අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට පොල්ගොල්ල ජලාශය වාන් දමන බවට නිවේදන නිකුත් කරලා. දැන් දවස් කීපෙක ඉඳලා වැස්ස වහිනවා. මීට මාස කීපෙකට කලින් වියළි කාලගුණයක් තියෙද්දි, ජලාශ වල ජලමට්ටම අඩු කාලෙදි ඒ ජලාශවල නඩත්තු කටයුතු මතක් වෙලා නෑ. සති කීපයක් වහිද්දි තමයි නින්දෙන් නැගිට්ටා වගේ එකපාරම නඩත්තු කටයුතු මතක් වෙන්නෙ. ඉතින් වාන් දමලා නඩත්තු කරනවා.
මේක පොල්ගොල්ල ජලාශෙටවත් මේ අවුරුද්දටවත් සීමාවුනු දෙයක් නෙවි. වැස්ස පටන්ගත්තු දවස්වල එක් ප්රවෘත්ති විකාශනයක කියැවුනා වර්ෂාකාලය පටන්ගත්තු නිසා අපි වැව් හා ජලාශ ගැඹුරු කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා. ඉතින් මේ ගැඹුරු කිරිල්ල වැස්ස කාලෙ පටන්ගන්න කලින් කළානම් වැස්ස පටන්ගත්තු දවසෙ ඉඳන්නම ජලාශ පුරවන්න තිබුනා. පහුගිය දවස්වල ජලාශ වල පතුල පෙනෙන්නම තිබුන නිසා පහසුවෙන් ගැඹුරු කරන්න තිබුනා වාන් දමන් නැතිවම.
ජලාශ වල පරිමාව වැඩි කරන්න ගොඩක් හොඳට සැලසුම් කරලා කරන දෙයක් වෙන්ටැ මේ. මොකද අපි වාර ගණනාවක් මේ වගේ සිද්ධි අහලා දැකලා තියෙනවා.
බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක අපේ දර්ශකයට.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/