ගුරු වෘත්තිය කියන්නේ ලංකාවේ ඉතා ඉහලින් පිළිගන්න වෘත්තියක්.අපි හැම කෙනෙක්ටම වගේ ඉස්කෝලේ ගිහින් තියෙනවනම් ගුරුවරු ගැන අපරිමාණව අත්දැකීම් ඇති.සමහර ඒවා හිතට සන්තෝෂ හිතෙන ඒවා වගේම තව සමහර ඒවා අදටත් අපිට තරහ ගෙනදෙන ඒවා වෙන්න පුළුවන්.අපි අදටත් අකමැති සමහර විෂයන් ඒ කාලේ හොඳ ගුරුවරු විසින් ඉගැන්වූවා නම් කියලා හිතෙන වෙලාවලුත් ඇති. මං අද කියන කතාව කෙනෙකුට අවශ්‍ය නම් අර සාමාන්‍ය විදිහටම මේ සමහර අය විතරයිනේ.අපිට හම්බවෙච්ච අය මෙහෙම නෑනේ.හොඳ අයද සිටිති කියලා කියන්න පුලුවන්.මොකක් වුනත් මං මේ කතාව කියන්නේ මේ කතාව කියවන කෙනෙක් අඩුම ගානේ මේ වගේ දෙයක් ඉස්සරහට නොවෙන්න වග බලාගනීවත් කියන අදහසින්.
මේ සිද්ධිය වුනේ ලංකාවේ අතිශය සුප්‍රකට බාලිකා පාසලක.ඉස්කෝලේ නම කියන එක හොඳ නෑ.මොකද අර එක මකුණනේ කන්නේ තර්කය ගේන හින්දා.
ඔයාලා දන්නවා ඔය ඉස්කෝලවල ඉන්න ගුරුවරු විදුහල්පතිවරු හැමෝටම හවස 1.30ට සේවය නිම කර නිවස බලා යාමේ අවස්ථාව ලැබෙනවා කියලා.ඉස්සර නම් හවස 2.00ට.ඉතින් මෙයාලා හිතන්නේ සේවය නිම කර යාමේ වෙලාව මෙයාලට 1.30 නිසාත් සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසාත් මේ ලංකාවේ ඉන්න අනික් අයටත් එහෙමම ඇති කියලා.
වෙලාවට අරින කාලෙකුත් තිබුනා.
ඔන්න දවසක් මේ කියන ඉස්කෝලේ 7-8 වගේ වසරක ඉන්න පංති භාර ගුරුවරී බොහොම සද්දෙන් තග දාගෙන පන්තියටම දානවා සත්තම.හෙට ඉස්කෝලේ මොකක්ද රැස්වීමක් තියෙනවා,ඒකට සියලුම ළමයින්ගේ අම්මා හෝ තාත්තා පැමිණීම අනිවාර්යයි කියලා.ඒකත් කියන්නේ අද.
දැන් ගුරුවරී හැම ළමයෙක්ගෙන්ම අහනවා අත දික් කරලා නැඟිට්ටවලා “හ්ම්,ඔයාගේ කවුද එන්නේ,ඔයාගේ කවුද කියලා”
යුවනි මේ පන්තියේ හිටපු ටිකක් නිශ්ශබ්ද ලමයෙක්.ගුරුවරී යුවනිවත් නැගිට්ටෙව්වා.මොකද යුවනිගේ දෙමව්පියො කොහොමත් ඉස්කෝලෙට එච්චර ආවෙ නෑ.මේක ගුරුවරීට මතක තිබුනා.
“යුවනි,හෙට කාවද එක්කන් එන්නේ?”
“මිස්,……….”
“ඔව්,ඇයි මිස් මිස් ගාන්නේ”?
“මිස්,හෙට නිවාඩු ගන්න බැරි වෙයි,මිස්”
“නිවාඩු නෑ….ඒ තාත්තටනේ.ඇයි අම්මට මක් වෙලාද?”
“………”
යුවනි ටිකක් වෙලා බලං හිටියා,නැගිටලා ඉන්න ගමන්ම.යුවනිගේ ඇසින් වැටිච්ච කඳුළු බින්දුව ඒ ගුරුවරීගේ ඇසට සංවේදී වුනේ නෑ.ඒත් යකඩ පන්නරය ලබන්නේ ගින්නෙන්,වතුරෙන් සහ තැලීමෙන් කියන හැම එකෙන්ම කියන එක මෙතනදිත් ඔප්පු වුනා.යුවනි තමන්ගේ හඬ අවදි කළා.
“මිස්,මට තාත්තා විතරයි ඉන්නේ.අම්මා මාව දාලා ගියේ මං ඉපදිලා අවුරුද්දෙන්”
පවු.. ඒ ළමයගේ හිතට මොන තරම් නම් දුකක් දැනෙන්න ඇද්ද !!!
නෝටි ටීචර් කෙනෙක් !
ඒක නෙමේ.. ඔය පැන මඩ කඩිති සිංදුව මම ලස්සනටම ඇහුවේ කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලයේදි…
මේ තියෙන්නේ ඒ අතීතය..
ඔය ගීතය නිසා ගුරු වෘත්තියෙන් සමු ගත්ත අයත් ඉන්නවා.
මාව හැඬවු ගීතයක්….මගේ නංගී ඉගැන්නුවේ බකමූනේ අති දුශ්කර පාසලක. අපි එහෙ යනවා ඉස්සර. දන්න සෙල්ලම් දාලා එයාගේ මහත්තයයි ,මාමන්ඩියි එකතුවෙලා මාතරට ගෙන්න ගත්තා. මම ඒ ගැන එතරම් සතුටු නොවුනත්, නංගී බැඳලා අලුත් නිසාමත් ,මට කෙනෙකුගේ ජීවිතවලට ඇඟිලි ගැසීමේ අයිතියක් නැති නිසාත් මම සාකච්ඡාවෙන් ඉවත් වුනා. සදාතනික ප්‍රශ්නයක් බන්.
අපේ ගුරුතුමා පසු පස අලි එලවන්නේ……මචෝ මේක ඔළුව කුරුවල් කරන තේමාවක්.
අති සංවේදී සිදුවීමක්. විද්‍යා පීඨෙකින් හරි කැම්පස් එකකින් හරි ආපු පලියට මනුස්සයෙක්ට බැහැ ගුරුවරයෙක් වෙන්න. ඒ උතුම් සේවය හදවතින්ම කරන්නෝනි.
පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිත් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ
රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩකඩිති…//
\\පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
\\සංගීතය : රෝහණ වීරසිංහ
\\ගායනය – සුනිල් එදිරිසිංහ
ගුරුවරය…ඔහුට පුලුවන් ලමය රජෙක් කරන්නත් යකෙක් කරන්නත්
හොඳට නරකට දෙකට කටමය වගේ තමයි
සමහර ගුරුවරු ඉන්නවා දෙවිවරු වගේ…. කොහොම හරි දරුවන්ව හොදමග යවන
සමහර අය ඉන්නවා ඔහේ එන්නන් වාලේ අවිත් යනවා
එත් හොදම ගුරුවරයා ලමයගෙ හොදම යාලුවා දුක සැප අහනවා ලමයා ගැන ගබුරින් දන්නවා ලමයගෙ අඩුපාඩු හදනවා හිතට දිරිය දෙනවා අන්න ඒ ගුරුවරු තමා අදහන්න ඔනේ අපටත් හිටියා ඒ වගේ ගුරුවරු ඒත් දැන්නම් ඒ වගේ අය නැති ගානයි…
හොද පෝස්ට් එකක් අතීතය මතක් උනා
ඕකම උසස් අධ්‍යාපනය තුළ සිද්ධ වෙන විදිහ වෙනමම පෝස්ට් එකකින් ලියන්න ඕන.තව කරුණු ටිකක් මදි.හොඳම ගුරුවරු තම ගුරු භූමිකාවෙන් එළියට ඇවිත් අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ භූමිකාව කරන්නේ.