නිශ්ඵල ම අමත්‍යංශය – The most useless ministry

PVT Bus

පඳුරක් ගණනේ ඇති කැබිනට් අමාත්‍යංශ අතර වඩාත් ම ජන පීඩක අමත්‍යංශය පුද්ගලික බස් අමත්‍යංශය යයි සිතේ.කෝප් වාර්තාවෙන් හෙලිදරව් කොට ඇති පරිදි ජනතා මුදල් මිලියන ගණනින් විනාශ කරන රාජ්‍ය ආයතන ඇතත් ජනතාවට දැනෙන වඩාත් ම පීඩාකාරී ආයතනය පුද්ගලික බස් අමත්‍යංශයයි.මා එසේ කියනුයේ මේ ආයතනය තම නඩත්තුව වෙනුවෙන් අති විශාල ජනතා මුදල් සම්භාරයක් වාර්ශිකව ගිලදමනමුත්,එය ජනතාව වෙනුවෙන් සිදු කරණු ලබන අබමල් රේණුවක තරම්වත් සේවාවක් නම් නොපෙනෙන බැවිණි.

කලකට පෙර මෙරට ප්‍රවාහන සහ මහාමාර්ග අමත්‍යංශය නමින් ආයතනයක් විය.එය භාර අමාත්‍යවරයාට ලංගමය,දුම්රිය,පුද්ගලික බස් සේවය මෙන්ම රටපුරා ඇති මහාමාර්ග ද පිලිබද වගකීම පැවරී තිබිණි.එවන් වගකීම් ප්‍රමාණයක් තනි මිනිසෙකුට දැරීම අපහසු යයි අප මොහොතකට සිතමු.(නමුත් දක්ශ පරිපාලකයෙකුට මේවා කිසිසේත් ම අපහසු කාර්යයන් නොවේ).නමුත් අද වනවිට පුද්ගලික බස් රථ ඇමතිතුමා ගේ  වෘත්තීයමය වගකීම ඉතා කුඩා ක්ෂ්‍රේත්‍රයකට ලඝු කොට ඇති බැවින් ඔහුට තම සම්පූර්ණ අවධානය මේ සේවාව වෙත පමණක් ම යොමු කොට එහි ගුණාත්මක භාවය කොතරම් දුරට ඉහල නැංවිය හැකි නොවේද?

නමුත් අදවනවිට අප රටේ පුද්ගලික බස්රථ සේවාව කෙබඳුද?

  • දුරගමන් සේවා හැර කිසිදු පුද්ගලික බස් රථයකින් මගියාට ප්‍රවේශ පත්‍රයක් ලබාදෙන්නේ නැත.(සිනහවට කාරනය නම් 2007 ජනවාරි සිට ටිකෙට් නොමැතිව ගමන් කරන මගීන් ට දඩ ගසන බවට වූ දැන්වීමක් තවමත් සමහර බස්රථ වල ඇලවී තිබීමය).
  • පුද්ගලික බස් සේවාවේ ගුණාත්මක වර්ධනයක් දක්නට ඇත්තේ ම නැත(අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම/කොට කොටා යාම,තරගයට වේගයෙන් ධාවනය කොට අනතුරු සිදු කිරීම,මගීන්ට අවමන් ලෙස සැලකීම,ඉතිරි මුදල් නොදීම ආදී නොමනා ක්‍රියා එලෙසමය).
  • මගීන් ට අමතර පහසුකම් කිසිවක් නොදී ගමන් ගාස්තුව මෙන් එකහමාර ගුණයක් අසාධාරණ ලෙස අයකරන ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් සේවාව එලෙසමය.
  • රාත්‍රී 7.00 න් පසු බොහෝ මාර්ග වල පුද්ගලික බස්රථ ධාවනය වන්නේ ම නැත.
  • මගීන්ට ලැබෙණ ප්‍රතිලාභ කෙසේ වෙතත් අඩුම තරමින් බස්රථ සේවකයන් අර්ථසාධක අරමුදල් හිමි යම් තරමකට හෝ ස්ථාවර රැකියාවකට හිමිකම් නොකියයි.

එසේ නම් මේ අමත්‍යංශය සිදුකරණු ලබන කිසිදු කාර්යයක් ඇත්තේ ම නැතැයි ඔබ සිතන්නේ ද?එය වැරදිය.වරන් වර බස් ගාස්තු වැඩිකිරීමට සක්‍රීයව දායක වන්නේ මෙම අමත්‍යංශයයි.නොවැම්බර් පළමුවෙනිදා සිට 7%කින් යයි කියමින් බස්ගාස්තු වැඩි කළ ද සීයට 7 යන්න හරියට ගණනය කළ හැකි නිලධාරියෙක් වත් මෙහි සිටීදැයි සැකය.

බස්රථ වලට අලුතින් ධාවන බලපත් ලබාදෙන්නේ ද මේ ආයතනයයි.මෙවන් “අමතර ආදායම් මාර්ගයක්“ වත් නොතිබුණා නම් ඇමතිතුමාට සහ ඔහු ගේ නෑදෑයන්ට මැතිවරණ වලට වියදම් කිරීමට මුදල් සොයාගැනීම ද අසීරුවන්නට ඉඩ තිබිණි.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 03/11/2013, in මතවාද. Bookmark the permalink. 6 Comments.

  1. දුරගමන් සේවා හැර කිසිදු පුද්ගලික බස් රථයකින් මගියාට ප්‍රවේශ පත්‍රයක් ලබාදෙන්නේ නැත.// 138 ටේ බොහෝ විට ලබා දෙයි.

    පුද්ගලික බස් සේවාවේ ගුණාත්මක වර්ධනයක් දක්නට ඇත්තේ ම නැත(අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම)// 154 නම් තවමත් අන්තයි. 138 නම් අතීතයට සාපේක්ෂව හොදයි.

    ඔබගේ අදහස් සමග සියයට සියයක් එකග වන්නට නම් බැහැ.

    • ඔබ හොඳ විස්වාශයකින්ද කියන්නේ?ඔබ කියන 138 කඩවත-කොටුව ද කොටුව-මහරගම ද?මගේ අත්දැකීම නම් පුද්ගලික බස් රථ 95%ක් ම ටිකට් දෙන්නේ නෑ.සමහරු මගියා කොහෙන් බැසගියත් ගියත් එකම වටිනාකම ඇති ටිකට් එකක් දෙනවා.මහරගම බස් කොට කොට නොයන්නේ,බස්රථ විශාල ගණනක් ධාවනය වන නිසා වියයුතුයි.ඒත් ටවුන් හෝල් එක ලඟ නවත්තගෙන ඉන්නවා.

  2. උඹ කිව්වා වගේ ඕක තියෙන්නේ “පර්මිට්” දීලා හම්බ කරන්න විතරයි.. ඇමතියා හරකෙක්.. ලේඛම් ගොන් හරකෙක්.. ඌ කතාකරන කොට උම්බෑ උම්බෑ කියලා සද්දයක් එනවා…

  3. ඔතන එක පාරටම හැම කෙටි ගමන් බස් එකටම ඔව්වා වලංගු නොවෙනවා වෙන්න පුලුවන්.කොහොමහරි බස් යනු මහජනයාට සේවයක් සපයන ව්‍යාපාරයක් බවට නම් පත් කළයුතුමයි.මොකද අලුතින් බස් එකක් දැම්මා කියලා ඒකලා මරා ගන්නවා.ඒ වුනාට මිනිස්සුන්ට හොඳ සේවයක් දෙන්න ඒකලා හිතන්නේ නෑ.

  4. අමාත්‍යාංශයත් දොයි….බස් ගැමුණුත් දොයි… අනික් එවුනුත් දොයි….බස් මගී සංගම් උනුත් දොයි…..පොල්ලේ එල්ලිලා යන එවුනුයි…ඩ්‍රයිවරුයි කොන්දයි විතරක් ඇහරලා.

  5. @මාතලන්,ඊයේ පෙරේදා ඉවර වෙච්ච ඡන්දෙදි මෙයා මල්ලිගේ සපෝර්ට් එකට ගිහින් වෙන කාගෙදෝ වාහන කුඩු කරපු හැටි පෙන්නුව මතකයි.
    @මගේනම,වෙනම අමත්‍යංශයක් තිබිලත් කිසිම ප්‍රගතියක් නෑ
    @අරූ,ඇහැරල ඉන්න සේරම එදාවේල හම්බු කරන අය නේද?

    සියලු දෙනාටම ස්තුතියි!

ඔබේ අදහස් දහස් වටී ....................