලින්වල සංඥා නිසා පලතුරු වල එන්සයිම නිපදවීම සිදුවේ.  මෙමගින් පලතුරෙහි ඉදීමේ ක්‍රියාවලිය සිදුවේ.  පලතුරුවල සිදුවන ජලවිචිඡේදන ක්‍රියාවලියෙන් එහි ඇති රසායන ද්‍රව්‍ය බිදහෙලීමකට භාජනය වේ.

 
පලතුරෙහි  ඇති ක්ලෝරොෆිල් වර්ණක බිද වැටීමට ලක්වි  එහි ඇති කොළ පැහැති වර්ණය රතු කහ නිල්  ලෙස  වෙනස් වේ. පලතුරෙහි ඇති අම්ල බිදවැටීමට භාජනය වී අම්ල ගතිය අඩුවේ. පලතුරෙහි ඇති පිෂ්ඨය ඇමයිලේස් එන්සයිමය මගින් සරල සීනි බවට පරිවර්තනය වේ. මෙහි ඇති පෙක්ටීන්  පෙක්ටිනේස් එන්සයිමය මගින් බිදෙහලීමට භාජනයවීම නිසා පලතුරු මෘදු වේ. එසේම පලතුරෙහි ඇති විශාල කාබනික සංයෝග එන්සයිම මගින් සරල කාබනික සංයෝග බවට බිද හෙලීම නිසා ඒවා වාෂ්පශීවේ එයින් පලතුරුවල සුවද ඇතිවේ.

පලතුරු අස්වනු නෙලීමෙන් පසු තව දුරටත් ඉදෙන පලතුරු Climeteric fruit  ලෙසද ඉදීමට භාජනය නොවන පලතුරු Non Climeteric fruit  ලෙස වර්ග දෙකකට බෙදිය හැක.

Climeteric fruit   සදහා උදාහරණෙ
ඇප්‍රිකටි¸ අලිපේර  කෙසෙල්  දෙහි පේර අඹ පැපොල් පැෂන් පීචි පෙයාස්

Non Climeteric fruit  සදහා උදාහරණ
බ්ලැක්බෙරිබ්ලැක් කරන්ට්බ්ලුබෙරි රාස්බෙරිස්ට්‍රෝබෙරි තක්කාලි චෙරි ඔලිව් මිදි අන්නාසි දෙඑම් පැණිකොමඩු

සකස් කළේ- ඒ.ඒ.සී.වී. අතාවුද. විද්‍යා හා තාක්ෂණ නිළධාරි- අරණායක

0 comments:

Post a Comment