විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 recruitment_fallin    ඔබ සෑමදෙනාම පාහේ බලා සිටින්නේ සංග්‍රාමයේ පියසටහන් ඊළඟ කොටස එනතුරු බව මම දන්නවා. නමුත්, හිටපු හමුදා නිළධාරියකු වශයෙන්, ඉතා වැදගත් කරුණක් ලෙස සළකා, මේ විශේෂ ලිපිය ලියන්න හිතුනේ, කාලීන මාතෘකාවක් ලෙස එය ඉතා උචිත බව පෙනීගිය නිසයි. මේ දිනවල ආරංචියක් තියනවා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට Sri Lanka Army Volunteer Force වෘත්තිකයන් බඳවා ගන්නවා කියලා. මමත් මේ ගැන දැනගත්තේ, අද උදේ සිරස රූපවාහිනියේ ‘සිරස ප්‍රෙස් රිලීස්’ වැඩසටහනෙන්, මේ ගැන, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සමග, පැවැත්වුන සජීවී දුරකථන සංවාදය නැරඹීමෙන් / ඇසීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් වැඩිපුරම දකින්න අහන්න ලැබෙන්නේ යුදහමුදා නිත්‍ය සේවයට Regular Force පුද්ගලයන් බඳවාගැනීම නේ. නමුත් හමුදා ප්‍රකාශකවරයා කියපු ආකාරයට, මේ බඳවාගැනීමේ, එක්තරා කැපීපෙනෙන විශේෂත්වයක් තියනවා. එය කුමක්ද කියා කියන්නට කලින්, ඔබේ දැණුම සඳහා, යුද හමුදාවේ සංවිධානය ගැන කෙටියෙන් කියන්නම්. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් බොහොමයක් රටවල යුද හමුදාව සංවිධානයවී තිබෙන්නේ මෙන්න මෙහෙමයි.

1. නිත්‍ය හමුදාව – Regular Force

2. නිත්‍ය උප සේවය – Regular Reserve

3. ස්වේච්ඡා හමුදාව – Volunteer Force

4. ස්වේච්ඡා උපසේවය – Volunteer Reserve

ඉතින් මොනවද මේ එක් එක් කොටසෙන් කෙරෙන්නේ?

  නිත්‍ය හමුදාව කියන්නේ ස්ථිරවම හැමදාම සේවයේ යෙදී සිටින හමුදාව. හමුදාවේ අය විශ්‍රාම ගියාට, අවශ්‍ය වුනොත්, ඔවුන් ආපසු සේවයට කැඳවීමට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, යුද හමුදා පනතේ තියනවා. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය තියෙන්නේ, සේනාධිනාකයා/නායිකාව වන, ජනාධිපති/ජනාධිපතිනිය වෙතයි. ඉතින්, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේම) අය විශ්‍රාම යැවීමේදී, මෙන්න මෙහෙමයි කරන්නේ.

  අදාළ පුද්ගලයා නිත්‍ය හමුදාවේ කෙනෙක් නම්, ඔහු විශ්‍රාම යවන්නේ නිත්‍ය උප සේවය වෙත. එමෙන්ම ඔහු ස්වේච්ඡා බලසේනාවට අයත් නම්, ඔහු විශ්‍රාම යවන්නේ, ස්වේච්ඡා උප සේවය වෙත. සාමාන්‍යයෙන් නිත්‍ය උප සේවය සහ ස්වේච්ඡා උපසේවය ආපහු සක්‍රිය සේවයට කැඳවන්නේ නැහැ. ඉතා කලාතුරකින්, අපේ රටේ නිත්‍ය උපසේවයෙන්, නිළධාරීන් එක්කෙනෙක් දෙන්නෙක් කැඳවලා තියනවා. ස්වේච්ඡා උපසේවයෙන් කැඳවූ අවස්ථාවක් මගේ මතකයේ නම් නැහැ.නමුත් සේනාධිනායකයාට පුළුවන්, අවශ්‍යතාව පරිදි, ඔවුන්වත් සේවයට කැඳවන්න.

  සාමාන්‍යයෙන් ස්වේච්ඡා බලසේනාව සෑමවිටම සක්‍රිය සේවයට කැඳවන්නේ නැහැ. නමුත් අපේ රටේ ස්වේච්ඡා බලසේනාව, 1983 ජූලි කලබල මැඩපැවැත්වීම සඳහා සක්‍රිය සේවයට කැඳවු අවස්ථාවේ පටන්, අද දක්වා, නොකඩවා, නිත්‍ය හමුදාව සමග උරෙනුර ගැටෙමින්, අති විශිෂ්ඨ සේවයක් ඉටුකරනවා. උතුරු නැගෙනහිර සටන් බිමේදී, ඔවුන් දැක්වූ විස්කම් බොහොමයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස්තම වීර පදක්කම වන, පරම වීර විභූෂණය පදක්කමත්, ප්‍රථම වරට පිරිනැමුණේ, ස්වේච්ඡා හමුදාවේ නිළධාරියකු වන, 3 වැනි ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවේ කපිතන්, (මරණින් පසු) සාලිය අලදෙණිය වෙතයි. ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ටත්, දේශීය විදේශීය විශේෂඥ පුහුණු පාඨමාලා සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි පවා ලබාදෙනවා.

  ඕනෑම රටක, ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගන්නේ, නිත්‍ය හමුදාවට බඳවාගැනීමේ උපරිම වයස් සීමාවට වඩා, ඉහළ වයස් සීමාවන්හි අයවළුන්. එයට හේතුව, සාමාන්‍යයෙන් ස්වේච්ඡා බලසේනාවට බඳවාගන්නේ, කිසියම් රැකියාවක/වෘත්තියක දැනටමත් නියැලී සිටින අයවළුන් නිසයි. (යුද්ධය නිසා අපේ රටේ මේ ක්‍රමය අත්හිටවා රැකියා නැති අය බඳවාගත්තා/ගන්නවා) රාජ්‍ය අංශයේ අයට නම්, ඔවුන්ගේ සාමාන්‍ය රැකියාවේ වැටුප සහ සේවා උසස්වීම් ද ලැබෙන පරිදි, ආයතන සංග්‍රහයෙන් ප්‍රතිපාදන සළස්වා තිබෙනවා. ඊට අමතරව, යුදහමුදා වැටුප් හා දීමනා රෙගුලාසි අනුව වැටුප් හා දීමනා ලබාදෙනවා. පෞද්ගලික අංශයේ අයවළුන්ටත් බොහෝවිට ඒ ආකාරයෙන්ම පහසුකම් ලැබෙනවා. යුද හමුදාවෙන් වැටුප් ගෙවන්නේත් අනෙකුත් පහසුකම් ලබාදෙන්නෙත්, සක්‍රිය සේවයේ යෙදෙනවානම් පමණයි.

   මා, මේ විස්තරය කිව්වේ, මෙතනින් එහා කියවෙන දේ ගැන, සාධාරණව සිතා බැලීමට, ඔබට අවස්ථාවක් දීමටයි. හමුදා ප්‍රකාශක විසින් අද කිව්වේ මෙන්න මෙහෙමයි. වයස අවුරුදු 18 ට වැඩි, 55 ට අඩු, කිසියම් වැදගත්/රටට ප්‍රයෝජනවත්, වෘත්තියක දැනට නියැලී සිටින අයවළුන්ට, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ, ස්වේච්ඡා උප සේවයට බැඳෙන්නට පුළුවන්. ඔවුන්ට මූලික පුහුණුවක් දෙනවා.  අවශ්‍ය අවස්ථා වලදී පමණක්, සේවයට කැඳවනවා. මෙතනින් එහාට, හමුදා ප්‍රකාශකගෙන්, සිරස නිවේදකයන් දෙදෙනා ඇසු ප්‍රශ්න සහ, පිළිතුරු කීපයක් මෙසේයි.

ප්‍රශ්නය; මේ හදිස්සියේ හමුදාවේ බලය වැඩි කරන්න යන්නේ ඇයි?

පිළිතුර: මෙය හමුදාවේ බලය වැඩි කිරීමක් නොවේ. අවශ්‍යතා සඳහා පමණක් යොදාගැනීමට, වෘත්තිකයන් බඳවාගැනීමක් පමණයි.

ප්‍රශ්නය; කුමන වෘත්තිකයන්ද බඳවාගන්නේ?

පිළිතුර; හමුදා රාජකාරි සඳහා වැදගත්වන සෑම දෙනාවම. මාධ්‍යවේදීන්ට වුනත් බැඳෙන්න පුළුවන්.

ප්‍රශ්නය; අපි දන්නවා, හමුදා පුහුණුව දෙන්න ගිහින්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, මේ ඊයේ පෙරේදත් මියගියා. ඉතින් මෙහෙම බඳවාගන්නා අයටත්, දැඩි පුහුණුවක් දෙනවද? වයස 55 ට ආසන්න කෙනෙක්, කොහොමද ඒ පුහුණුව දරාගන්නේ?

පිළිතුර; අපි, ඒ අය මුලින්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. බඳවාගැනීමට පෙර. ඒ ඒ වයසට ගැලපෙන පුහුණුවක් දෙන්නේ. එමෙන්ම පුහුණුවේදී උගන්වන්නේ නිල ඇඳුම් ඇඳීම, සරඹ කිරීම, ආචාර සමාචාර කිරීම වැනි දේවල් පමණයි.

ප්‍රශ්නය; අවි පුහුණුවක් දෙනවාද?

පිළිතුර; දැනට එහෙම අවශ්‍යතාවක් නැහැ. මොවුන් සක්‍රිය සේවයට කැඳවූවොත් යොදවන්නේ, ඔවුන්ගේ සාමාන්‍ය වෘත්තියට අදාළ රාජකාරිවල.

ප්‍රශ්නය; හමුදාවෙන් පැනගිය සෙබළුන් ඉතා විශාල ගණනක්, නිදැල්ලේ හැසිරෙමින් සිටින අතර සමහරු අපරාධ වලටත් සම්බන්ධ වෙනවා. ඔවුන් අල්ලාගැනීමට ක්‍රියා කරන්නේ නැද්ද?

පිළිතුර; ඔවුන් අල්ලාගැනීමේ මෙහෙයුම් දිගටම කරනවා.

ප්‍රශ්න සහ පිළිතුරු එතනින් අවසන්. 

ඉතින් මොකද ඔබ හිතන්නේ?

සුභවාදීව බැලුවොත්;

  රටේ බොහොමයක් දෙනාට හමුදා පුහුණුවක් ලැබුනොත් ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළට ගන්න පුළුවන්, වැඩ සංවිධානය කිරීම/කරගැනීම අතින්, නව ආකල්ප වර්ධනය කරගැනීමෙන්. පෞද්ගලිකව, තම දෛනික කටයුතු මීට වඩා ප්‍රතිඵලදායී ලෙස කරගැනීමේ හැකියාව ලැබෙනවා. පිළිවෙලකට වැඩ කිරීම, කලට වෙලාවට වැඩ කිරීම, ආදිය දැනට වඩා හොඳින් කළහැකි වෙනවා. තම පොද්ගලික සෞඛ්‍යය පවා දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා.

army-recruitguy-illustration

අසුභවාදීව බලුවොත්;

  ආණ්ඩුව මේ හදන්නේ රටේ වෘත්තීය ක්‍රියාමාර්ග යටපත් කරන්නයි. එමගින් කම්කරු අයිතිවාසිකම් පැහැරගන්නයි. මේකට බැඳුනොත්, අනිවාර්යයෙන් හමුදා සේවයට යන්න වෙනවා, කතාකරපු ගමන්. එතකොට කෝ වෘත්තීය සමිති සාමාජිකයෝ කොහෙද ඉතුරු වෙන්නේ?

වෙන මොනවද ඔබට හිතෙන්නේ………..?

මේ………….., අපි හමුදාවට බැඳුන කාලේ වෛද්‍ය පරීක්ෂණය තිබ්බේ මෙන්න මෙහෙම. 

tumblr_lnrbvfTWHd1qkhrn4o1_500

පින්තූර ගත්ත තැන්

http://www.1914-1918.net/recruitment.htm

http://www.datalounge.com/cgi-bin/iowa/ajax.html?t=10686706#page:showThread,10686706

     my-signature-for-blog[1] 2014 පෙබරවාරි මස 12 දින 1400 පැය

Comments on: "ඔබ හමුදාවට බැඳෙන්න කැමතිද Would you like to join the Army" (24)

  1. නියමයි…. දැනුත් ඒ ක්‍රමේටමද වෛද්‍ය පරීක්ෂණ තියන්නේ 😀

  2. කොහොම උනත් යුදහමුදාව ගැන යම් දැනීමක් ලබා ගත්තා

    මටත් සිතේන්නේ ඔබ කියන කාරණයට විය යුතුයි මේ බඳවා ගන්නේ, මේ සැරසෙන්නේ වෘතතීය සමිති මර්ධනයටද? විදුහල්පතිවරුන්ටද හමුදානාම දුන්නානේ.

  3. එතකොට සර් ශිෂ්‍යබට බලකාය අයිතිවෙන්නේ Volunteer Force එකටද?
    ඒකෙත් captain, major වගේ rankings තියනවා නේද ?
    ඒගොල්ලන්ගේ Seniority එක Regular Force එක්ක ගත්තහම කොහොමද? (Rankings වල)

    • ශිෂ්‍ය භට බලකාය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වෙනම පාලනය වෙන ආයතනයක්. එහි අධිකාරි ලත් නිළධාරීන් යුද හමුදාවේ අධිකාරි ලත් නිලධාරීන්ට සමානයි. එම නිළධාරීන්ට හිමිවන්නේ ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාද. නමුත් ශිෂ්‍ය භට බලකාය සැලකෙන්නේ සටන්කාරී නොවන non combatant බලකායක් ලෙසයි. ශිෂ්‍ය භටයන් කිසිදු හේතුවක් නිසාවත් යුද හමුදා රාජකාරි වලට කැඳවන්නේ නැහැ. නමුත් නිළධාරීන් ස්වේච්ඡා බලසේනාවේ ඒකක වලට අනුයුක්ත කර ක්‍රියාන්විත රාජකාරිවල යොදවනවා අවශ්‍යතාවක් ඇත්නම් පමණක්.

  4. ම්හ්… අවංකවම කිව්වොත් මම නම් වැඩේට කැමතියි. අසමජ්ජාති වැඩ කරන කිහිප දෙනෙකු ගැන හැරුනාම යුධ හමුදාව ගැන මගේ හිතේ තියෙන්නේ ප්‍රසාදාත්මක හැඟීමක් අවස්ථාවක් ලැබෙනවා නම් මම සම්බන්ධ වෙන්න කැමතියි.

    • ඇත්තටම සරා හොඳ පරමාර්ථයකින් කරනවානම් ඉතාම හොඳ වැඩක්. අනාගතයේදී ප්‍රයෝජනවත් වෙන දෙයක්. නමුත් එය දියත් කරන ආකාරය පිළිබඳව සමාජය තුල විශ්වාසයක් තිබිය යුතුයි.

  5. මම අද මේ ලිපිය කියවන්න ආවේ 3වෙනි පාරට අනෙක් දෙපාරේම මොකෙක්දෝ කුදමස්සෙක් කඩන වැටුන කියව කියව කින්නකොට. රටේ යුධ ශක්තිය මැනීමේදී මේ සේනාංක 4රෙම පිරිස් බලයත් බලනවා නේද? හයියෝ චෙක් කරන්නේ ඇඳුම් නැතිවද????

    • මේ දස්වල සමහර අඩවි වලට බූතයෝ ඇවිත්. මටත් සමහ අඩවි වලට ගියාම sorry the page is not available වගේ කුණුහරප තමයි පෙන්නන්නේ.

      රටක යුද ශක්තිය මැනීමේදී පිරිස් බලය වගේම ආයුධ (යුද ගුවන්යානා, මිසයිල්, යුද නැව්, න්‍යෂ්ටික අවි, සබ්මැරීන්, චන්ද්‍රිකා තාක්ෂණය,) වැනි කරුනුත් බලනවා.

  6. මම කලින් කමෙන්ට් එකක් දැම්මා. ඒක කොහෙද මන්ද/

    • මේ දිනවල මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොගර් අඩවි දෙකේම එවැනි ප්‍රශ්නයක් තියනවා. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා ස්පෑම් වලත් නැහැ.

  7. ආසාව තිබ්බට බැඳෙන්නේ කොහොමද? මං ඉතිං පිටරට ඉන්න මනුස්සයා නේ.. උඹ ඒ රටක හමුදාවට බැඳියන් කියයි.. (එහෙ නං ඉතිං ඔටුවා පිටේ හෝයියා තමා.. 🙂 )

  8. අපේ තාත්තාත් පොල් පර්යේෂණ ආයතනේ සේවය කරද්දී ස්වේච්ඡා සේවයට එකතු වෙලා යුධෝපකරණය බලකායේ සේවය කලා. දැනට වසර කීපයකට කලින් තමා විශ්‍රාම ගත්තේ.

  9. රාජපක්ෂ said:

    අපේ ලොකු අයිය හමුදාවේ හිටියා යුද්දෙටත් ගියා.දැන් අයින් වෙලා මිනිහට හමුදාව පේන්න බැ උන්ගේ ඔය කියන තරම් විනයක් නැ අරව මේවා කියලා බනිනවා.ඇයි දන්නැ ඇහුවට වැඩිය ඒ ගැන කියන්නෙත් නෑ.උට යාළුවෝ ඉන්නවා පදුරක් පදුරක් ගානේ ආමි යාළුවෙක් ට ඉන්නේ 1ක් විතරයි.මේ ළගදි අපේ හන්දියේ 3වීල් පාක් 1දි 3විල් පොරකගේ නංගි කෙනෙක් පස්සේ ආමි පොඩි කොල්ලෙක් ඇවිල්ලා තියෙනවා.කෙල්ලගේ අයිය පාක් 1 ගාවදි මේක ගැන මේ අමි කොල්ලත් එක්ක කතා කර කර ඉද්දි අපේ එකා ඔතනට ඔළුව දාලා මුගේ යාළුවා හින්ද කොහොම හරි කෙල්ලගේ අයියා කියපු දේකට අර කොල්ලා කියලා තියෙනවා . ඔහෙම කියන්න එපා අයියේ අපි රට වෙනුවෙන් අවුරුදු ගානක් යුද්ධ කළා , මේක ඇහිච්ච අපේ එකාට යකා නැගලා හරුප 2 3කුත් කියාගෙන මුට ගහලා කොහොම හරි දැන් නම වැඩේ ෂේප්.වලියක් දැක්කත් අහක බලාගෙන යන මු ගැන කට්ටියට පුදුමයි අපි නම් කේස් එක දන්නවා මෙච්චර අවුරුදු ගානක් ආමි එකේ ඉදලත් අමි 1 පේන්න බැ.අයින් වුනේත් යුද්දේ ඉවර උනාට පස්සේ අපිට නම් අදටත් හිතා ගන්න බෑ ඇයි කියල

    • මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා, හමුදා සාමාජිකයන් ගැන, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචනා කර ඇති පොතක් ඇසුරෙන්, මා ලියා ඇති, මෙන්න මේ ලිපිය කියවන ලෙස. මට ඔබේ මේ අදහස් සමුදාය දුටු පසුව හිතන්නේ, ඔබේ සහෝදරයා කිසියම් විශාදය තත්වයකින් පෙළෙනවා ඇති කියලයි. ඔහුට ආදරය, සැලකීම, පිළිගැනීම අවශ්‍යයි. ඒ වගේම ඔහුව කිසියම් මනෝවිද්‍යා උපදේශනයකට යොමු කිරීමට හැකිනම්, බොහොම හොඳයි. මොකද අනාගතයේදී ඔහු සමහරවිට මීට වඩා දරුණු ලෙස හැසිරෙන්නට ඉඩ තිබෙනවා.

  10. I’m 35 years old now. working in a private company as a Finance Manager. Part Qualified in Chartered Accountancy & a UK Diploma in Finance. Presidents’ Scout with a good track record in Scouting. Do you think i have a chance to join ? (as i’m not fully qualified in Chartered).

  11. awrudu 25y
    samastha lanka kreeda setificet nethi
    A/L fall kenakta
    army ekata yanna berida

  12. යුධ හමුදාවේන් as una aya nawatha badenna widihak nadda sir.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.