– සොයන්නා – !

Posted: September 6, 2014 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

මල් මලානික වෙලා…හිරුත් අවරට වෙලා…
රෑ පුරා ගොඩ දැමූ..
පසුත් සමතල වෙලා..!
ඉටි කිරෙන් එලිය දුන්…පන්දමත් ඇලවෙලා…
හමන සුලගට ඔහේ
ගිනි දැල්ල කැලඹිලා…!

මග නොමග වැරදිලා….හොදින් නූගත් නිසා….
කවරකුත් නොනවතින..
තැනක මම නැවතිලා …!
රෑ පුරා වෙහෙසිලා…මහ පොලොව පෙරලලා…
තවත් කෙනෙකුට අදත්…
මෙහි ඉඩක් වෙන්කලා…!

තනිකමට පාලුවට..මදුවිතක් තොල ගගා..
බලා හිටියා ඔහුත්…
ලඟ ලඟම එන තුරා….!

කිසිවෙකුත් ආවෙ නැහැ..සිනහ මුව සරසවන්..
කඳුලු දැකලම ඇහේ..
මට කඳුලු නැති තරම්….!
උඩුකුරුව සැතපිලා..නෑසියන් කර මතින්….
සදහටම වෙන් වෙලා….
හිත මිතුරු හදවතින්…!
ඇවිත් ඇති දහස් දන…මුත් කොහේදො ඔවුන්….
සිනහවක් දකින්නට….
තිබෙදො තවත් කල් ?

දනිමි හෙට මේ වගෙම..තවත් දන එන බවත්…
බලා ඉමි…ඔවුන් ලඟ ….
තියේදො සිනහවක්.. !

ජීවිතේ කවද හො
ඔබ මෙහෙට එනවනං…
සිනහවක රසය මට……
කියල දී පිටවෙයන්….!

Blog Tatoo

Leave a comment