මෙම සිද්ධි කොහේවත්, කොතනකවත්, කවදාවත් සිද්ධ නොවුන ඒවාය.
සිද්ධි #1 වාහනයක රියදුරුට මග යන තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි අයෙකුටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.
සිද්ධි #2 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි බෞද්ධ භික්ෂුවකටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති. ("සිංහල බෞද්ධ" වෙනුවට "මුස්ලිම්" ද, "භික්ෂුව" යන පදයට "මවුලවි" යන්නද ආදේශ කල හැක)
සිද්ධි #3 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන මුස්ලිම් තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි බෞද්ධ භික්ෂුවකටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති. මෙය මෙලෙසද විය හැක. වාහනයක මුස්ලිම් රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි මවුලවි තුමාටත් පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.
මෙම සිද්ධි තුනෙහි වෙනසක් ඔබ දකින්නේද, ඔබ ආගම්වාදී ජාතිවාදියෙකි.
මම කිසිම ආගමක් අදහන්නේ නැහැ.නමුත් සියළුම ආගම්වලට ගරුකරනවා.යුද්ධ පැවති කාලෙ එන් ජී ඕ කාරයන් සිංහල බෞද්ධ විරෝධී ස්ථාවරයක පසු වීම අපට දකින්නට පුළුවන් වුනා.දැනුත් මේ සිද්ධිය මුල් කර ගෙන ඥානසාරගෙන් එහාට ගිහින් සෝම,මඩිහේ පඥාසීහ,අනගාරික ධර්මපාල සහ තව එහාට ගිහින් බුදු හාමුදුරුවන්ටත් බනින්න පටන් අරන්.මේ අය සාමවාදීන් නොව බෞද්ධ විරෝධීන් .ඒකයි ඇත්ත.
ReplyDeleteමේ කලබල වෙන්නෙ රණවිරු සැමරුම් නිසාලු කියල අලුත් කතාවකුත් මං දැක්කා.මේ අය තමයි ප්රභාකරන් ගැන විරු ගී ලිව්වෙත්.මෙච්චර කල් නිදා ඉදන් අලුත්ගම සිද්ධියෙන් පස්සෙ දැන් ඇහැරිලා.
මටනම් ප්රෂ්නෙ තියෙන්නෙ ආගම් එක්ක, ඒවා අදහන මිනිස්සු එක්ක නෙවෙයි.
Deleteවෙදා පරක්කු මොකද කියලායි බැලුවේ.
ReplyDeleteහෙ හේ .... අපි fashionably late තමයි
Deleteමේවට හේතු වෙච්ච මුල් හේතුව දැනගන්න, ඕනේ,, ඒ හැරත් මං ජාතිවාදියෙක්,,ආගම් වාදියෙක්,, මගේ ආගම ජාතිය වෙනුවෙන්,, අපේ රටේ තමයි ඕවට ලේබල් ගහන්නේ, මේ රටවල මිනිස්සු සර්වාගමික පුට්ටු කතා නැහැ කෙලින්ම තමයි ජාතිය වෙනුවෙන් ඕනෙම දේකට
ReplyDelete