සබරගමු පළාත පාලනය කරන උල ලේනා (ප්‍රධාන ලේකම්) හදුනාගමු

Posted on January 8, 2011



සබරගමු පළාතේ ප්‍රධාන ලේකම් චක්‍රලේඛන උපදෙස් යවමින් පැය 8 වැඩ දිනය පවා උල්ලංඝනය කරමින් බලෙන් පන්සිල් ගැන්නවීමේ හා පිරිත් සජ්ජායනා ඇස්සවීමේ මහගු පුණ්‍ය කර්මයක් කරමින් ලංකාවේ පරිපාලනය සමන්විත වන්නේ කෙබදු මීහරකුන්ගෙන් දැයි සබරගමු රාජ්‍ය සේවකයින්ටත් ඒ හරහා රටටත් ප්‍රදර්ශනය කර තිබේ.

මේ පිළිබද හෙලිදරව් කිරීමේ ගෞරවය මා දන්නා තරමින් හිමිවිය යුත්තේ ලංකාට්රුත් වෙබ් අඩවියට ය. ඒ ගැන අපට දන්වා සිටියේ මේ අඩවියට පිවිසි “කටුවා” සහෘදයා විසිනි. ඒ ලින්ක් එකට මෙතැනින් පිවිසිය හැකි ය.

මී හරකෙකු යැයි කීවේ මීහරකුන් අපහාසයට ලක් කිරීම පිණිස නම් නොවේ.

තමන්ට පැවරී ඇති නීත්‍යනුකූල භූමිකාව තුළ තමන්ට අයිති බලතල මොනවාදැයි විමසා දැනගන්නට මීහරකුන් දන්නේ නැත. බලෙන් පන්සිල් ගත්තාට වැඩක් නොවේ යන තරමක් සිහි නුවණින් දත යුතු කාරණා ගැන ද උන්ට මෙලෝ අදහසක් නැත. අප සබරගමු පලාතේ ප්‍රධාන ලේකම්වරයා මීහරකෙකුට සමාන කළේ එහෙයිනි.

පැය 8 ක වැඩ දිනය නීති ගත කර ඇති එකකි. එයින් එපිට වැඩ ගන්නේ නම් අතිකාල දීමනා ගෙවීමට ස්වාමියා බැදී සිටී. මේ අමාරු කාලේ අතිකාල දීමනාවක් රජයේ සේවකයින්ට ලබා දිය හැකි ක්‍රමයක් මේ ලේකම් වරයා සකස් කළා වෙන්නට බැරි නැත.

ඒත් එහි ද පරහක් තිබේ. ඒ අතිකාල වැඩ පැහැර හැරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නට ඔහුට නීත්‍යානුකූල හැකියාවක් නැතිව තිබියදී ඒ වගක් ප්‍රකාශ කිරීම නිසා ය. අප දන්නා නීතියට අනුව අතිකාල වැඩ කිරීමට බල කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවක් සදහා පමණ ය.

පිරිත් ඇසීම හා පන්සිල් ගැනීම ද අත්‍යවශ්‍ය සේවා ගනයට ප්‍රකාශයට පත් කොට ලගදී ගැසට් නිවේදනයක් නිකුත් කළා දැයි අප දන්නේ නැත. වැඩ වෙන විදිහට එහෙම එකක් නොවුනා යයි ටක්කෙටම කියන්නත් බැරි ය.

චක්‍රලේඛනය අනුව බලෙන් පිරිත් අස්සවන්නේ බෞද්ධයින්ට පමණක් නොවේ. සියලු දෙනාට ය. එය කොතෙක් දුරට අප රටේ ව්‍යවස්ථාව හා එකග දැයි අප දන්නේ නැත. වෙන ආගමක් අදහන කෙනෙකුට බුද්ධාගමේ ‍කටයුතුවලට සම්බන්ධ වෙන්නැයි බල කිරීම ව්‍යවස්ථාව අනුව වැරදි ය. ඔය රෙද්ද අහක් කොට ඒ වෙනුවට මහින්ද චින්තනය පොරවා දැන් කොච්චර කල් වෙනවාදැයි කෙනෙකු අහන්නට පුලුවන. අප නොදන්නවාට එහෙමත් වෙලා තියෙන්නටත් පුලුවන.

අප මෙතෙක් කතා ‍කළේ නීතියේ පැත්ත ය. ඊලගට කතා කළ යුත්තේ ආගමික පැත්ත ය.

ආගම යනු බලෙන් කාවැද්දිය හැකි දෙයක් නොවේ. බුදුන් සිය දහම සම්බන්ධයෙන් නම් අප දන්නා විදිහට මෙවැනි බලහාත්කාරයක් යොදා ගන්නැයි කිසි කලෙක කියා නැත. මේ අබුද්දස්ස කාලේ නිසා ආගම දහම ද විපරීත වෙලා දැයි අප දන්නේ නැත.

අප දන්නා කාරණා අනුව අවසාන නිගමනය වන්නේ සබරගමුවේ ලේකම් දැන හෝ නොදැන පුක බිම ඇණ ගෙන තිබෙනවාය යන්න ය. පුක බිම තිබුනත් වෙන බොහෝ දේ මේ හරහා ලබා ගත හැකි නිසා පුක කොහේ තිබුනහම මොකදැයි එතුමා හිතුවා වෙන්නටත් පුලුවන.

මෙහෙව් මිනිසුන් විසින් පාලනය කරනු ලබන රටක් ගොඩනැගීම නම් සැබෑවටම ආශ්චර්යයක්ම වෙනු ඇත්තේ ය. එහෙත් මේ මිනිසුන් ඕපපාතිකව පහළ වුනා වෙන්නට නම් බැරි ය. ඔවුන් බොහෝවිට ආඩම්බරකාර මෝඩ තාත්තාගේ පුතුන් විය හැක්කේ ය. පරිපාලනයේ දූ පුතුන් බිහිකරන්නේ දේශපාලන තාත්තලා බැවිනි.

Posted in: Uncategorized