Friday, July 11, 2014

දිනන්නේ ජර්මනිය ! ආජන් රොබන් කියයි!



ඒ අතර ආජන් රොබන් කියන්නේ ලෝක ක‍ුසලානය ජර්මනියට හිමිවන බවයි! ඒ ගැන තමන්ට කිසිම අවිශ්වාසයක් නැති බව ඔහු කීවා! "ආජන්ටීනාවට කිසිම අවස්ථාවක් නෑ දිනන්න, ජර්මනිය දිනයි!"
 ඔහු කිවේ.

"අපි හොඳට ක්‍රීඩා කලත්, නරක වාසනාව නිසා අපි දඬුවම් පහර වලින් පැරදුනේ! අවසාන තරඟයට එන්න නොලැබීම වේදනාවක්! අපේ බලාපොරොත්තු බිඳ වැටුනේ නොහිතපු විදියට. අපි ලඟටම ආවා! ආජන්ටීනාවට වූ පරාජය ගැන අපි කලකිරිලා ඉන්නේ! නමුත් අපි තරඟාවලියෙන් ඉවත් වුනේ ඔලුව කෙලින් තියාගන. අපි ලෝක කුසලානයට හැම දෙයක්ම දුන්නත් අපිට එලියට යන්න උනේ හරිම දුක විදියකට" මාධ්‍ය සාකච්චාවේදි ආජන් රොබන් කීවා

ආජන්ටීනා තරඟයේදී තම සගයන් වූ රොන් ව්ලාර් සහ වෙසිලි ස්නයිඩර්ට ගෝල මගහැරීම ගැන අැසූවිට ඔහු කීවේ "අපට කාටවත් දොස් කියන්න බෑ! අඩු වශයෙන් දඬුවම් පහර මඟහැරුනු අය ගැනවත්" රොබන් ප්‍රකාශ කලා!







ආජන් රොබන් ජර්මානු කණ්ඩායමේ මුලර්, ක්ලෝස්, ලාම්,ක්රූස්, ස්වාසෙන්ටයිගර්, ගොටෙස් සමග බයිරන් මියුනිච් කණ්ඩායමේ ප්‍රහාරක. ඔහුට එක ගෝලයක් වත් ලබාගන්නට ආජන්ටීනාව ඉඩක් ලබාදුන්නේ නෑ! ආජන්ටීනාවේ මෂරානෝ හෙවනැල්ලක් මෙන්වී ආජන් රොබන් වැලකුවා!





No comments: