අධ්‍යාපන විනාශයට එරෙහිව සිසුන් සටන් වදිනු ඇත.

-අට්ටාල වල සිටින උන් මැස්සන්, කූඹින් තරමට වත් දැනෙන්නේ නැති බව පැවසූ ජනතා මනාපයෙන් පත් වූ SB ඇතුළු ඇමතිවරුනි,
-ඔවුන්ව පත් කළ සිසු ගැටලු නොදුටු, නෑසුනු මෙන් සිටි මහ රජතුමනි,
-කිසිම ඉල්ලීමක් නොදෙන බව පැවසූ උපකුලපතිතුමනි,
-අට්ටාලයට තම ප්‍රාදේශිය බල පුලුවන්කාරකම් පෙන්වූ ප්‍රාදේශිය දේශපාලකයිනි,
-සුළු මුදලකට සිසුන්ගේ ඡායාරූප, තොරතුරු පාලකයින්ට සපයන ඔත්තුකාරවරුනි,
-ජන මනස වෙනස් කරන්නට ආණ්ඩුවේ මාධ්‍යවලින් අසත්‍ය ප්‍රවෘත්ති ගෙනගිය මාධ්‍යවේදී මහත්වරුනි,
-කොන්දේසි සහිත ජයකට අප පෙලගස්වන්නට ස්වේච්ඡාවෙන්ම කැප වූ ආචාර්යවරුනි,
-කඩු, පොලු, පෙට්‍රල් බෝම්බ රැගෙනවිත් සිසුන් බයකර එලවන්නට ආ මැරවරයිනි,
-අට්ටාලය ගැලවීමට කියා උද්ඝෝෂණ කල පිටින් ගමට ගෙන් වූ (පිට)ගම් වැසියනි,
-මැරයින් අත්අඩංගුවට නොගත්තද, උසාවි නියෝගයටද පිටින් ගොස් නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් අට්ටාලය කඩා විනාශ කල පොලිස් මහත්වරුනි,
-සැම විටම අප දෙසට මුහුණ ලා බැටන් පොලු, ජල ප්‍රහාරක, කඳුළු ගෑස් අතැතිව සිටින කැරලි මර්දකයිනි,

ඔබ සියලු දෙනා අද ඔප්පු කර පෙන්නුවේ අප විශ්වාස කල යුතු එකම මග “සටන කිරීම” පමණක් බවයි. එහෙයින් ජනතාවනි සිසුන් සටන් කරන්නේ ඔව්න් JVP නිසා නොවේ. පාලකයන් විසින් සාධාරණත්වයට ඉතුරු කර ඇති එකම මග සටන වන නිසාවෙනි.

ඉදිරියටත් පාලකයින් තම මඩිය තර කරගැනීම පිණිස කරනු ලබන අධ්‍යාපන විනාශයට එරෙහිව සිසුන් සටන් වදිනු ඇත. එය වැලැක්වීමට මැර ප්‍රහාර, බැටන් පොලු, කඳුළු ගෑස් වලට නොහැකි බවත්, එය කල හැක්කේ අධ්‍යාපනයට පාට, පක්ෂ වලට නොනැමෙන, නොසැලෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සෑදීමෙන් පමණක බවත් ඔවුන් තේරුම් ගත යුතුය.

1 thoughts on “අධ්‍යාපන විනාශයට එරෙහිව සිසුන් සටන් වදිනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න