අසව්! අසව්! යාපනයේ මිනිසුන් බියෙන් හා සැකයෙන්! ඩග්ලස්ගේ අනාවරණයක්!

Posted on January 9, 2011



යාපනයේ ජනතාව බියෙන් හා සැකයෙන් පසුවන බවත් එහි භීතිය රජයන බවත් කියන්නේ අප නොවේ. යාපනය බාර ඇබිත්තයා ය. ඩග්ලස් දේවානන්ද ය. යුද කාලයේ අරුම පාලනයක් ගෙනගියේ යැයි විකිලීක්ස් වලින් ලීක් කරනු ලැබු ඩග්ලස් දේවානන්ද ය. නිල නොවන හමුදාවක් හමුදාවට සමාන්තරව පවත්වාගෙන ගිය දැනටමත් පවත්වාගෙන යනවා යයි කියන ඩග්ලස් ය.

කවුරුත් කියන්නට කලින් මේ කතාව තමාම කියන එක හොද යැයි ඔහුට සිතුනා වත් ද?

නැතිනම් ඔහුට ද අවනත නොවන කල්ලි ගණනාවක් යාපනය තුළ ක්‍රියාත්මක නිසා ඇතිවුණු අසරණ බාවය නිමිති කොට ගෙන එය කීවා ද?

ඒ කුමක් වුව ද මේ වෙලාවේ ඒ බව කීමෙන් ඔහු කර ඇත්තේ ඔහුගේම ආණ්ඩුව පාවා දීමකි. අපට ඇති ප්‍රශ්නය නම් දැන් ඒ ඇරෙන්නට ඔහුට යමක් ඉතිරිවී නැත්තේ ද යන්න ය. ඒ ඇරෙන්නට තවත් ප්‍රශ්න ගණනාවක් යාපනයේ ජනතාව වෙනුවෙන් අසන්නට ද අපට ඉතිරිව තිබේ.

මේ භීතියට වගකිව යුත්තේ කවුද? යාපනයේ ආණ්ඩුවේ පාලනයක් නැත් ද? එය මේ වනවිට පාලනය කරන්නේ කවුරුන් විසින් ද? මේ ගැන කවුරුවත් කිසිත් නොකරන නිසා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන්නට සිතුනේ ද?

ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඩග්ලස් ලග නැත් ද? ඒවා අසා දැන ගත හැක්කේ කාගෙන් ද?

උත්තර නැති ප්‍රශ්නත් සමග යාප‍නයේ ජනතාව තව කොපමණ කලක් ජීවත් විය යුතු ද?

(මේ ගැන යමක් කිව හැකි ජගතෙක් මේ සිංහල බ්ලොග් අවකාශය තුළ වෙසෙයි නම් මේ අඩවිය ඔවුනට උත්තර බැදීමට විවෘත ය.)

Posted in: Uncategorized