Monday, July 7, 2014

කොලම්බියානුවකු වීම ආඩම්බරයක්! ජේම්ස් රොඩ්රිගස්

අර්ධ අවසාන පූර්ව වටයේ කොලම්බියා බ්‍රසීල තරඟය 1-2 ලෙස පරාජය වී ජේම්ස් රොඩ්රිගස් පෙරලා කොලම්බියාවට පැමිණ කල පලමු ප්‍රකාශය තමන් කොලම්බියානුවකු වීම ආඩම්බරයක්! බවයි.



ජේම්ස් රොඩ්රිගස් ලෝක කුසලාන තරඟාවලියේ මතුවූ හොඳම ක්‍රීඩකයා බවට USA Today වෙබ් අඩවිය 529,028 ක් දෙනකු අතර කළ මනාප සමීක්‍ෂණයක 95.93% දෙනා ප්‍රකාශ කර ඇත. ලයනල් මෙසී 1.28% හා ගුලමෝ ඕචා 0.98% ක් ලබා ඇත.

ඊට හේතු 8 ක් ඉදිරිපත් කළ හැක.

1. ලෝක කුසලානයට පෙර බොහෝ දෙනකු ඔහු දැන සිටියේ නැත. ප්‍රංශ ලීගයේ AS Monaco කණ්ඩායමට ක්‍රීඩා කරයි.



2. ඔහු ක්‍රීඩා කරනු දැකීම චමත්කාරයක්. තරඟ 6 කදී ගෝල 6ක්, සහය 2ක්! 2014 ලෝක කුසලානයේ මේ දක්වා ඉහලම ගෝල රැස්කිරීම.

'
3. රොඩ්රිගස් කොලම්බියාව බිහිකල ප්‍රහාරක ගුරු! ඔහු අංක 10 ක්‍රීඩා කරන ආකාරය නොකඩවා බලා සිටින්නට පුලුවන්! ඔහු ගෝල ලබාගන්නවා මෙන්ම අන්අයට ගෝල ලබාගැනීමට සහය වෙනවා. ඔහු කොලම්බියාවේ තරඟ මොලය, ගෝල නිර්මාණ ශිල්පියා, කැටයම්කරු හා බර අදින අශ්වයා!  ඔහු කොලම්බියාවේ තරඟ රිද්මය පාලනය කරන්නා! අනිත් ක්‍රීඩකයන් ඔහුගේ සහායකයින්! ඔහු පිටියේ ආඥාදායකයා!

4. කොලම්බියාවේ පාපන්දු තරුව ප්‍රහාරක ෆැල්කෝ ආබාධයකට ලක්වූ විට පාපන්දු පණ්ඩිතයන් කීවේ කොලම්බියාව 16 වටයටවත් නොයන බවයි. කොලම්බියාවට ප්‍රහාරක අවියක් නොමැති බව ඔවුන් කීවේ ජේම්ස් රොඩ්රිගස් ගැන නොදැනයි! මාත් ඔහු නොදැන සිටියෙමි. ෆැල්කොගේ හිදැස පුරවන්නට රොඩ්රිගස් ඉදිරියට ආවා.



ඔහුගේ හොඳම ගෝල සැලසුම උරුගුවේට එරෙහිව. එහිදි කුවාඩරාඩෝගේ හිසින් ඔහුට ලබාදුන් ගෝලය දැලට එල්ල කල ආකාරයයි. කුවාඩරාඩෝ වෙත දුව ගිය ඔහු කීවේ "ඒ ගෝලය ඔබේ! ඔබයි එය කලේ" කියාය. ඔහුගේ සගයන් ඔහුට ආදරය කරති, ඔහු සමග ක්‍රීඩා කිරීමට කැමති වෙති. 

5. ඔහු ගෝල ලබාගන්නවාට වඩා ගෝල නිර්මාණය කරයි! කොලම්බියාව ලබාගත් ගෝල 12න් 8කට ඔහු සම්බන්ධ උනා. ඔහු අනිත් ක්‍රීඩකයන් බබලවන හිරු!


6. ඔහුට වයස 22 යි! ලෝක කුසලානය අවසන් වන්නේ ඔහු වයස 23 වන දින අළුයම! රන් සපත්තු පළඳින සුපිරි උපන් දිනයක්! ඔහු ක්‍රීඩකයකු ලෙස ආරම්භ කලා පමණයි! ඉදිරි වසර 5 ඔහුගේ මන්දාකිනි චාරිකාවයි!


7.  ඔහු උරුගුවේට එරෙහිව ලබාගත් මේ ගෝ‍ලය වසරේ හොඳම ගෝලයක්! ලෝක කුසලානයේ හොඳම 5න් .එකක්!


ඔහු ලෝක කුසලානයේ වඩාත් කඩවසම් තරුණයා. එහෙම කියන්නේ ශකීරා නෙවේ! පාපන්දු බලන තරුණ පරපුර! මේ දැවැන්ත පලාපෙත්තා කියන්නේත් එයයි!



 ජේම්ස් රොඩ්රිගස් ඉදිරි තරඟ වාරයට රියල් මැඩ්රිඩ් කණ්ඩායමට යුරෝ මිලියන 59.5කට හුවමාරු වූවා!



No comments: