Blog Portal of Durakatana

නව තාක‍ෂණය දියුණුවීමත් සමග අප රැහැන් රහිත ලොවක් කරා ගමන් කරමින් සිටින්නෙමු. රැහැන් රහිත දුරකථන, රැහැන් රහිත දත්ත හුවමාරුව, රැහැන් රහිත අන්තර්ජාලය රැහැන් රහිත රෑපවාහිනිය මේ රැහැන් රහිත කිරීමේ විප්ලවයේ කොටස්කරුවන්ය. රැහැන් රහිත ලොවේ නවතම විකාශනය වන්නේ රැහැන් රහිත බලශක්තියයි.

nokia සමාගම සිය nokia 920 දුරකථනය g මෙම තාක්ෂණය එක් කර තිබෙන අතර එය සාමාන්‍ය රැහැන් සහිත චාජරයකට සම්බන්ධ කිිරීමකින් තොරව Charge කප හැකිය. ඒ ස‍්හා කල යුත්තේ සමග එන Charger Pad එක විදුලියට සම්බන්ධ කර, දුරකථනය ඒ මතින් තැබීම පමණි.

මෙම Wireless Charging තාක‍ෂණය QI ලෙස හඳුන්වන අතර මෙය චීන වදනකි. මෙහි අර්ථය නම් “ශක්ති කදම්භය” යන්නයි. විදුලිය හා චුම්භකත්වය එක්කොට විද්‍යුත් චුම්භක කලාප පිහිටුවීම මගින් විදුලි ධාරාවක් රැහැන් රහිතව එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේශණය කිරීම QI තාක‍්ෂණයේ පදනමයි.Qi යනු තාක‍ෂණික මූලධර්මයකටත් වඩා තාක‍ෂණික තත්ත්ව පදනමක් වීම වැදගත් කරුණකි. එනම් මෙම තාක‍ෂණය භාවිතා කිරීමට නම් එකම ආකාරයක Hardware Componant දුරකථනවල තිබිය යුතුය. මේ නිසා අනාගතයේ සියලූම රැහැන් රහිතව චාජ් කරවන දුරකථනයක් QI චාජර් පෑඩ් එකක් මගින් ආරොපනය කළ හැකි වනු ඇත. දැනටමත් Nokia, LG, Motorola, HTC, Huawei, Sony සහ Samsung යන සමාගම්‍ මෙම තාක‍ෂණය ඔවුනගේ නව දුරකථන වලට ක්‍රම ක්‍රමයෙන් ඇතුළත් කිරීමෙහි උනන්දුවක් පෙන්නුම් කරති.

qi_charging

මෙම තාක‍ෂණය ක්‍රියා කරන ආකාරය භෞතික විද්‍යාත්මකව නම් එතරමි සංකීර්ණ නොවුනත්, එය වටහා ගැනීම සාමාන්‍ය විද්‍යාත්මක දැනුමක් ඇති අයට තරමක් අපහසු බැවින් මෙය හැකි තරම් සරළ ලෙස විස්තර කරන්නම්.

සාමාන්‍යයෙන් විද්‍යුත් ධාරාවක් නිපදවීමට නම් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් තුළ චලනය වන සන්නායකයක් තිබිය යුතුයි. බයිසිකල් ඩයිනමෝවේ සිට මහා විදුලි උත්පාදක ටර්බයිනයන් දක්වා වන විදුලි ජනනයේ මූලික සිද්ධාන්තය මෙයයි. මෙම සන්නායකය බොහෝ විට තඹ හෝ ඇලූමිනියම් කොයිල් එකක් හෙවත් දඟරයක් වීමට අඩ ඇත.

QI තාක‍ෂණය නියමයන්ට අනුව රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැක්කේ අවම බලයක් සහිත 0 සිට 5w දක්වා වූ විද්‍යුත් ධාරාවකි. විදුලිය සම්ප්‍රේෂණය කිරීමට එක් Transmeter Coil එකක් ද, සම්ප්‍රේෂණය ලබා ගැනීමට Recever Coil එකක් ද, අවශ්‍ය වේ. QI යටතේ විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි දුර මිලි මීටර 5 සිට 40 දක්වා ප්‍රමාණයකි. මෙම Transmeter Coil එක ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධිත Charging Pad එක තුළද, Receiver Coil එක දුරකථනය තුළද පිහිටා තිබේ.

චාජර් පෑඩ් එක විදුලියට සම්බන්ධ කළ විට එහි ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් ධාරාව විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් බවට පත් කරයි. මෙම ක්ෂේත්‍රයේ විශාලත්වය උපරිම වශයෙන් මිලි මීටර 40 ක් (අඟල් 1.6 ක්) පමණ වේ. මෙම චුම්භක ක්ෂේත්‍රය තුළට, සරළව කියතොත් ට්‍රාන්ස්මීටර් කොයලය සහිත අදාල චාජර් පෑඩ් එක උඩින් රිසීවර් කොයල් එකක් සමගම නිපදවා ඇති උපාංගය හෝ දුරකථනය තැබූ විට මෙම කොයිල් දෙක එකිනෙක සම්භන්ධ වේ. ඉන්පසු දුරකථනයේ ඇති රිසීවර් කොයිලයෙන් ඉල්ලා සිටින ප්‍රමානයට චාජර් පෑඩ් එකේ ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් විද්‍යුත් චුම්භක ධාරාව විදුලි ධාරාවක් බවට හරවා දුරකථනයේබැටරියට ආරෝපණය කරනු ලබයි.

බොහෝ දෙනා නොදැන සිටිය ද Qi සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ 2009 තරම් ඈතකදී බව ඔබ දැන ගත යුතුය. එබැවින් මෙය අළුත් තාක‍ෂණයක්වත්, නුපුරුදු දෙයක් හෝ නොව කලක් අතහැර දමා තිබූ තාක‍්ෂණයක් පමණි. නමුත් මෙය ඉදිරියේදී දුරකථන ස‍ඳහා බහුල වශයෙන් භාවිතයට පැමිනීමට ඉඩ ඇත. එසේ වුවහොත් ‍ෆෝන් එක චාජ් කරන්නට ගොස් චාජරයේ පින් චුරකථනයේ චාජර් පෝට් එකට නිසිලෙස සම්භන්ධ නොවීම නිසා වි‍ඳින්නට සිදුවන කරදරයන් නම් නිමා වනු නිසැකය.

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්