Friday, July 18, 2014

ජර්මනියේ නායක පි‍ලිප් ලාම් පාපන්දු විශ්‍රාමයකට!

ලෝක කුසලාන ශූර ජර්මනියේ නායක 30 හැවිරිදි පි‍ලිප් ලාම් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය. මේ තීරණය පසුගිය තරඟවාරයේ සිට ගත් එකක් බව ඔහු කියයි. ඔහු තම ක්‍රීඩාවේ උපරිම තලයක සිටියදී ලෝක කුසලානය දිනූ නායකයෙක් ලෙස සමුගැනීම ක්‍රීඩා ලෝලී හද බිඳුමකි.




ජර්මනිය වෙනුවෙන් තරඟ 113 කට සහභාගී වූ දකුණු ආරක්‍ෂක හා මැදපෙල ක්‍රීඩක ලාම් ඉදිරියේ ආරම්භ වන ජර්මනියේ බන්ඩෙස් ලීගයේ සහ යුරෝපීය ශූරයන්ගේ තරඟාවලිවල බයිරන් මියුනිච් කණ්ඩායමේ ඔහු දැක ගතහැක.

No comments: