Thursday, November 28, 2013

සමොනල ඉසුරෙන් සතරකි ගංගා…(ජැක්සන් , රෝහණ , බන්දුල )

අද ගීතය නම් වේදිකා නාට්‍යය ගීතයක්  මේ ගීතය මදුර ජවනිකා කියන වේදිකා නාට්‍යයේ එන රෝහණ බැද්දගේ , බන්දුල විජේවීර සහ ජැක්සන් ඇන්තනි විසින් ගායනා කරන ගීතයක්.


ශ්‍රී ලංකාව කියන්නේ මම හිතන විදිහටනම් මේ ලෝකේ තියෙන ලස්සනම රට (අපි එක විනාස කරන්නේ නැත්නම් ). ඒ පුංචි ලංකාවේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි සමනල කන්ද , සිරීපාදය කියල කියන්නේ. එකෙන් ගලා යන ගංගා සතරක් තමයි අපි දන්නා විදිහට මහවැලි ගඟ , කලු ගඟ , කැළණි ගඟ, වලවේ ගඟ කියන්නේ. සමහරුන්නම් කියනවා මෙතැනින් ගංගා තුනක් විතරක් සමනල කන්දෙන් එනවා කියල.ඒ මොනවා වුණත් මේ ගීතයෙන් කියවෙනව මේ ගංගා සතර මුහුදට වැටෙන ස්ථාන පවා. අහන්න වටිනා ගීතයක් අහලම බලන්න.

2 අදහස්:

සුලලිත ගී said...

good work Chamila! Keep it up.

If you like, add us on facebook.

තිස්ස දොඩන්ගොඩ said...

ඔබට බොහොම පින් මේ ගීය පලකලාට - ඔබට නිදුක් නිරෝගී සුව පතනවා!

ගීයෙහි පසුබිම ගැන කෙටි සටහන් තබන්නම් ඔබේ සටහන තවත් දිස්න දෙන්න. මේක දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාට්‍යයේ සින්බෑඩ් ගේ චාරිකාව කොටසේ එන ගීයක්... ශ්‍රී පාද සවුදමට අනුව හා සුමන සමන් සව්දම ඇසුරෙන් නිමැවුණු කව් දෙකකට පස්සෙ තමා මේ ගීය එන්නේ... සින්බෑඩ් සවුදි අරාබියෙ ඉඳල එන හින්දයි මෙතනට 'සවුදම්' ගීත ගෙනල්ල තියෙන්නෙ... මේ ගීය නිමැවිලා තියෙන්නේ ඩී වී ලැනරෝල් මහත්තයගෙ කවක් වන 'ලංකා විස්තරය' ට අනුව.. සින්බෑඩ් ආපහු යන්න නැවට නගින කොට තමා මේ ගීය ගැයෙන්නේ... පොඩි පොඩි පොඩි නිවැරදි කිරීම් වෙන්න ඕන පද පෙළට... "පෙළ පෙළ ගජ 'තුරඟුන්' පැන නැංගා.." ඊලඟට "බෝ-විලි ගමනින්.." බොහෝ විලියෙන් යුතුව කියන අර්ථය එන විදිහට පද බෙදෙන්න ඕන.

Post a Comment