රෝහණගේ බ්ලොග් සටහන් එකතුව වින්ඩෝස් ඇප් එකක් ලෙසින්


rohana's blogs

අසම්මතය බ්ලොගය දැන් Windows Phone App එකක් හැටියට නිකුත් වෙලා තියනවා. ඒ නිසා දැන් ඔයලට ඔයාලගේ Windows ජංගම  දුරකතනයෙනුත් කියවන්න පුළුවන් ආකාරයට ලොකු පහසුවක් ඔයාල වෙනුවෙන් ඇතිකරලා තියනවා.

අසම්මතය විතරක් නෙවෙයි, ඒත් එක්කම මම ලියන තව ඉංග්‍රීසි බ්ලොග් තුනකුත් ඔයාලට කියවන්න ඒතුලින් ලැබෙනවා.

  1. Uncopyrightables (තොරතුරු තාක්ෂණික බ්ලොග් සටහනකි)
  2. Green Map Sri Lanka(පාරිසරික බ්ලොග් සටහනකි)
  3. The Rohana Live(ඉංග්‍රීසි දැනුමමිනුම බ්ලොග් සටහනකි)

දැන් මම ලියන බ්ලොග් ඔබේ Windows දුරකතනයෙන් කියවීම සදහා Rohana’s Blogs Windows Phone App එක ඩවුන්ලෝඩ් කරගෙන ලිපි කියවන්න…

මෙන්න සබැදිය : Rohana’s Blogs Windows Phone App

මම ලිපි ලියන්නේ මගේ අදහස් ඔයාලත් එක්ක බෙදගෙන ඒවා තුලින් ඔයාලගේ අදහස් මතුකරගෙන යහපත් සමාජයකට අවශ්‍ය ඒ දැනුම බෙදාහදා ගැනීම. ඉතින් ඒකට තාක්ෂණයේ පිහිට මට පුළුවන් හැටියට මම යොදාගන්නවා. ඒ නිසා දැන් වෙනදටත් වඩා ඔයාලට සමීපව වැඩකරන්න මට හැකියාව ලැබිලා තියන බව ඉතාම නිහතමානී ආඩම්බරයකින් කියන්න පුළුවන්.

 

1 thoughts on “රෝහණගේ බ්ලොග් සටහන් එකතුව වින්ඩෝස් ඇප් එකක් ලෙසින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න