ගෑණුන්ගේ කකුල්

Posted on January 7, 2011



සමහර අයට ගෑණුන්ගේ කකුල් පේන්න බැරි ය. දැක්කොත් මල පනිනවා ය. මේ මෑතකදී එසේ වුනේ සංස්කෘතික කටයුතු පිළිබද ගරු අමාත්‍යතුමන්ට ය. ඒ නිසාම එතුමා කොමිටියක් පත් කර තිබේ. ඒ වන්දනා ස්ථානවලට පිවිසීමේදී කතුන් විසින් අනුගමනය කළ යුතු ශිෂ්ඨ සම්පන්න ඇදුම් කෙබදු විය යුතු යැයි නිශ්චය කර දෙන්නට ය. බාර දී ඇත්තේ කාලෝ ෆොන්සේකාට ය. එතුමාටත් කකුල් දැක්කම මල පනිනවා දැයි අපි හරියට දන්නේ නැත.

එහෙත් සන්‍ඩේ ලීඩර් උපුටා දක්වන ලංකාඊනිව්ස් කියන විදිහට ටීබී ඒකනායකට නම් එහෙම ඉතිහාසයක් තිබේ.

කකුලක් දැක්කහම තමන්ව පාලනය කරගන්නට බැරි අය සිතන්නේ අනිත් පිරිමින්ටත් එහෙම වෙනවාය කියා ය. ඇත්තටම මේ සියල්ල කරන්නේ පිරිමින්ගේ පරිස්සමට ය. නැත්නම් මල පැන ගණිකා නිවාස පස්සේ දුවන්න ගියොත් සංස්කෘතියක් ඉතිරිවන්නේ නැත. විශේෂයෙන් ආගමික කටයුතු කරන අතරේ එහෙම වුනොත් නම් වැඩේ කිරිමෙල් ය.

සංස්කෘතිය රැක ගැනීම සදහා තමන් දන්නා දේ කරනවා ඇරුණහම සංස්කෘතික ඇමතිවරයෙකු වෙන මොනවා කරන්න ද?

Posted in: Uncategorized