Pages

Thursday, June 19, 2014

පොරොන්දුවක්..

කිවිඳියක් නොවුනාට
මාත්‍රා නොතිබුනාට,
හැඟුම්බර වදන් පෙළක් කුරුටු ගෑවේ කොළයක ඔබ,
නොසිතූ ලෙස මසිත තුල,
සඟවනමුත් ඔබ ලොවට ස්නේහය,
ගෙන පන්හිඳ කරට,
පබැඳ වදනින් වදන අරුත ගෙන,
අකලංක බැඳීමක් අභිසෙස් කලා ඔබ,
චින්තනයේ අනන්තයට,
දිව ගොස් පද සිතුවම් කොට,
සෙනෙහෙ මුසු කොට වියා පද වැල,
සිප ගත්තා ඔබ, අහින්සක හද මඩල..
ගයන්නට ඔබේ ගුණ, නෑ මේ දුභලායා ලඟ වචන
ඔබේ පවර චිත්තය දැක,
මගේ සියුම් සිත් යායට
දෝරගලා ආ සෙනෙහස
දැනුනේ මහමෙරක් උසට..
ශෝචනීය දසාව අඳුරේ තනි කර දමා ඉතින්,
මෙතැන් පටන් සිනහව පමණයි අත් වන්නේ ඔබ හට..

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews